තිරසාර නගර සංවර්ධන තේමාව යටතේ ඉදිවෙන පොර්ට් සිටි ව්‍යාපෘතිය හෙක්ටාර 269ක භූමියක් ගොඩකරමින් මෙරට ඉදිවෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියයි. 2014 වසරේ ඉදිකිරීම් කටයුතු ඇරඹි මෙම වරාය නගරයේ වැඩකටයුතු දැන් ක්‍රමයෙන් අවසන් වෙමින් පවතියි. වරාය නගරය සහ එමඟින් මෙරටට ඇතිවී තිබෙන චීන බලපෑම පිළිබඳව නොයෙකුත් සටහන් විටින් විට දක්නට ලැබෙන අතර එහි ඉදිකිරීම් සමාගමේ පුවරුවක් යොදාගනිමින් හුවමරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක් පිලිබඳ අප මීට පෙර ද සිදුකළ විමර්ශනයක් මෙතනින්

එවැනිම තේමාවකින්, කොළඹ වරාය නගරයට ඇතුළු වන පිවිසුම් දොරටුවේ චීන සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් ප්‍රදර්ශනය කර ඇති නාම පුවරුවක් පිළිබඳව, පෙබරවාරි මාසයේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක්ම හුවමරු වී තිබුණා.

මේ සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයේදී හෙළි වූයේ, මෙම පිවිසුමේදී ප්‍රදර්ශනය වන නාම පුවරුව, වරාය නගර ව්‍යාපෘතියට පිවිසීම සඳහා ඉදිවීමට නියමිත ප්‍රධාන පිවිසුම නොවන බවයි. එම පුවරුව, පොර්ට් සිටි ඉදිකිරීම් කටයුතු සිදුකරන සමාගමේ ලාංඡනය සහ නාමය සහිතව ඉදිකිරීම් සිදුකරන සමගම ඉදිකර තිබු තාවකාලික ඉදිකිරීමක් බවත් අනාවරණය වුනා.

සමාජ මාධ්‍ය සටහන්:

සිංහල නැති උනාට දැන් බයි ජනතාව කලබල වෙන්නේ නෑ යනුවෙන් සඳහන් කළ පොර්ට් සිටි පිවිසුමේ ඡායාරූපයක් සහිත ට්විටර් පණිවිඩයක් පහතින්.

Twitter | Archived Link

මෙය කුමක්ද ? නාම පුවරුවේ සිංල නැත්තේ මන්ද ? චීන බසින් කියන්නේ කුමක්ද? Wimal Weerawansa ලෙමන් පෆ් රෙඩිද?” යනුවෙන් හසිත් අතුකෝරළ නමැත්තෙකු සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසිනි.

Facebook | Archived Link

විමල් වීරවංස මහතා ඉහත කරුණ සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කිරීමට සුදානම් ද යන්න උපහාසාත්මක කෝණයකින් ව්‍යංගාර්ථයෙන් පෙන්වා දී තිබුණි. එනම් බෑන්කී මූන්ගේ කමිටුව අස්කර ගන්නැයි ඉල්ලා විමල් වීරවංස මහතා 2010 වසරේ සිදුකළ මාරාන්තික උපවාසයක් අතරතුර ලෙමන් පෆ් පෙට්ටියක් සහිත දර්ශන මෙසේ හුවමාරු වී තිබීම හේතුවෙන්. (මෙම කොටස පසුව එකතුකරන ලදි)

මෙවැනි සටහන්වලින් පෙන්වීමට උත්සාහ කර තිබුනේ වරාය නගරයේ ප්‍රධාන පිවිසුම් දොරටුවේ සිංහල භාෂාව යොදාගෙන නැති බවක්. මේ පිළිබඳව කිහිප දෙනෙක් ම විමසා සිටි බැවින් අප ඒ පිළිබඳව විමර්ෂණයක් සිදුකිරීමට අදහස් කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප වරාය නගරයේ පිවිසුම් ප්‍රදේශයේ සිදුකළ විමර්ශනයකදී ඉහත නාම පුවරුව සහිත පිවිසුම පවතින බව නිරීක්ෂණය වූ අතර මේ පිළිබඳව කොළඹ වරාය නගරයේ මාධ්‍ය අංශයෙන් කරුණු විමසීමක් සිදුකළා.

එහිදී දැනගනන්ට ලැබුනේ 2014 පොර්ට් සිටි ඉදිකිරීම් ආරම්භයේ සිට 2019 අග භාගය දක්වා එහි පිවිසුම් දොරටුව පිහිටා තිබුණේ ව්‍යාපෘතියේ උතුරු මායිමට යාබදව වරාය චෛත්‍යට ආසන්නව බවයි.

කෙසේ වෙතත්, වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් 2019 සැප්තැම්බර් මාසයේ ආරම්භ වන විට, එහි ගොඩබෑමේ ඉඩකඩ සලසා දීම සඳහා වරාය නගරයේ පිවිසුම් දොරටුව මාරු කිරීම අවශ්‍ය වූ බවත් අපට පවසා සිටියා.

මේ අනුව ඉහත සමාජ මාධ්‍ය වල පෙන්වා දී තිබෙන පිවිසුම 2020 මුල් භාගයේ ඉදිකර ඇති අතර එය 2020 මාර්තු මාසයේ සිටි භාවිතා වන බවත් අපට පවසා සිටියා. බොහෝදුරට පසුගිය කාලයේ කොවිඩ්19 වසංගත තත්වයන් හමුවේ මේ සඳහා වැඩි මහජන අවධානයක් යොමු නොවන්නට ඇතැයි ද ඔවුන් අනුමාන කරනවා.

