Mr.Beanගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය දැක්වෙන ඡායාරූපයක්ද?

Update: 2024-07-22 05:00 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Mr.Bean ලෙස ලොව පුරා ජනාදරයට පත් ප්‍රහසන රංගන ශිල්පියෙක් වන රෝවන් ඇට්කින්සන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

1990 වසරේ දී පෙනුම සහ 2024 වසර වන විට රෝවන් ඇට්කින්සන්ගේ පෙනුම බවට රූප සන්සන්දනයන් බව දක්වමින් හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහන් පෙළකින් පෙන්වා දී තිබුනේ මේ වන විට Mr.Bean අසනීප තත්ත්වයකින් ඉතාමත් දුබලව, ඔත්පල වී පසුවන ආකරයක් හඟවා තිබුණා.

Facebook Link | Archived Link

මෙම සටහන් සිංහල බසින් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :


Mr. Bean ලෙස බොහෝ දෙනා හඳුනන, රෝවන් ඇට්කින්සන් මෙලෙසින් රෝගාතුරු ව අසනීප තත්ත්වයෙන් ඇති බව ට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්දැයි යන්න අප පරීක්ෂා කළා. නමුත් එලෙසින් සඳහන් වූ කිසිදු මාධ්‍ය වාර්තාවක් දැක ගන්නට නොලැබුණි. 

ඉන් පසුව අප පරීක්ෂා කළේ, මාධ්‍ය විසින් මෑතකදී ඔහු සහභාගී වූ වැඩසටහනක් විකාශය කර ඇත්දැයි යන්නයි. ඒ අනුව, මීට සති කිහිපයකට පෙර ෆෝමියුලා වන් ධාවන ඉසව්වකදී රෝවන් ඇට්කින්සන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළ අවස්ථාවක් දැක ගන්නට ලැබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. එම අවස්ථාවේදී ත්, ඔහු ඉතා සෞඛ්‍ය සම්පන්නව සිටින ආකාරයක් දැක ගන්නට ලැබුණා.

Full View

මේ හේතුවෙන් රෝවන් ඇට්කින්සන් අසනීප තත්ත්වයේ බවට දක්වා තිබූ ඡායාරූපය අප reverse Image සෙවුමක් වෙත යොමු කළා.

එහිදී 2020 ජනවාරි 31 වන දින Mirror ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපියක් වෙත අපගේ අවධානය යොමු වුණා. එම පුවත් ලිපියේ දැක්වෙන ඡායාරූපය රෝවන් ඇට්කින්සන්ගේ වර්තමාන ඡායාරූපය බවට දක්වා තිබූ ඡායාරූපයට පසුබිමින් සහ ඇඳ සිටින වස්ත්‍රයෙන් ද, සමාන බවට අපට නිරීක්ෂණය විය.

මේ පුවතට අනුව නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම නිසා කිලෝග්‍රෑම් 45 ක් බරැති Barry Balderstone නම් වයෝවෘද්ධ පුද්ගලයෙකු මිය ගොස් ඇති බව ත්, මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ එම පුද්ගලයා බව ත් දැක ගන්නට ලැබෙනවා.

News Link

එම තොරතුරු සහ ඡායාරූපය රැගත් තව ත් පුවත් ලිපියක් පහතින්. News Link

ඒ අනුව මෙම සත්‍ය ඡායාරූපය සංස්කරණය කරමින් රෝවන් ඇට්කින්සන්ගේ මුහුණත ආදේශ කර ඇති බව Barry Balderstoneගේ සත්‍ය ඡායාරූපය සහ රෝවන් ඇට්කින්සන්ගේ මුහුණ ආදේශ කරමින් සංස්කරණය කර ඇති ඡායාරූප සංසන්දනය කිරීමේදී පැහැදිලි වෙනවා.

Fact crescendo අප දෙමළ මාධ්‍ය කණ්ඩායම විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ කරුණු විමර්ශන වාර්තාව මෙතනින්.

මීට පෙර ද අවස්ථා කිහිපයක දී ම Mr. Bean මිය ගිය බවට ව්‍යාජ පුවත් ලොව පුරා හුවමාරු වී තිබෙන අතර, 2021 වසරේ දී ද අප Factcrescendo කණ්ඩායම ඒ පිළිබඳව ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමසුමක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion:

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, Mr. Bean නැතහොත් රෝවන් ඇට්කින්සන් නමැති රංගන ශිල්පියාගේ වර්තමාන තත්ත්වය ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය ඔහුගේ ඡායාරූපයක් නොව, 2020 වසරේදී මරණයට පත්වූ වෙනත් පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ඇසුරින් සිදුකළ නොමඟ යවන සුළු සංස්කරණයක් බවයි. මීට දින කිහිපයකට පෙර ෆෝමියුලා වන් ධාවන ඉසව්වකදී සම්මුඛ සාකච්ඡාවට අදහස් ලබාදෙන රෝවන් ඇට්කින්සන් හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටිනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:Mr.Beanගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය දැක්වෙන ඡායාරූපයක්ද?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News