ලිෆ්ට් තුළ ඉලෙක්ට්‍රික් බයිසිකල් බැටරි පුපුරා යෑම් සම්බන්ධයෙන් ව්‍යාප්ත වන ප්‍රචාර  විශ්ලේෂණය කිරීම.

Update: 2024-09-02 06:07 GMT

ඉලෙක්ට්‍රොනික උපාංග, බැටරි සහ ඒ හා සමාන වස්තු සමහර විට හානි හා අනතුරු ඇති කළ හැකි අතර ඒවා ප්‍රවේශමෙන් හැසිරවීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් නොමඟ යවන සුළු පෝස්ට් ප්‍රචාරය කරමින් අනවශ්‍ය කලබලයක් ඇති කරයි. සාවද්‍ය තොරතුරු වලක්වා ගැනීමට සහ විශ්වාසනීය තොරතුරු මත පදනම් වූ ආරක්ෂිත පියවරයන් සහතික කිරීමට මෙම ප්‍රචාර වල නිරවද්‍යතාවය තහවුරු කිරීම වැදගත් වේ.

සමාජ මාධ්‍ය සටහන් :

සමාජ මාධ්‍යවල ව්‍යාප්ත වන වීඩියෝවක් මූලික කරගත් පොස්ට්වාලින් දැක්වෙන්නේ , චීනයේ ඉලෙක්ට්‍රික් බයිසිකල් බැටරියක් (ඊ-බයික් බැටරියක්) ලිෆ්ට් එකකින් ගෙනයාමට තැත්කිරීමේදී , එහි විදුලි ආරෝපණ අන්තර්ක්‍රියා හේතුවෙන් සෝපානය චුම්බක බැටරියක් බවට පත්වී, බයිසකල් බැටරිය පුපුරා යන බවයි

Full View

FB | Archived

මෙම දර්ශන ශ්‍රී ලංකාවේ WhatsApp භාවිතා කරන්නන් අතර ද පුළුල් ලෙස හුවමාරු වී ඇති අතර මාරාන්තික පිලිස්සුම් තුවාල ඇති කරමින් ලිතියම් බැටරියක් සෝපානයක් තුළ පුපුරා ගිය බිහිසුණු අවස්ථාව පෙන්නුම් කරයි.

එම ක්ලිප් එක TikTok භාවිතා කරන්නන් අතරද පුළුල් ලෙස හුවමාරු විය.

නමුත් ඇත්තටම සිදුවුණේ කුමක්ද? මාරාන්තික පිපිරීමට හේතුව කුමක්ද? අපි සොයා බලමු.

කරුණු පරීක්ෂා කිරීම (Fact Check)

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ 2021 දී චීනයේ ප්‍රථම වරට වාර්තා වූ සිදුවීමකි. අදාළ Key Words භාවිතා කරමින් සිදුකරන ලද Google සෙවීමක් හරහා 2021 සිට ප්‍රකාශිත එම දර්ශන සහිත චීන ප්‍රවෘත්ති වාර්තා කිහිපයක් පරිශීලනය කිරීමට හැකි විය . එවැනි වාර්තා කියවිය හැකියි මෙතැනින් සහ මෙතැනින්

එම දර්ශන භාවිතා කරමින් සිදුකරන ලද වැඩිදුර පර්යේෂණ මගින්, මෑත කාලීන වාර්තා අනාවරණය කරගැනීමට හැකිවූ අතර, මෙම සිදුවීම 2021 දී චීනයේ ගුවැන්ෂු හි (Guangzhou) හයිෂු දිස්ත්‍රික්කයේ (Haizhu District) සිදු වූ බව පෙන්නුම් කරයි. එවැනි වාර්තා මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින් ලබා ගත හැකිය. මෙම කිසිදු වාර්තාවක බැටරියේ චුම්බක ක්ෂේත්‍රය හේතුවෙන් සිදුවන පිපිරීමක් ගැන සඳහන් නොවූ අතර ලිතියම් බැටරි නිසි ලෙස හැසිරවීම සහ බැහැර කිරීම අවධාරණය කර ඇත.

