කුලියාපිටිය, මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ වර්තමාන තත්ත්වය දැක්වෙන ඡායාරූපයක් ද?

Update: 2024-09-30 09:08 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.


Full View

පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණු, කුලියාපිටිය, මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ මෙහෙයුම් මේ වන විට අඩපණ වී ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් :

ඉදිකර ඇති මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාව මේ වන විට තත්ත්වය බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණා.


මෙහි නිරවද්‍යතාව සෙවීමට අප කටයුතු කළේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

කුලියාපිටිය ඉදිකර ඇති වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි පෞද්ගලික සමාගමේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාව පසුගිය සැප්තැම්බර් 17 වන දා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අතින් විවෘත කෙරුණා.

නමුත් මෙම සමාගමේ මෙහෙයුම් කටයුතු මේ වන විටත් නැවතී ඇති බවට හඟවමින් සහ දැනට වාහන එකලස් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින්නේ දැයි විමසමින්, සමාජ මාධ්‍ය සටහන් සංසරණය වීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අප Western Automobile Assembly (Pvt) Ltd ආයතනයෙන් එහි වර්තමාන කටයුතු පිළිබඳව විමසීමක් සිදුකළා.

දේශිය කාර්මික ශිල්පීන් 110කුත් චීන ජාතික කාර්මික ශිල්පීන් 20 දෙනෙකුගෙනුත් සැදුම්ලත් කණ්ඩායමක් දැනටමත් මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු බව තහවුරු කරමින් එම ආයතනයේ පාලනාධිකාරිව පවසා සිටින්නේ මේ වන විට නිෂ්පාදනය කෙරෙන වෑන් රථ ලබන ඔක්තෝම්බර් මස අවසානයේ දී ඔවුන්ගේ කොළඹ පිහිටි ප්‍රදර්ශනාගාරයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි කියලයි.

එසේම, වෙස්ටර්න් ඔටෝමොබයිල් කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු නැවතී ඇති බව ට පෙන්වා දීමට උත්සහ දරා තිබූ ඡායාරූපය මෙරට කර්මාන්ත ශාලාවට කිසිදු සබඳතාවයක් නොමැති චීනයේ පිහිටා ඇති වානේ සමාගමක ඡායාරූපයක් බවට ද අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ විමර්ශනයේදී නිරීක්ෂණය වුණා.


2015 වසරේදී සෙනොක් ඔටෝමොබයිල්ස් සමාගමේ මූලිකත්වයෙන් ජර්මනියේ වොක්ස්වැගන් කර්මාන්තශාලාව අතර ඇති කරගත් එකඟතාවකට අනුව මෙම කර්මාන්තශාලාව පිහිටුවීම ආරම්භ කළා. පැවැති යහපාලන රජයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙපළ 2017 වසෙර්දී මේ සඳහා මුල් ගල් තබා තිබුණා.

කෙසේ වෙතත් වොක්ස්වැගන් සමාගම මෙම එකඟතාවෙන් ඉවත් වූ අතර, පසුව මෙම කර්මාන්තශාලාව මෙලෙස ‘වෙස්ටර්න් ඔටෝමොබයිල්’ ලෙස නම් වෙනස් කෙරුණා.

වොක්ස්වැගන් සමාගම මින් ඉවත් වීම ගැන සමාජයෙ දැනුවත් නොවීම හේතුවෙන් බොහෝ පිරිසක් කුලියාපිටියේ තිබෙන්නේ වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් කියලත් නොමග ගොස් තිබුණා.

කෙසේ වෙතත් වොක්ස්වැගන් කාර් රථ නිපදවීමක් හෝ එකලස් කිරීමක් මෙම කර්මන්තශාවේ සිදු නොවන අතර ජර්මනියේ වොක්ස්වැගන් ආයතනය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බව ත්, ඔවුන් අපට තහවුරු කළා.

Also read : කුලියාපිටිය මෝටර් රථ කර්මාන්තශාලාවේ වොක්ස්වැගන් කාර් එකලස් කරන්නේ නැත!

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Claim :  කුලියාපිටිය, මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ වර්තමාන තත්ත්වය දැක්වෙන ඡායාරූපයක් ද?
Claimed By :  Social media
Fact Check :  FALSE
Tags:    

Similar News