පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් වීමේ ක්‍රමවේදය

Update: 2024-10-08 12:39 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.


1978 ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය හා මැතිවරණ දිස්ත්‍රික්කයන් පූර්ණ වෙනසකට ලක් විය. ඊට පෙර ක්‍රියාත්මක ‌වූ, කේවල ආසන ක්‍රමයේදී, ඡන්ද ‌කොට්ඨාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අ‌පේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් වේ. කේවල ආසන ක්‍රමය පසුව සමානුපාතික නි‌යෝජන ක්‍රමයක් බවට ‌පරිවර්තනයට ලක් විය.

එක් එක් දිස්ත්‍රික්කය සඳහා ලැබෙන මන්ත්‍රීධූර ප්‍රමාණය තීරණය කරන්නේ දිස්ත්‍රික් පදනම සහ පළාත් පදනම යන සාධක අනුවය. දිස්ත්‍රික් පදනම අනුව, දිස්ත්‍රික්කයකට ලැබෙන මන්ත්‍රී ධූර ප්‍රමාණය තීරණය කිරීමේදී එම දිස්ත්‍රික්කයේ සිටින ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව සලකා බලයි. පළාත් පදනමෙන් දිස්ත්‍රික්කයකට මන්ත්‍රීධූර ප්‍රමාණය වෙන්කිරීම, 96 (4) වගන්තිය මගින් පාර්ලිමේන්තුවේ වෙන්කර ඇති ලකුණු අනුව සිදු කරයි. 1978 ව්‍යවස්ථාව මඟින් හඳුන්වා දුන් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ, ශ්‍රී ලංකාව දිස්ත්‍රික් පදනම මත පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්කරගන්නා ක්‍රමයක් භාවිතා කරයි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 196 ක් මැතිවරණ දිස්ත්‍රික්කවලින් පත් කර ගැනීමට නියමිතය. එක් එක් දිස්ත්‍රික්කය සඳහා පත්වන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව ගණනය කිරීම සුවිශේෂි ක්‍රමවේදයකට අනුව සිදුකරයි.

මන්ත්‍රී ධූර සංඛ්‍යාව ගණනය කිරීමේ ක්‍රමවේදය

මෙම ක්‍රමවේදය අනුව මුලින්ම රට තුළ ලියාපදිංචි මුළු ඡන්ද දායකයන් සංඛ්‍යාව, 160 වන මැතිවරණ බල ප්‍රදේශ ප්‍රමාණයෙනුත් බෙදන ලදි. එවිට, “පරිමිත ඡන්ද ප්‍රමාණය” නම් අගයක් ලැබේ.

2024 වසර වන විට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ මුළු සංඛ්‍යාව: XXXX

පරිමිත ඡන්ද ප්‍රමාණය: XXXX ÷ 160 = XX

2024 වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය = XXX

මැතිවරණ දිස්ත්‍රික්ක ක්‍රමයෙන් තෝරාපත්වන මන්ත්‍රීධුර ප්‍රමාණය =XXX/XX

=X

මේ අනුව, දිස්ත්‍රික් ක්‍රමය අනුව කොළඹ දිස්ත්‍රික්කයට මන්ත්‍රීධුර X ප්‍රමාණයක් හිමි වේ.

එකිනෙකාගේ දිස්ත්‍රික්ක තුළ සිටින ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය, මෙම පරිමිත ඡන්ද ප්‍රමාණයෙන් බෙදා, එම දිස්ත්‍රික්කයට පත්වන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගණනය කරයි.

පළාත් පදනම යටතේ සියලු පළාත්වලට මන්ත්‍රීධූර 36ක් වෙන් වී තිබේ. ඒ අනුව එක් පළාතකට මන්ත්‍රී ධූර 4ක් එම පදනම යටතේ වේ.

