මේ දිනවල පැවැත්වෙන එල් පී එල් ක්‍රිකට් තරඟාවලිය කෙරේ බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වන අතර කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ කාලයක් කිසිඳු ආකාරයක ක්‍රිකට් තරඟයක් නොපැවැත්වුනු පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ ආකාරයේ තරඟාවලියක් සංවිධානය කර ඇති අතර ඒ සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයන් බොහොමයක් සම්බන්දව සිටිනවා.

මෙම තරඟාවලියට සම්බන්ද විදෙස් ක්‍රිඩකයන් අතරින් පකිස්තාන් ක්‍රීඩක සයිඩ් අෆ්‍රිඩි ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නායකත්වය දෙන අතර විදෙස් ක්‍රීඩකයෙකු මෙසේ නායකත්වය දෙන එකම එල් පී එල් ක්‍රිකට් කංඩායම වන්නේ ද ගෝල් ග්ලැඩියේටර්ස් (Galle Gladiators) කණ්ඩායමයි.

මේ අතර දින කිහිපයකට ඉහතදී සහිඩ් අෆ්‍රිඩි ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් නැවතත් පකිස්තානය වෙත යන බවට සඳහන් කර තිබුනා. මේ හා සමඟම හුවමාරු වූ සටහන් පෙළක දක්වා තිබුනේ මෙසේ පාකිස්තානය බලා අෆ්‍රිඩි යාමට හේතුව වුයේ ලියුකේමියා රෝගය හේතුවෙන් පීඩා විඳින ඔහුගේ දියණියගේ රෝගී තත්වය අසාධ්‍ය ව ඇති නිසා යනුවෙන්. එසේම ඇය මියගිය බවටද ඡායරූප සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. නමුත් අපගේ විමර්ෂණයෙන් අනාවරණය වුයේ මීට පෙර 2016 වසරේ දී ඔහුගේ වැඩිමහල් දියණියක් අසනීප වූ අවස්ථාවක ලබාගත් ඡායාරුප යොදාගනමින් මෙම අසත්‍ය සටහන් හුවමාරු වන බවයි. කෙසේ වෙතත් අෆ්රිඩි පකිස්තානය වෙත ගොස් ඇත්තේ බොහෝදුරට ඔහුගේ බාල දියණියකගේ රෝගී තත්වයක් හේතුවෙන් වුවද මෙතෙක් ඇයගේ රෝගී තත්වය පිලිබඳ තොරතුරු වාර්තා වන්නේ නැහැ.

සමාජ මාධ්‍ය සටහන්:

Galle Gladiator Fans නම් ෆේස්බුක් පි‍ටුවක් මෙම කරුණ පෙන්වා දී තිබුනේ පහත කතාංගයද සහිතවයි.

“Afridiගේ දුව ලියුකේමියා රෝගයෙන් පීඩා විදිනවා. කීපසැරයක්ම අසාද්‍ය උනා ඔයිට කලිනුත්. තමන්ගේ දරුවා පණ අදිනකොට කොයි තාත්තටද ඉන්න පුලුවන්. මෙහෙම වාතාවරණයක් යටතේ උනත් ඌ මෙහෙමහරි ආපු එක වටිනවා. ❤️ God bless afridi daughter ✝️🖤”

අෆ්‍රිඩි සංවේදී ව ඔහුගේ දියනිය අසලින් සිටින බව පෙන්වන බව කියැවෙන ඡායාරූපයක් ලෙස සේයාරුවක් ද එම ෆේස්බුක් සටහනේ දක්වා තිබුනා.

FacebookArchived

බොහෝ පිරිසක් මෙම සටහන හුවමාරු කරගෙන තිබුනු අතර බොහෝ දෙනෙක් අෆ්‍රිඩියේ දියනිය වෙනුවෙන් ආශිර්වාද කර තිබුනා. එසේ හුවමරු වූ තවත් සටහන් කිහිපයක් පහතින්.

