ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම සම්බන්දයෙන් පසුගිය ජනාධිපතිවරණ කාල සීමාව තුල විශාල ලෙස කරුණු හුවමාරු විය. නැවතත් එලෙසම MCC සම්බන්ධයෙන් කරුණු සමාජ මාධ්‍ය තුල හුවමාරු වේ.

දෙසැම්බර් 16 උදැසන ඇමරිකාව සහ ලංකාව අතර MCC ගිවිසුම අත්සන් කරන බව සදහන් කරමින් සටහන් සමාජ මාධ්‍ය තුල සටහන් රැසක් හුවමාරු වෙමින් පවතියි. ජනාධිපතිවරණ කාල සීමාවේදී සමාජ මාධ්‍ය තුල MCC සම්බන්දයෙන් හුවමාරු වූ අසත්‍ය කරුණු සම්බන්දයෙන් අපි මිට පෙර තොරතුරු විමර්ශනය කර ලිපියක්ද පලකරනු ලැබුවා.

“දෙසැම්බර් 16 උදැසන 10.46 ඇමරිකාව සහ ලංකාව අතර ථෙතිහාසික MCC ගිවිසුම අත්සන් කරන වගයි. නැද්ද කිරිබත්, නැද්ද??” සමාජ මාධ්‍ය තුල හුවමාරුවන එබඳු එක සටහනක් පහතින්.

Facebook LinkArchived Link

සමාජ මාධ්ය තුල හුවමාරුවන තවත් සටහනක්

Facebook LinkArchived Link

MCC ගිවිසුම අත්සන් කිරීමට දින නියමකර ඇතැයි පලවන ට්විටර් සටහනක් පහතින්.

Twitter LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

විශාල ලෙස මෙම ගිවිසුම සම්බන්දයෙන් සමාජ මාධ්‍ය තුල කරුණු හුවමාරු වන බැවින් , අප මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලනු ලැබුවා.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම ඇමෙරිකා එක්සත් ජනපදය සමග දෙසැම්බර් මස 16 දින අත්සන් නොකරන බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා සහ ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා රජයේ පුවත් දෙපාර්තමේන්තුවේ දී කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පවසා සිටියා (වීඩියෝව මිනිත්තු 34 - 42)

News.lk Live Video

රටට අහිතකරන කිසිම ගිවිසුමක් අත්සන් නොකරන බවත් MCC ගිවිසුම සමාලෝචනය කරමින් සිටින බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා තවදුරටත් සඳහන් කළේය.

Ada LinkArchived Link

MCC එම්.සී.සී හෙවත් අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට නිශ්චිත දිනයක් හෝ කාලසීමාවක් නැතැයි මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. නිව්ස්ෆස්ට් Newsfirst ඊමේල් මගින් කළ විමසීමකට තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වමින් ඒ බව පවසා තිබේ.

Newsfirst LinkArchived Link

ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ඉකුත් රජය විසින් අත්සන් කිරීමට සූදානම් වූ Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ ගිවිසුම් පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බවත් එතෙක් අදාළ ගිවිසුම්වලට එළඹීමට රජය කිසිදු පියවරක් නොගන්නා බවත් නීතිපතිවරයා අද(13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Ada Derana LinkArchived Link

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප විසින් MCC ආයතනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නේවාසික අධ්‍යක්ෂ මහතා සමග සම්බන්ධ වීමේදී අපට දැනගන්නට ලැබුණේද රජය දැනට ගිවිසුම සමාලෝචනය කරමින් සිටින බවයි. ගිවිසුම අත්සන් කළ යුත්තේ යම්කිසි දිනයකට පෙර යැයි නිශ්චිත දිනයක් නොමැති අතර කෙටුම්පත් ගිවිසුම සමාලෝචනය කිරීමට රජයට අවස්ථාව ලැබුණු පසු, එය රජය සමඟ සාකච්ඡා කර ඕනෑම ප්‍රශ්නයක් විසඳීමට MCC බලාපොරොත්තු වන බවයි

අවසාන නිගමනය

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ දෙසැම්බර් 16 උදැසන ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් කිරීමට දින නියමකර ඇතැයි පලවන වාර්තා අසත්‍ය බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:දෙසැම්බර් 16 උදැසන ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර MCC ගිවිසුම අත්සන් කරනු ලබනවාද?

Fact Check By: Sahan Perera

Result: False