මෙම වාර්තා වලට අනුව, චෙන් නම් පුද්ගලයෙකු තම විදුලි වාහනයේ ලිතියම් බැටරියේ Thermal Runaway (උෂ්ණත්වය වැඩිවීම නිසා ශක්තිය මුදා හැරීම නිසා උෂ්ණත්වය තවත් ඉහළ යාම) තත්ත්වයක් ඇති වීම නිසා ඇති වූ ගින්නකට ගොදුරු විය . 2021 ඔක්තෝම්බර් මාසයේ එක් උදෑසනක, ඔහුගේ බිරිඳ නිවසේ තිබූ වාහන බැටරිය උනුසුම් වන බව දුටු අතර, ඇය එය චෙන්ට දැන්විය. පසුව චෙන් එය සිසිල් කිරීම සඳහා එය ගොඩනැගිල්ලෙන් පිටතට ගෙන යාමට තීරණය කළේය. කෙසේ වෙතත්, ඔහු විදුලි සෝපානය තුළට බැටරිය රැගෙන යාමත් සමඟම එය දුමාරයක් බවට පත් වී පුපුරා ගොස් ගින්නෙන් වෙලී යන ලදී.මෙය දුටු පිරිස් චෙන්ව බේරාගෙන රෝහලට ගෙන ගියද, ඔහු දරුණු පිළිස්සුම් තුවාල, ආශ්වාස තුවාල සහ උග්‍ර, වකුගඩු ආබාධයන්ට ගොදුරු විය. ඔහුගේ වම් ඇසට ද පිළිස්සුම් ඇති වූ අතර පසුව 2021 නොවැම්බර් මාසයේදී (සිද්ධියෙන් මාසයකට පසු) ඔහු නිවසේදී මිය ගියේය.

විදුලි බයිසිකල් හෝ ඒවායේ බැටරි ගෘහස්ථව හෝ විදුලි සෝපානවලට ගෙන ඒම තහනම් කරමින් ෂැංහයි බලධාරීන් නීති සංශෝධනය කළ අතර, පසුව දැනුවත් කිරීමේ අරමුණු සඳහා මෙම වීඩියෝවද නැවත අන්තර්ජාලය හරහා පළ කරන ලදී .

කලකට පෙර, ෂැංහයි බලධාරීන් විසින් ඊ-බයික් බැටරි නිවෙස් ඇතුලේ ගෘහස්ථව තබාගැනීම තහනම් කරන ලද අතර ඊ-බයික් එකලස් කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධ වාණිජ කටයුතු සීමා කරන ලදී. මෙම ක්‍රියාව ගෙන ඇත්තේ වෙනස් කිරීම් සහ අධික උනුසුම් සිදුවීම් නිසා ඇති වූ බහුවිධ බැටරි පිපිරීම් වලින් පසුවය. එවැනි වාර්තා මෙතැනින් සහ මෙතැනින් ලබා ගත හැකිය.

(PMDs) සහ පෙර මෙවැනි සිදුවීම් ගැන විශේෂඥයින්ගේ අදහස් සලකා බලමු.

Personal Mobility Device (PMD)

PMD යනු තනි පුද්ගලයෙක් විසින් ගෙනයාමට හැකි ආකාරයට නිර්මාණය කර ඇති විදුලි මෝටරයකින් බල ගැන්වෙන ඕනෑම උපාංගයකි. මෙම කාණ්ඩයට ඊ-බයික් සහ ඊ-ස්කූටර් ඇතුළත් වේ. PMDs හි ඇති පහසුව නිසා ජනප්‍රිය නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානම් ඇති කරයි, විශේෂයෙන් ඒවායේ බැටරි වෙනස් කර ඇති විට හෝ නුසුදුසු ලෙස නඩත්තු කරන විට.

E-Bike බැටරියක ව්‍යුහය

Ebike බැටරි රැහැන් සටහන, Roy මගින්

ඊ-බයික් බැටරියක්, සාමාන්‍යයෙන් ලිතියම්-අයන (Li-ion) බැටරියක්, ප්‍රධාන සංරචක කිහිපයකින් සමන්විත වේ:

1. කැතෝඩය: ලිතියම් ලෝහ ඔක්සයිඩ් වලින් සාදා ඇත.

2. ඇනෝඩය: සාමාන්‍යයෙන් ලිතියම් ග්‍රැෆයිට් වලින් සාදා ඇත.

3.විභේදකය: අයනික ප්‍රවාහයට ඉඩ දෙමින් ඉලෙක්ට්‍රෝඩ සෘජුවම එකිනෙක සම්බන්ධ වීම වළක්වයි.

4.විද්යුත් විච්ඡේදක: කැතෝඩය සහ ඇනෝඩය අතර ලිතියම් අයන චලනය පහසු කරයි.