කෙසේවෙතත් මෙම පිවිසුමේ දර්ශන ඇතුලත් මාධ්‍ය වාර්තා කිහිපයකම අපට දැක ගන්නට ලැබුණා.

Tribute to our people | Port City Colombo (34th second)

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු යලි ඇරඹේ | Port City Colombo (29th second)

CCCC 'Cloud Open Day' on Port City Colombo Project in Sri Lanka (9 min 43 sec)

තවද පොර්ට් සිටි ඉදි කිරීම් කටයුතු කරන CHEC පෝට් සිටි කලම්බු (පෞද්.) සමාගමෙන් කළ විමසීමේදී ඔවුන් පැවසුවේ, වරාය නගර පිවිසුමේ සඳහන් වන්නේ එහි ඉදි කිරීම් කටයුතු සිදු කරන මව් සමාගමේ ලාංඡනයේ කොටසක් බවත් එය කිසිසේත්ම පෝර්ට් සිටි ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීමක් නොවන බවත් එය ඉදිරියේදී වෙනස්වෙනු ඇති බවත්ය.

වැඩබිම් කරා ගමන් කිරීමට පමණක් තාවකාලිකව මෙම පිවිසුම භාවිතා කරන අතර ඕනෑම ඉදිකිරීමක් කෙරෙන වැඩබිමේ, ඉදි කිරීම් කරන ආයතනයේ ලාංඡනය ප්‍රදර්ශනය කරන බැවින් ඉහත සඳහන් කළ පිවිසුමේ දක්වා ඇත්තේද පොර්ට් සිටි ඉදිකිරීම් කටයුතු කරන මව් ශාඛාවේ ලාංඡනය බව ඔවුන් අවධාරණය කළා.

中国交通 යනුවෙන් දක්වා තිබෙන්නේ China Communication Construction Company (CCCC) මව් සමාගමේ ලාංඡනය බවත් අපට පවසා සිටියා. ලොව ප්‍රමුඛ පෙළේ ඉදිකිරීමේ සමාගමක් වන එම සමාගමේ ලෝගෝව පරීක්ෂා කිරීමේ දී ද අපට එම තොරතුරු තහවුරු වුනේ පහත පරිද්දෙන්.

CHINA COMMUNICATIONS CONSTRUCTION GROUP CCCC's Highlights of 2020

CCCC නොහොත් චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් ආයතනය නැගෙනහිර අප්‍රිකාවේ ද දිගින් වැඩිම උමං මාර්ගයක ඉදි කිරීම් කළ වැඩබිමෙහි ද උමං මාර්ග පිවිසුමේ ඔවුන්ගේ ආයතනයේ නම හා ලාංඡනය ප්‍රදර්ශනය කර තිබූ අයුරු පහතින්

CGTN | Archived

එසේම චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් ආයතනය සිම්බාබ්වේ දේශයේ ද ඉදිකිරීම් කටයුතු 2018 වසරේ දී ආරම්භ කරන ලද එහි වැඩබිමක සේයාරුවක ද එම ආයතනයේ සන්නාමයන් පහත පරිදි දැක ගැනීමට හැකිවුනා.

මේ ආකාරයෙන් ලොව බොහෝ ප්‍රදේශවල චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් ආයතනය ඉදිකිරීම් කරයුතු සිදුකරන අතර එම වැඩබිම්වල ඔවුන්ගේ නම ප්‍රදර්ශනය කර ඇති අයුරු ද අපට එම ආයතනය විසින් පළකර තිබු වීඩියෝ පරීක්ෂා කිරීමේ දී දැක ගන්නට ලැබුනා.

Conclusion (අවසාන නිගමනය)

ඒ අනුව අප කළ විමර්ශනයේදී පැහැදිලි වන්නේ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සිදුවන වැඩබිමට ඇතුළු වීමේ නව පිවිසුම් දොරටුවේ ප්‍රදර්ශනය වන්නේ හුදෙක් වරාය නගර ඉදිකිරීම් සිදුකරන , චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමේ ලාංඡනය සහ නම සහිත තාවකාලික පිවිසුමක් බවයි. මෙය කිසිසේත් වරාය නගරයේ ඉදිකිරීම්වල කොටසක් නොවන අතර එය ඉදිකිරීම් අවසන් වීමේදී වෙනස් කෙරෙන බව පොර්ට් සිටි ව්‍යාපෘතියේ මාධ්‍ය අංශය තහවුරු කර සිටියි.

නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රජයේ ආයතන විසින් අනුමත කරන ලද වරාය නගරයට ඇතුල්වීම සඳහා ඉදිරියේදී ඉදිවන ප්‍රධාන පිවිසුමේ සහ අනෙකුත් නාම පුවරු මෙරට නෛතික රාමුව යටතේ ප්‍රදර්ශනය වනු ඇති බවද කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මාධ්‍ය අංශය තහවුරු කර සිටියි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:පොර්ට් සිටි පිවිසුමේ ඇති නාම පුවරුව සිංහල භාෂාවෙන් සඳහන් නොවන්නේ ඇයි?

Fact Check By: Sara Gunarantne

Result: Missing Context