1. බස්නාහිර පළාත

කොළඹ දිස්ත්‍රික්කය- 2, ගම්පහ දිස්ත්‍රික්කය- 1, කළුතර දිස්ත්‍රික්කය- 1

2. මධ්‍යම පළාත

මහනුවර දිස්ත්‍රික්කය- 1, මාතලේ දිස්ත්‍රික්කය- 1, නුවරඑළිය දිස්ත්‍රික්කය- 2

3. දකුණු පළාත

ගාල්ල දිස්ත්‍රික්කය- 1, මාතර දිස්ත්‍රික්කය- 1, හම්බන්තොට දිස්ත්‍රික්කය- 2

4. උතුරු පළාත

යාපනය දිස්ත්‍රික්කය- 1, වන්නි දිස්ත්‍රික්කය- 3

5. නැගෙනහිර පළාත

මඩකලපුව දිස්ත්‍රික්කය-1, දිගාමඬුල්ල දිස්ත්‍රික්කය- 2, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය- 1

6. වයඹ පළාත

කුරුණෑගල දිස්ත්‍රික්කය- 2, පුත්තලම දිස්ත්‍රික්කය- 2

7. උතුරු මැද පළාත

අනුරාධපුර දිස්ත්‍රික්කය- 2, පොළොන්නරුව දිස්ත්‍රික්කය- 2

8. ඌව පළාත

බදුල්ල දිස්ත්‍රික්කය- 2, මොණරාගල දිස්ත්‍රික්කය- 2

9. සබරගමුව පළාත

රත්නපුර දිස්ත්‍රික්කය- 2, කෑගල්ල දිස්ත්‍රික්කය- 2




කොළඹ දිස්ත්‍රික්කයට ලැබෙන සමස්ත මන්ත්‍රීධූර ප්‍රමාණය = X+2 = X1ක් වේ. ජනගහන වෙනස්වීම අනුව, සාමාන්‍යයෙන් යම් දිස්ත්‍රික්කයකට ලැබෙන ආසන ප්‍රමාණය කලින් කලට වෙනස් වේ.

1988 වසරේදී ගෙන ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය මඟින් පාර්ලිමේන්තුව සඳහා පත්කරගන්නා මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 225 දක්වා වැඩි විය. එහි දී හඳුන්වා දුන් ජාතික ලැයිස්තුව නම් ක්‍රමවේදය තුළින් තවත් මන්ත්‍රීවරුන් 29 දෙනෙකුට පර්ලිමේන්තුවට පිවිසීම සඳහා අවස්ථාව හිමි විය.ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර බෙදී යන්නේ ඒ ඒ දේශපාලන පක්ෂ ලබාගත් සමස්ත ඡන්ද ප්‍රමාණය අනුවයි.

ඒ ඒ දේශපාලන පක්ෂ අනුව ආසන බෙදී යන ආකාරය (මැතිවරණ දිස්ත්‍රික්ක /කොට්ඨාස ) තුල ,

කිසියම් දේශපාලන පක්ෂයක් මැතිවරණ දිස්ත්‍රික්කයකින් ලබාගත් ඡන්ද ප්‍රමාණය අදාල දිස්ත්‍රික්කයේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් 5% ට වඩා අඩුනම් අදාල දේශපාලන පක්ෂයට මන්ත්‍රී ආසන නොලැබේ .

අපේක්ෂකයන් තෝරා පත්කරගන්නා ආකාරය

මුලින්ම 5% ට අඩු පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව අදාල මැතිවරණ දිස්ත්‍රික්කයේ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් අඩු කරනු ලැබේ .අපි ඉතිරිවන ඡන්ද ප්‍රමාණයට P යයි කියමු.ඉන් අනතුරුව අදාළ දිස්ත්‍රික්කය සදහා වෙන්කර ඇති මුළු ආසන ප්‍රමාණයෙන් එකක් අඩුකර ,,එම අංකය Y ලෙස ගනිමු.ඉන් අනතුරව P/Y ලෙස කිසියම් අංකයක් ලබාගනී .එම අංකය අප R ලෙස හදුන්වමු.ඒ ඒ දේශපාලන පක්ෂයට හිමි ආසන ප්‍රමාණය ගණනය කරන්නේ ඔවුන් අදාළ මැතිවරණ දිස්ත්‍රික්කය තුළ ලබාගත් ඡන්ද ප්‍රමාණය R වලින් බෙදීමෙනි.වැඩිම ඡන්ද ලබාගත් පක්ෂයට බෝනස් ආසනය හිමිවේ .

2010 සිට 2020 මහ මැතිවරණයන්හි, ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව ට තේරී පත් වූ ආකාරය

Full View

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok


 


Tags:    

Similar News