Li-Ion Cell එකක ව්‍යුහය: A) බැටරිය ප්‍රාථමික සංරචක හතරකින් සමන්විත වේ: ලිතියම් ලෝහ ඔක්සයිඩ් වලින් සාදන ලද ධන කැතෝඩයක්, සාමාන්‍යයෙන් ලිතියම් ග්‍රැෆයිට් වල සෘණ ඇනෝඩයක්, ඉලෙක්ට්‍රෝඩ වෙන්ව තබන නමුත් ලිතියම් අයන ගලා යාමට ඉඩ සලසන විභේදකය , සහ බැටරිය තුළ ඉලෙක්ට්‍රෝන ගලායාම වළක්වන විද්‍යුත් විච්ඡේදකයකි.බැටරිය සෑදීමේදී ඝන ඉලෙක්ට්‍රොලයිට් අතුරුමුහුණතක් (A solid electrolyte interphase- SEI) ඇනෝඩය මත ආරක්ෂිත තට්ටුවක් සාදයි; B) විසර්ජනය අතරතුර, ලිතියම් අයන ඇනෝඩය දෙසට ගමන් කරයි, ඇනෝඩයේ ඔක්සිකරණය සහ කැතෝඩය ක්ෂයවයාම මේ ඔස්සේ සිදුවේ . C) PMD වල භාවිතා කරන සාමාන්‍ය Li-ion පොලිමර් ඇසුරුමක්; D) එක්ස් කිරණ රූපයක්: බැටරි ඒකකයක බහු ස්ථර ව්‍යුහය පෙන්වයි, සෑම ස්ථරයක්ම ඇනෝඩයක් සහ කැතෝඩ ඒකකයක් ලෙස ක්‍රියා කරයි

පාලිත රසායනික ප්‍රතික්‍රියා මාලාවක් හරහා විද්‍යුත් ශක්තිය ගබඩා කර මුදා හැරීමට මෙම සංරචක එක්ව ක්‍රියා කරයි. වැඩි විස්තර මෙතනින් .

Claim: බැටරි පිපිරීම් සහ සෝපාන අතර කිසියම් සම්බන්ධයක් තිබේද?

සමාන සිද්ධීන් පිළිබඳ පර්යේෂණ සහ විශේෂඥ විශ්ලේෂණයන් පෙන්නුම් කරන්නේ වීඩියෝවේ සදහන් පිපිරීමට හේතුව සෝපානයේ තත්වයට වඩා බැටරියේ තත්වය බවයි. ආශ්‍රිත අධ්‍යයනයන් සහ සිදුවීම් වලින් ප්‍රධාන කරුණු පහතින් :

  1. වෙනස් කළ බැටරි සහ අධික ආරෝපණය 

2021 ජූනි 3 වෙනිදා,සිංගප්පුරුවේ සිදුවූ මිට සමාන සිද්ධියකදී සෝපානයක් ගිනි ගන්නා විට මුහම්මද් ඉර්ෆාන් ඩනිෂ් අසාර් නම් පුද්ගලයෙක් ඔහුගේ PMD සමඟ සෝපානයේ සිට ඇත . (ඡායාරූපය: Lianhe Zaobao File)

ඔහුගේ උපාංගය නිසි බැටරි කළමනාකරණ පද්ධතියක් (Battery Management System- BMS) නොමැතිව, නොගැලපෙන සහ වෙනස් කරන ලද බැටරියකින් බල ගැන්වූ අතර, එය අධික ලෙස උනුසුම් වීමට හා පිපිරීමට ලක්විය . වැඩි විස්තර මෙතනින්

බැටරි අධික ලෙස ආරෝපණය කිරීම සහ වෙනස් කිරීම මඟින් ආරක්ෂිත යාන්ත්‍රණයන් වැළකෙන අතර එමඟින් තාපය ගැලීම සිදු වේ. මෙය අධික උනුසුම් වීම, දැවෙන වායූන් මුදා හැරීම සහ පිපිරීම් වලට මග පාදයි. තවත් කියවන්න

  1. තාප ගැලීම (Thermal Runaway):

Thermal Runaway ක්රියාවලිය අදියර තුනකින්:

(1)බැටරියේ දෝෂ හෝ අකාර්යක්ෂමතා නිසා අභ්‍යන්තර කෙටි පරිපථයක් සෑදීම වැනි හේතු නිසා බැටරිය අධික ලෙස රත් වීම,

(2) LIB අභ්‍යන්තරයේ ශීඝ්‍ර උෂ්ණත්වය ඉහළ යාම, බාහිර තාප ප්‍රතික්‍රියා සහ ගිනිගන්නා වායූන් මුදා හැරීම සිදු කරයි, සහ

(3) මෙම වායූන් දහනය කිරීමට තුඩු දෙන ප්‍රමාණවත් තාප මට්ටම්, පිපිරීමක් ඇති කරයි.