Update : දෙසැම්බර් 12 වනදා පමණ පහත දක්වා ඇති පරිදි ඉහත ඡායාරුප සහ මියගිය කුඩා දැරියකගේ ඡායාරුපයක් ද සහිතව, අෆ්රිඩිගේ දියණිය මෙලොවින් සමුගත් බවට සටහන් හුවමාරු වී තිබුණි.

Link | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

හදිසි කටයුත්තක් වෙනුවෙන් පකිස්තානය බලා යන බවත් නැවතත් එල් පී එල් තරඟාවලිය සමග එකතු වන බවත් සහිඩ් අෆ්‍රිඩි ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ මෙලෙසින්.

TwitterArchived

එම සටහනේ ප්‍රතිචාර ලෙස මෙසේ හුවමරු වන දියණියගේ ඡායරූප අපට දැකගනන්ට ලැබුනා. කෙසේ නමුත් අප මෙම සටහනට අදාල ඡායාරූපය 2016දී නිකුත් කල ට්විටර් පනිවුඩයක දකින්නට ලැබුනා.Saweera Pasha නම් ක්‍රීඩා පිලිබඳ මාධ්‍යවේදිනියක් සහිඩ් අෆ්‍රිඩිගේ දියනියට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමින්මෙම සටහන ට්විටර් වෙත එකතු කර තිබුනා.

TwitterArchived

ඒ අනුව මෙම ඡායාරූපය පැරණි එකක් බවට සහතික කල හැකියි. මෙම ඡායාරූපයට අදාලව සිදු වූ සැත්කම සුලු එකක් බවට එකල මාධ්‍ය වාර්තා කර තිබුනු අතර All Pakistan Drama Page නම් facebook පි‍ටුවක්ද 2016 වසරේදී මෙම ඡායාරූපය යොදා ගනිමින් ඇයට ඉක්මන් සුව ප්‍රාර්තනා කර තිබුනා.

FacebookArchived

මෙම ශල්‍යකර්මයෙන් පසුව සයිඩ් අෆ්‍රිඩි විසින් ඔහුගේ දියනියට ඉක්මන් සුව ප්‍රාර්තනා කල අය වෙනුවෙන් ඉස්තූතිය පල කර ට්විටර් පනිවිඩයක්ද නිකුත් කර තිබුනා.එය පහතින්

TwitterArchived

මෙම ඡායාරූපය හා සැබැඳිව ඇය අසාධ්‍ය තත්වයේ පසුවන බවටත් අස්මාරා අෆ්‍රිඩි ගේ දියණිය මිය ගිය බවටත් දැක්වෙන ව්‍යාජ පුවත් රැසක් 2016 වසරේ හුවමාරු වී තිබුනා. එම පුවත් පිළිබඳව ඩේලි මෝශන් නම් වෙබ් අඩවියද වීඩියෝ පටයක් නිකුත් කරමින් එම ඡායාරූප වල ඇති සත්‍යතාවය සොයා බලා තිබුනේ පහත අයුරින්.

https://youtu.be/9ZAp5AoWgvM

මේ අනුව දෙසැම්බර් මස 12 වනදා හුවමරු වී තිබු අෆ්රිඩිගේ දියණිය මෙලොවින් සමුගත් බවට හුවමරු වන සටහන් සඳහා යොදාගෙන ඇත්තේ ද මෙම 2016 වසරේ ව්‍යාජ සටහන් සඳහා යොදාගත් ඡායරූප පෙළම බව පැහැදිලිය.

සහිඩ් අෆ්‍රිඩි මෙම තරඟාවලියට සහභාගී වීම සඳහා ලංකාවට පැමිණියේ ද අනෙක් ක්‍රීඩකයින් ට වඩා ප්‍රමාද වීය. ඔහු පැමිණීමට ද ප්‍රමාද වූ මාස 9 යේ බිලිඳාගේ රෝගී තත්වයක් හේතුවෙන් බවත්, අෆ්‍රිඩි හදිසියේ පකිස්ථානයට යාමට නැවත යාමට හේතුව ද, එම දියණියගේ ම රෝගී තත්වයක් බව Daily Mirror පුවත් පතේ වාර්තා කර තිබුනේ මෙලෙසින්.

