චතුරංග අබේසිංහ සමග සිටින්නේ DSI සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ නොවේ!

Update: 2024-07-30 10:43 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කිරීමත් සමග දේශපාලන පක්ෂ විසින් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කරනු ලබනවා. මේ අතර නොමග යන සුළු අන්දමින් ඇතැම් සටහන් පළ වන අතර එවැනි ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

“DSI සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ මහා ව්‍යවසායකයාගේ පැතුමත් මාලිමාවේ ජයග්‍රහණයයි” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

Facebook | Archived Link FB | Archived

මෙම සටහන් සඳහා ප්‍රතිචාර දැක්වූ බොහෝ පිරිස්, ඒ සඳහා සිය ගෞරවාදරයෙන් ප්‍රතිචාර දක්වා තිබුණා.

නමුත් මෙම සටහනේ පෙන්වා දී ඇති ලෙස මෙහි සිටින්නේ DSI සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ද, යන්න පිළිබඳ අප පරීක්ෂාවක් සිදු කළා.

කරුණු පැහැදිලි කිරීම:

කුඩා කාලයේදීම සිය දෙමාපියන් මෙලොවින් සමුගත්ත ද නොපසුබට උත්සාහයක් සහිත DSI නිර්මාතෘවරයා, 1962 වසරේ දී පාවහන් ව්‍යාපාරයක් ලෙස සුළුවෙන් ආරම්භ වූ DSI පවුල් ව්‍යාපාරය, අද වන විට, ටයර්, බයිසිකල්, ඇඟලුම්, රබර් නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ ඇතුළු කිශේත්‍ර රැසක, දේශීය මෙන්ම විදේශීය ගණුදෙනුකරුවන් සඳහා සේවා සපයන සමූහ ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා.

DSI නිල වෙබ් අඩවියේ දැක්වුණේ, එහි නිර්මාතෘ වන්නේ, දියුනුගේ සැම්සන් රාජපක්ෂ නැතහොත් ඩී.එස්. රාජපක්ෂ මහතා බවයි. DSI නම ද බිහිවී තිබෙන්නේ ඒ මහතා ගේ නමින්, එනම් Diyunuge Samson Industries (DSI) ලෙසින්. දැනට ජීවතුන් අතර නැති (1922-1984), මෙම සාර්ථක ව්‍යවසායකයා ගැන ඡායාරූප ඇතුළත් කෙටි වීඩියෝවක් මෙතනින්.

දැනට ජීවතුන් අතර නැති, DSI නිර්මාතෘ, දියුනුගේ සැම්සන් රාජපක්ෂ

එසේම DSI මුලාරම්භයේ සිට අද දක්වාම එහි දියුණුවට තුඩුදුන් අනෙකුත් ප්‍රමුඛතම චරිතය වුයේ, එම සමුහ ව්‍යාපාරයේ සභාපති ධුරය දීර්ඝ කාලයක් හෙබවූ, සැම්සන් මහතාගේ වැඩිමහල් සහ දෙවන පුතුන් දෙදෙනා වන ආචාර්ය සැම්සන් කුලතුංග සහ ආචාර්ය කුලතුංග රාජපක්ෂ මහතායි.

මොවුන් දෙදෙනා ද ඇතුළුව DSI නිර්මාතෘවරයාට පුතුන් පස් දෙනෙකු සහ දියණියන් 3 දෙනෙකු සිටින අතර, ඔවුන් සියලුදෙනාම පාගේ මෙම ව්‍යාපාර කටයුතු සඳහා යම් මටටමකින් එකතු වී තිබෙනවා.

කෙසේනමුත් ඒ කිසිවෙකුත් හෝ ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වන පුද්ගලයා නොවෙයි.

එසේනම් චතුරංග අබේසිංහ සමඟ ඡායාරූපයේ සිටින පුද්ගලයා කවුද ?

අප මේ පිළිබඳව ජාතික ජන බලවේගයේ චතුරංග අබේසිංහගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ ද, මෙම ඡායාරූපයේ සිටින්නේ DSI සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා නොවන බවත්, එහි සිටින්නේ නන්දදාස රාජපක්ෂගේ නැමැත්තාගේ මාමා වන්නේ DSI සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන ඩී. සැම්සන් රාජපක්ෂ මහතා බවයි.

චතුරංග වැඩිදුරටත් පවසන්නේ මෙම ඡායාරූපය තමන්ගේ ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබු අතර එම ඡායාරූපය යොදා ගෙන, තමාගේ හෝ නන්දදාස මහතාගේ අවසරයකින් තොරව, වෙනත් පාර්ශවයක් විසින් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය කර ඇති බවයි.

එසේම DSI සමුහ ව්‍යාපාරයේ පුරෝගාමී චරිතයක් වන, සැම්සන් සහ පුත්‍රයෝ (පුද්ගලික) සමාගමේ මෑතක දී විශ්‍රාම ලත්, දැනට Emeritus සභාපති ලෙස කටයුතු කරන නන්දදාස රාජපක්ෂ ඉහත ඡායාරූපයේ සිටින බවට තහවුරු කෙරෙන ඔහුගේ ඡායාරූපය කිහිපයක් අපට මාධ්‍ය වාර්තා ඔස්සේ ද දැක ගන්නට ලැබුණා. එවැනි වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

එසේම අප වර්තමන් DSI නිල වෙබ් අඩවියේ දක්වා ඇති එහි නිලධාරි මණ්ඩලය පිලිබඳ විස්තර ද පරික්ෂා කර බැලුවා. එහි දක්වා ඇති සභාපති සහ අධක්ෂක මණ්ඩලයේ ද නන්දදාස රාජපක්ෂ මහතාගේ නම සඳහන් වන්නේ නැහැ. එම විස්තරය මෙතනින්.

අප මේ සම්බන්ධයෙන් DSI ප්‍රධාන ශාඛා කාර්යාලයෙන් ද, විමසීමක් කළ අතර මේ පිළිබඳව ඔවුන්ගේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

සැ.යු.: අප ඉහත කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, චතුරංග අබේසිංහ මහතා සමග ඉහත ඡායාරූපයේ සිටින්නේ DSI නිර්මාතෘ නොව සැම්සන් සහ පුත්‍රයෝ (පුද්ගලික) සමාගමේ මෑතක දී විශ්‍රාම ලත්, දැනට Emeritus සභාපති ලෙස කටයුතු කරන නන්දදාස රාජපක්ෂ මහතා බව පමණකි. ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම දේශපාලන මතයක් දැරීමේ අයිතිය ඇති අතර නන්දදාස රාජපක්ෂ මහතාගේ දේශපාලන මතය පිළිබඳව මෙම කරුණු විමර්ශනයෙන් පරීක්ෂාවක් සිදු කර නොමැත.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:චතුරංග අබේසිංහ සමග සිටින්නේ DSI සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ නොවේ!

Fact Check By: Pavithra Sandamali

Result: Insight

Tags:    

Similar News