ලිතියම්-අයන බැටරි Thermal Runaway තත්ත්වයට ලක් වේ, අධික තාප ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක් ජනනය කරන තත්වයක් වන අතර එමඟින් බැටරිය අධික ලෙස රත් වී සමහර විට පුපුරා යා හැකිය. විස්තර මෙතනින්

  1. ආරක්ෂිත සහතික:

සිංගප්පූරුවේ රාජ්‍ය හදිසි මරණ පරීක්ෂක Adam Nakhoda උපදෙස් දෙන්නේ ආරක්ෂාව සම්බන්ධ නිසි ප්‍රමිති සහතික සහිත බැටරි භාවිතා කරන ලෙසයි .මෙම සහතික කිරීම් බැටරි පද්ධති සහ විදුලි උපාංග ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කරයි. ඒ සම්බන්ධ විස්තර මෙතනින් .

පර්යේෂණ සොයාගැනීම් (Research Findings):

Peiyi Sun සහ පර්යේෂණ කණ්ඩායම විද්‍යුත් වාහනවල (EVs) අධි ශක්ති Li-ion බැටරි හා සම්බන්ධ ගිනි අවදානම් ඉස්මතු කළහ. මෙම බැටරි වල ඇති තාප ගැලීම අධික ආරෝපණය වැනි ආන්තික තත්වයන් යටතේ ගිනි හා පිපිරීම් ඇති කළ හැකිය. තවත් විස්තර මෙතනින් .

Huang Li විසින් බැටරි ඇසුරුම්වල තාප ගැලීම, වේගවත් ගිනි පැතිරීම සහ බැටරි ඇසුරුමේ සැලසුම හේතුවෙන් ගිනි මැඩපැවැත්වීමේ දුෂ්කරතාවයට හේතු වන බව පෙන්නුම් කරන පරීක්ෂණ සිදු කරන ලදී. ඒ සම්බන්ධ විස්තර මෙතනින් .

John Warner-Levy ගේ සමාලෝචනයෙන් පෙන්නුම් කළේ PMD බැටරිවල අනිසි ලෙස හැසිරවීම සහ වෙනස් කිරීම් පිලිස්සුම් තුවාල සහ ගිනි ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරන බවයි. ඒ සම්බන්ධ විස්තර මෙතනින් .

Li-ion බැටරි පිපිරීම් වලට තුඩු දෙන විද්‍යුත් රසායනික මාර්ග පිළිබඳව M.K.H. Hsieh සාකච්ඡා කළ අතර, එවැනි සිදුවීම් වලක්වා ගැනීම සඳහා නිසි බැටරි භාවිතය සහ ආරක්ෂක ප්‍රමිතීන් පිළිපැදීමේ වැදගත්කම අවධාරණය කළේය. ඒ සම්බන්ධ විස්තර මෙතනින් .

EV බැටරි හැසිරවීම සඳහා ප්‍රායෝගික ආරක්ෂණ විධි

EV බැටරි නිවැරදිව හැසිරවීම සහ ආරෝපණය කිරීම, ආරක්ෂාව සහ කල්පැවැත්ම සහතික කිරීම සඳහා ඉතා වැදගත් වේ. මතක තබා ගත යුතු ප්‍රායෝගික උපදෙස් කිහිපයක් මෙන්න:

නිවැරදි ආරෝපණය භාවිතා කරන්න: සෑම විටම ඔබේ EV සමඟ එන චාජරය හෝ නිෂ්පාදකයා විසින් නිර්දේශ කරන ලද එකක් භාවිතා කරන්න. නොගැලපෙන චාජර් භාවිතා කිරීම අධික ලෙස ආරෝපණය කිරීම හෝ උනුසුම් වීමට හේතු විය හැක, ගිනි හෝ පිපිරීමේ අවදානම වැඩි කරයි.

අධික ආරෝපණයෙන් වළකින්න: ඔබේ EV බැටරිය සම්පූර්ණ ආරෝපණය වූ පසු එය පේනුගත කර තබන්න එපා. අධික ලෙස ආරෝපණය කිරීම බැටරිය ආතතියට පත් කළ හැකි අතර thermal runaway සඳහා මග පාදයි. බොහෝ නවීන EV වල වැඩිපුර ආරෝපණය වීම වැළැක්වීම සඳහා ගොඩනඟන ලද පද්ධති ඇත, නමුත් එය සම්පූර්ණයෙන්ම ආරෝපණය වූ පසු බැටරිය විසන්ධි කිරීම හොඳ පුරුද්දකි.

