හිටපු මන්ත්‍රී අංගජන් රාමනාදන්, රාජ්‍ය සේවකයෙකුට කම්මුල් පහරක් ගැසු බවක් පෙන්වන වීඩියෝවේ ඇත්ත කතාව!

Update: 2024-10-16 08:33 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Full View

යාපනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ද තරග කරන, අංගජන් රාමනාදන් මහතා, රජයේ සේවකයෙකුට කම්මුල් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

යාපනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයෙකුට කම්මුල් පහරක් එල්ල කළ බවට සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Full View

Facebook

මෙය WhatsApp ඔස්සේ බහුලව සංසරණය හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා කටයුතු කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ එම අවස්ථාවේදී සිදු වන කතා බහක හෝ එම පහර දීම සිදුවන ස්ථානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් එම වීඩියෝවෙන් දැක ගන්නට නොලැබේ.

එමෙන් ම මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරාවක හෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් විසින් මෙලෙසින් රාජ්‍ය සේවකයෙකුට ප්‍රහාරයක් එල්ල කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් හෝ වාර්තා වී නොතිබුණි.

මේ හේතුවෙන් ඉහත වීඩියෝවේ රූප රාමු අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

ඒ අනුව මෙය මෙරට වීඩියෝවක් නොව ඉන්දියාවේ වීඩියෝවක් බවත්, එම වීඩියෝවේ දැක්වෙන්නේ ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර බැංකුවේ Warud බෝග ණය, රජයේ සහනාධාර ආදී විවිධ බැංකු සේවා ලබා ගැනීමට පැමිණෙන ගොවීන්ට ශාඛා කළමණාකාරවරයා සහයෝගය නොදක්වා හිරිහැර කිරීම හේතුකොට ගෙන Swabhimani Shetkari Sanghatana හි තරුණ අංශයේ සභාපති Mayur Borde විසින් බැංකු ශාඛා කළමනාකරුට පහර දෙන අයුරියි. ඒ සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මස දී පළ වන ඉන්දීය ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

මෙම අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝව පිළිබඳ ඉන්දීය මාධ්‍ය වාර්තා කළ අවස්ථාවක් මෙතනින්.

එම සිදුවීමේ මුල් දර්ශන ඇතුළත් වීඩියෝව 2024 අගෝස්තු මස ඉන්දියාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු අයුරු පහතින්.

Full View

ප්‍රාදේශිය වාර්තාකරුවන්

අප කණ්ඩායම යාපනයේ විශේෂයෙන්ම අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයා ජීවත් වන ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙන් ම ගම්වාසීන් කිහිප දෙනෙකුගෙන් විමසීමක් කළේ, හිටපු මන්ත්‍රීවරයා විසින් මෙවැනි ප්‍රහාරයක් සිදු කර ඇති බව ට තොරතුරු වාර්තා වී ඇත්ද යන්නයි. ඔවුන් තහවුරු කළේ, මන්ත්‍රීවරයා සම්බන්ධ එවැනි කිසිදු සිදුවීමක් සිදු නොවූ බවයි. මෙම වීඩියෝව ශ්‍රී ලංකාවේ කිසිදු රාජ්‍ය නිලධාරියෙකු හෝ ප්‍රාදේශීය සේවකයෙකු සම්බන්ධ නොවන බවයි.

හිටපු මන්ත්‍රී අංගජන් රාමනාදන්

එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන අංගජන් රාමනාදන් හිටපු මන්ත්‍රීවරයා එම වීඩියෝවට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එය ඉන්දියාවේ වීඩියෝවක් බවට ත් අප කළ විමසීමේදී තහවුරු කළා. ඔහු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කළේ, තමන් සම්බන්ධයෙන් වැරදි තොරතුරු පතුරුවා හැරීමට මෙම වීඩියෝව හිතාමතා තමාගේ නම ඈදා ගැනීමට කළ උත්සාහයක් ලෙසයි.

අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයා 2024 පාර්ලිමේන්තු මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් යටතේ තරග කරයි. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) යටතේ මීට පෙර පැවති පාර්ලිමේන්තු දෙකෙහිම කටයුතු කර ඇත. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්.

සමාජ මාධ්‍ය වීඩියෝව සහ අංගජන් රාමනාදන්

එමෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වීඩියෝවේ දැක්වෙන පුද්ගලයා සහ මෙරට හිටපු මන්ත්‍රී අංගජන් රාමනාදන්ගේ රූපයේ සමාන කම් දැකිය හැකි බැවින්මෙම වීඩියෝ පටය ජනතාව නොමඟ යැවීමට භාවිත කිරීම එක් ප්‍රධාන හේතුවක් විය හැකි බව මෙහිදී පෙන්වා දිය හැක.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

යාපනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් රජයේ සේවකයෙකුට කම්මුල් පහරක් ගැසූ සඳහන් කරන අවස්ථාවක් බවට පෙන්වා දෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව නොමග යවන සුළු වීඩියෝවක්. මෙම සිදුවීම ඉන්දියාවේ වූ සිදුවීමක් වන අතර මෙහි සිටින්නේ හිටපු මන්ත්‍රී රාමනාදන් නොවේ.

Claim :  හිටපු මන්ත්‍රී අංගජන් රාමනාදන් රාජ්‍ය සේවකයෙකුට කම්මුල් ප්‍රහාරයක් එල්ල කළ බවට පළ වන වීඩියෝවේ ඇත්ත!
Claimed By :  Social Media Users
Fact Check :  FALSE
Tags:    

Similar News