Daily Mirror | Archived 24NewsHD | Archived

මෙම ඡායාරුපය සහිතව සටහනක් Lanka Premier League නිල ට්විටර් ගිණුම වශයෙන් පෙනී සිටින ගිණුම ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය යොදා ගනිමින් පළවීම මෙවැනි සටහන් හුවමාරු වීමට මුල් වූ බව ද සිතිය හැක. එම සටහන පහතින්.

https://twitter.com/LPLt20official/status/1334187847557861376

Tweet | Archived

නමුත් එය නිල එල් පී එල් ගිණුම නොවන අතර නිල LPL ගිණුමේ හුවමාරු කර ගෙන තිබෙන්නේ අෆ්රීඩිගේ නිල ගිණුමේ පලකල ට්විටර් පණිවුඩයමයි.

අෆ්‍රිඩිගේ බාල දියණියගේ රෝගී තත්වය පිලිබඳ ව තොරතුරු Galle Gladiators කණ්ඩායමෙන් ලැබුණු පසු මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අදහස් කරමු. කෙසේ වෙතත් ඡායරුපයේ පෙන්වන දියණියගේ රෝගී තත්වයක් හේතුවෙන් ඔහු පකිස්ථානය වෙත ගිය බව නොමඟ යවන සුළු ආකාරයෙන් හුවමාරු වී ඇති බව පෙනී යනවා.

පසුගිය පෙබරවාරි මාසයේ දී අෆ්රීඩි 5 වැනි වරත් පියෙකු වීමේ භාග්‍ය උදා කරගත් අබව ජාත්‍යන්තර මාධ්‍ය මෙසේ වාර්තා කර තිබුනා. ඒ පිලිබඳ අෆ්රිඩි ගේ ට්විටර් පණිවුඩය මෙතනින්

දෙසැම්බර් මස 12 වන විටද අෆ්රිඩිගේ බාලම දියණියගේ රෝගී තත්වය පිලිබඳ කිසිම සඳහනක් අපට අෆ්රිඩිගේ සමාජ ගිණුම් වල දැක ගණනට ලැබුනේ නැහැ. කෙසේවෙතත් තම දියණියන් සඳහා අෆ්රිඩි විසින් එකතු කල උපන් දින සුබ පැතුමක් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මීට දිනකිහිපයක කලින් මෙසේ දැකගනන්ට ලැබුනා.

https://www.instagram.com/p/CIdIRJxF_bz/

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු සලකා බැලීමේදී සහිඩ් අෆ්‍රිඩි මෙරට පැවැත්වෙන එල් පී එල් සංචාරය අතරතුර නැවතත් පාකිස්තානය බලා ගියේ බොහෝදුරට ඔහුගේ බිලින්දාගේ රෝගී තත්වයක් හේතුවෙන් බවක් පෙනී යනවා. මාස 9 ක් වයසැති ලාබාලතම එම දියණිගේ රෝගී තත්වය පිලිබඳ තොරතුරු වාර්තා වන්නේ නැහැ.

එසේ නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරුපය 2016 වසරේදී ගත් එකක් වන අතර එහිදී සිදුවූ සුළු ශල්‍යකරමයනින් අස්මාරා නම් දියණිය එම අධියේම සම්පූර්නයෙන් සුවය ලබා ඇත. එම ඡායාරුපය සහ තවත් ඡායාරුපයක් යොදා ගනිමින් 2016 වසරේ දී ද හුවමාරු වූ ව්‍යාජ සටහන් ම නැවත වරක් හුවමාරු වෙමින් අෆ්රිඩිගේ දියණිය මෙලොවින් සමුගත් බවට අසත්‍ය සටහන් පලවී ඇත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:එල් පී එල් තරඟාවලිය සයිඩ් අෆ්‍රිඩි අතරතුර යලි පාකිස්ථානය බලා පිටත්වුයේ ඡායරුපයේ පෙන්වන දියණියගේ රෝගී තත්වයක් හමුවේ ද?

Fact Check By: Sahan Perera

Result: Misleading