ආරෝපණ තත්ත්‍වයන් නිරීක්ෂණය කරන්න: හොඳින් වාතාශ්‍රය ඇති ප්‍රදේශයක, ගිනිගන්නා ද්‍රව්‍යවලින් බැහැරව ඔබේ බැටරිය ආරෝපණය කරන්න. මෙය බැටරියේ ක්‍රියාකාරීත්වයට සහ ආරක්ෂාවට බලපෑ හැකි බැවින්, අතිශය උණුසුම් හෝ සීතල උෂ්ණත්වවලදී ආරෝපණය කිරීමෙන් වළකින්න. ඉතා මැනවින්, කාමර උෂ්ණත්වයේ දී ඔබේ බැටරිය ආරෝපණය කර ආරෝපණය සදහා බැටරිය තබන ප්‍රදේශය වියළි සහ පිරිසිදු බව සහතික කර ගන්න.

බැටරිය නිතිපතා පරීක්ෂා කරන්න: ඉදිමීම හෝ කාන්දු වීම වැනි හානියක සලකුණු සඳහා ඔබේ බැටරිය පරීක්ෂා කරන්න. ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම්, බැටරිය භාවිතා නොකරන්න, උපදෙස් සඳහා නිෂ්පාදකයා අමතන්න. හානියට පත් බැටරි ගිනි තැබීමට හෝ පිපිරීමට වැඩි අවදානමක් ඇත.

ආරක්ෂිතව බැටරි ගබඩා කරන්න: භාවිතයේ නොමැති විට, ඔබේ බැටරිය සෘජු හිරු එළිය සහ තාප ප්‍රභවයන්ගෙන් ඈත්ව සිසිල් වියළි ස්ථානයක ගබඩා කරන්න. උෂ්ණත්වය උච්චාවචනය විය හැකි ස්ථානය වල බැටරිය ගබඩා කිරීමෙන් වළකින්න, මෙය කාලයත් සමඟ බැටරිය පිරිහීමට ලක් විය හැක.​

ප්‍රවේශමෙන් හසුරුවන්න: බැටරිය වැටීමෙන් හෝ භෞතික කම්පනවලට ලක් කිරීමෙන් වළකින්න. භෞතික හානි බැටරියේ ආරක්ෂාවට හානි කළ හැකි අතර අනතුරුදායක තත්ත්වයන් ඇති කරයි. බැටරිය හදිසි අනතුරකට ලක්වුවහොත් හෝ සැලකිය යුතු බලපෑමක් ඇති කරන්නේ නම්, එය නැවත භාවිතා කිරීමට පෙර වෘත්තිකයෙකු විසින් එය පරීක්ෂා කරන්න.

මෙම ආරක්ෂිත ඉඟි අනුගමනය කිරීමෙන්, පරිශීලකයින්ට EV බැටරි සමඟ සම්බන්ධ අවදානම සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය. මෙම බැටරි ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීම සහ සුදුසු පූර්වාරක්ෂාවන් ගැනීම ඒවා විද්‍යුත් වාහන සඳහා ආරක්ෂිත සහ විශ්වාසනීය බලශක්ති ප්‍රභවයක් ලෙස පවතින බව සහතික කරයි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

ඉහත තොරතුරුවලට අනුව, ඊ-බයික් බැටරියක විද්‍යුත් ආරෝපණය හේතුවෙන් සෝපානයක් චුම්බක බැටරියක් බවට පත් විය හැකි බවට වන ප්‍රකාශය නොමඟ යවන අතර කිසිදු විද්‍යාත්මක පිටුබලයක් නොමැත. සැබෑ ප්‍රශ්නය පවතින්නේ බැටරි වෙනස් කිරීම සහ අධික ලෙස ආරෝපණය කිරීම තුළ වන අතර එය thermal runaway සහ පිපිරීම් වලට තුඩු දිය හැකිය. මෙවැනි අනතුරුදායක සිදුවීම් වළක්වා ගැනීම සඳහා නිසි නඩත්තුව, සහතික කළ උපාංග භාවිතය සහ ආරක්‍ෂිත ප්‍රමිතීන් පිළිපැදීම ඉතා වැදගත් වේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලිෆ්ට් තුළ ඉලෙක්ට්‍රික් බයිසිකල් බැටරි පුපුරා යෑම් සම්බන්ධයෙන් ව්‍යාප්ත වන ප්‍රචාර විශ්ලේෂණය කිරීම

Fact Check By: Rashmitha Diwyanjalee

Result: Misleading

Tags:    

Similar News