Dilmah ආයතනයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට වාර්ෂිකව කප්පම් ගෙවු බවට හුවමාරු වන ව්‍යාජ ලිපියක්

Update: 2024-09-14 00:02 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ලංකාවේ මැතිවරණ සමය ආසන්න වත්ම ජාතික ජන බලවේගය සහ ඇතැම් පුද්ගලික ආයතන සම්බන්ධ කරගනිමින් විවිධාකාරයේ නොමගයවන සුළු සහ ව්‍යාජ සටහන් සමාජ ජාලාවල පැතිරෙන්න පටන් ගෙන තිබෙනවා.මේ එවන් සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකර කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

2021 වසරේදී ඩිල්මා ආයතනය මගින් ජාතික ජනබලවේගයේ ප්‍රධාන පාර්ශවකරුවෙක් වන ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට රුපියල් මිලියන 40 ක කප්පම් ලබාදීමක් සම්බන්ධව එහි නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතාගේ අත්සන සහිතව යවන ලද ලිපියක් ලෙසට ලිපියක් සමාජ ජාලාවල පැතිරෙනවා .

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

මෙවැනි ලිපියක් පිලිබදව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර ඇතිද යන්න අප විමසා බැලුවා. නමුත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ.

ඉන්පසුව අප ඩිල්මා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දිල්හාන් ප්‍රනාන්දුගෙන් මේ පිලිබදව විමසා බැලුවා. ඔහු පැවසුවේ මෙම ලිපිය ව්‍යාජ ලිපියක් බව සහ එහි නිර්මාතෘ සහ මේ වන විට අභාවප්‍රාප්ත මෙරිල් ජේ ප්‍රනාන්දු මහතාගේ අත්සන, ව්‍යාජ ලෙස ඩිල්මා සමාගමේ ලිපි ශීර්ෂයක යොදාගනිමින් මෙම සංස්කරණය සිදුකර ඇති බවයි.
අප ද ඩිල්මා සමාගමයේ නිර්මාතෘ, අභාවප්‍රාප්ත මෙරිල් ජේ ප්‍රනාන්දු මහතාගේ අත්සන පිළිබඳව සොයා බැලු විට, එම අත්සන සමාගමේ වෙබ් අඩවියේ මෙලෙසින් දැක ගන්නට ඇති බව පෙනී යනවා. Founders Message

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එම ලිපිය ව්‍යාජ බවට එම ආයතනය විසින් ද, දන්වා තිබුණේ මෙලෙසින්.




තවද මෙම ලිපිය ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ වෙත යොමු කර ඇති බවක් දක්වා තිබෙන බවින් අප ඔහුගෙන් ද මේ පිළිබඳව විමසීමේ දී සඳහන් කර සිටියේ මෙය සම්පුර්ණයෙන්ම ව්‍යාජ සටහනක් බවයි.

එහි මෙම ලිපිය ව්‍යාජ ලිපියක් බවට ඩිල්මා සමාගමේ සමාගම් ලේකම් ගේ අත්සනින් යුත් ලිපියක් ද ඇතුළත් කර, මෙම ව්‍යාජ ලිපිය පිලිබඳව ඔහු ෆේස්බුක් සටහනක් පළකර තිබුනේ මෙලෙසින්.

Full View.

එහි මෙම ලිපිය ව්‍යාජ ලිපියක් බවට ඩිල්මා සමාගමේ සමාගම් ලේකම් ගේ අත්සනින් යුත් ලිපියක් ද ඇතුළත් කර තිබෙනවා.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

නිගමනය

ඩිල්මා ආයතනය මගින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට 2021 වසරේ දී මුදල් ප්‍රදානය කරන ලද බවට යවන ලද ලිපියක් බවට හුවමාරු වන්නේ ව්‍යාජ ලේඛනයක් බවට Dilmah ආයතනයේ පාලනාධිකාරිය සහ එම ලිපිය යොමු කර ඇති තැනැත්තා වන වසන්ත සමරසිංහ ද අවධාරණය කර සිටිනවා.

Claim :  ඩිල්මා ආයතනයෙන් ජවිපෙට කප්පම් !!ලිපියක් ...
Claimed By :  Social Media Users
Fact Check :  -
Tags:    

Similar News