පාස්කු ප්‍රහාරය සිදුවී වසර එකහමාරකටත් වැඩි කාලයක් ගතවී තිබුණද, ඒ සඳහා වගකිව යුතු පාර්ශවයන්ට නිසි දඬුවම් නොලැබුණු බව දේශපාලන වේදිකාවේද නිරන්තරයෙන්ම කතාබහට ලක්වන මාතෘකාවක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන සටහන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ නම ද නිරන්තරයෙන් ම දක්නට ලැබෙනවා.

මෙලෙසින් නිර්මාණය කරන ලද වීඩියෝවක, හරීන් ප්‍රනාන්දු මහතාගේ මව ලෙස පෙනී සිටින කාන්තාවක් විසින් සිය මිය සැමියාගේ මෘත දේහය අසලට වී, හරීන් ප්‍රනාන්දු විසින් පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු මහජනතාව වසන් කළ ආකාරය ගැනද ඔහුගේ නියම තාත්තා කවුරුන් ද යන්න ඇයද නොදන්නා බව ද පවසන බව දැකගනන්ට ලැබුණා. නමුත් අපගේ විමර්ෂණයෙන් අනාවරණය වුයේ මෙය ටෙලි නාට්‍යක කොටස් කිහිපයක් ව්‍යාජ ලෙස හඬ කැවීමෙන් සිදුකරන ලද සංස්කරණයක් බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

Fb කපුටා නම් ෆේස්බුක් පි‍ටුවක් හරීන් ප්‍රනාන්දුගේ මව ලෙස පෙනී සිටින කාන්තාවක් තම සැමියාගේ මළ සිරුරු ළඟ හිඳිමින් හඬාවැටෙමෙන් හරීන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් “හරි” නොයන “හරි” මඟ යන තේමාව යටතේ හුවමාරු වී තිබුණා.

https://vimeo.com/499700562

FacebookArchived

මෙහිදී හරීන් ගේ මව ලෙස පෙනී සිටින රංගන ශිල්පිනිය මුලින්ම පවසා සිටින්නේ හරීන්ගේ පියා පාස්කු ප්‍රහාරය පිළිබඳව හරීන් වෙත දැනුම් දුන්නේ ඔහු ඒ පිළිබඳව පල්ලි වෙත යන අහිංසක ජනතාව වෙත දැනුම් දෙයි යන අරමුණින් වුවද එය එසේ සිදුවුයේ නැති බවයි.

වීඩියෝවේ අවසාන කොටසේ පාපොච්චාරණයක් සිදුකරමින් හරීන්ගේ මව ලෙස පෙනී සිටින කාන්තාව පවසා සිටින්නේ හරීන්ගේ නියම පියා කවුරුන් ද යන්න අයැද නොදන්නා බවත් ඒ පිලිබඳ ඇයට සමාව දෙන ලෙසත්ය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම වීඩියෝ පටය ලෙස විමසිල්ලෙන් බැලීමේදී මෙය හඬ කැවූ වීඩියෝ පටයක ස්වරුපයක් පෙනී යනවා. එනම් වීඩියෝ පටයේ කාන්තාව කතා කරන ඇතැම් කොටස් වල වීඩියෝ දර්ශන වල මුවින් කිසිඳු වචනයක් පිටවන්නේ නැහැ.

මෙම වීඩියෝ පටයට කමෙන්ටුවක් ලබා දෙමින් දුලීකා මාරපන මහත්මිය පවසා තිබුනේ එය ඇය රංගනයෙන් දායක වූ “සක්මක් චායා” නම් ටෙලි නාට්‍යක කොටසක ට හඬ කවා සිදුකරන ලද නිර්මාණයක් බවත් එමඟින් අපහසුතාවට පත්වන්නේ තමා සහ තමාගේ මව බැවින් කරුණාකර එය ඉවත් කරගන්නා ලෙසයි. එම සටහන පහතින්.

මෙසේ හුවමාරු වන වීඩියෝ පටය පිලිබඳව වැඩි දුරටත් තහවුරු කරගැනීමට අප රංගන ශිල්පිනී දුලීකා මාරපන මහත්මියව සම්බන්ධ කර ගත්තා. එහිදී ඇය තහවුරු කලේ එසේ හුවමාරු වන වීඩියෝ පටය මෙ දිනවල අයි.ටී.එන් නාලිකාවේ “සක්මන් චායා” නම් නාට්‍යයේ ඇය රඟපානා කොටස් එකට එකතු කරමින් වෙනත් කාන්තාවක් විසින් හඬකවා සකස් කර ඇති වීඩියෝ පටයක් බවයි. කිසිම විටෙක ඒ ආකාරයේ සංවාදයක් සඳහා ඇය මෙතෙක් පෙනී නොසිටි බව ද තහවුරු කර සිටියා.

මෙම වීඩියෝ පටයට අදාල “සක්මන් චායා” නාට්‍යයේ දර්ශන යූටූබ් වෙත එකතු කර තිබෙනවා. ජනවාරි මස 05 වැනිදා එකතු කර තිබු එම ටෙලි නාට්‍යයේ 12 වැනි දිගහැරුමේ දර්ශන කිහිපයක් එකතු කර සංස්කරණ කර හඬ කවා ඉහත ව්‍යාජ නිර්මාණය සිදුකර තිබෙන බව ඒ අනුව පැහැදිලිවම පෙනී යනවා. එම කොටස් ඇතුළත් මුල් වීඩියෝව පහතින්

https://youtu.be/Fq_-07ROA4o?t=542

එහි කිසිම තැනක හරීන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් කතාබහක් සිදුවන්නේ නැහැ.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව සලකා බලන කල දුලීකා මාරපන රංගන ශිල්පිනිය පෙනී සිටින "හරි නොයන හරි මග" ලෙස සඳහන් කර සකස් කර ඇති හරීන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කෙරෙන වීඩියෝව, ටෙලි නාට්‍යක කොටස් එකතුවකට වෙනත් අයෙකු විසින් හඬ කවා සිදුකර ඇති නිර්මාණයක් බව පැහැදිලිය.

“සක්මන් චායා” නම් ITN නාලිකාව ඔස්සේ විකාශය වන ටෙලි නාට්‍යයේ 12 වැනි දිගහැරුමේ කොටස් කිහිපයක් එකතු කරමින්, වෙනත් අයෙකු විසින් හඬකවා සංස්කරණය කොට පළකර ඇති ව්‍යාජ වීඩියෝවක්. දුලීකා මාරපන රංගන ශිල්පිනිය විසින් එහිදී හරීන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් සිදුකරන්නේ නැහැ

Avatar

Title:දුලීකා මාරපන රංගන ශිල්පිනිය පාස්කු ප්‍රහාරය හා හරීන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් වීඩියෝ පටයකට පෙනී සිටියාද?

Fact Check By: Sahan Perera

Result: Altered