ඇමෙරිකානු Moderna කොරෝනා මර්දන එන්නත තුළ luciferase අඩංගු බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් මෙන්ම වීඩියෝවක් ලංකාවේ සමාහ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වුණා.

මෙහි සඳහන් කර තිබුණේ, ඇමෙරිකානු මොඩර්නා කොරෝනා මර්දන එනන්ත භාවිතා නොකරන ලෙසටෙත් එයට හේතුව luciferase පේටන්ට් බලපත්‍රය හිමි බිල්ගේට්ස්ගේ සමාගම 5G තාක්ෂණය ලැබුණු පසු Moderna එන්නත ලබා ගන්නා පුද්ගලයින් එම එන්නතේ ඇති luciferase ජෙල් එක මගින් පාලනය කිරීමට හැකියාව පවතින බවටයි මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

Lanakayestv නම් වෙබ් අඩවියක පළ වූ වීඩියෝවක කොටසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. මෙහි දැක්වුණේ “මෘගයාගේ ලකුණ ඇතුලත් එන්නත එළියට Moderna එන්නතේ luciferases අඩංගුයි” යනුවෙනි.

Moderna එන්නෙහෙි SN102 (luciferase) අන්තර්ගත බවත් Moderna එන්නත් කරණය මගින් luciferase ජෙල් ශරීරයට ඇතුළු වන බවත් අනාගතයේදී 5G තාක්ෂණය මුළු ලෝකය පුරාම ස්ථාපිත කළ පසු සැටලයිට් මාර්ගයෙන් එනනත ලබා ගත් පුද්ගලයින්ව පාලනය කිරීමට හැකි වන බවත් එමඟින් දැක්වෙනවා

https://vimeo.com/551979982

Facebook | Archived Link

මෙම වීඩියෝවෙන් පවසන්නේ මේ වන Moderna එන්නත ලංකාවට ගෙන්වා එන්නත්කරණයද සිදු කර ඇති බවයි. මෙම වීඩියෝව WhatsApp ඔස්සේද බොහෝ පිරිසක් අතර සංසරණය වුණා.

මොඩර්නා එන්නතේ luciferase අන්තර්ගත බවට විදෙස් රටවල පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ ද පවසා තිබුණු අයුරු මෙතනින්. මෙතනින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින්ට ඇමෙරිකානු Moderna කොරෝනා මර්දන එනන්ත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් අනුමැතිය ලබා දුන් පස්වන එන්නත වන්නේ මෙයයි.

මෙම එන්නතේ පහත සඳහන් අමුද්‍රව්‍ය අඩංගු බවට අමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන (FDA) විසින් නිකුන් කරපු Moderna කොරෝනා මර්දන එනන්ත සම්බන්ධයෙන් දැක්වූ වාර්තාවක ඇතුලත් වේ.

මැසෙන්ජර් රයිබොනියුක්ලික් අම්ලය(mRNA), ලිපිඩ (SM-102, පොලිඑතිලීන් ග්ලයිකෝල් [PEG] 2000 ඩිමිරිස්ටොයිල් ග්ලිසරෝල් [DMG], කොලෙස්ටරෝල්, සහ 1,2-ඩිස්ටෙරොයිල්-එස්එන්-ග්ලිසරෝ -3-ෆොස්ෆොකොලීන් [DSPC]), ට්‍රොමෙතමින්

(The Moderna COVID-19 Vaccine contains the following ingredients: messenger ribonucleic acid(mRNA), lipids (SM-102, polyethylene glycol [PEG] 2000 dimyristoyl glycerol [DMG],cholesterol, and 1,2-distearoyl-sn-glycero-3-phosphocholine [DSPC]), tromethamine,tromethamine hydrochloride, acetic acid, sodium acetate trihydrate, and sucrose.)

එමෙන්ම Moderna එන්නතෙහි ඔක්සිකරණය මගින් ආලෝකය නිපදවන කාබනික සංයෝගයක් වන luciferin අඩංගු බවක් එහි කිසිවිටෙකත් දක්වා නැත.

මේ පිලිබඳ මීට පෙර ද කරුණු විමර්ෂණ කණ්ඩායම් කිහිපයක් ම ඉංග්‍රීසි බසින් කරුණු විමර්ෂණ සිදුකර තිබු අතර එවැනි වාර්තාවක් මෙතනින් සහ මෙතනින්. ලුසිෆරස් (luciferase), Moderna එන්නතේ පමණක් නොව කිසිදු COVID-19 එන්නතක් සඳහා අමුද්‍රව්‍යයක් නොවන බව එහිද පෙන්වා දී තිබුණා

mRNA එන්නත් යනු බෝවන රෝග වලින් ආරක්ෂා වීම සඳහා නිපදවන නව වර්ගයේ එන්නතකි. වෛරස් සඳහා ලබා දෙන එන්නත් වලින් සිදු කරනුයේ වෛරසයට ප්‍රතිචාරයක් විදියට ප්‍රතිශක්තිකරණය ලබා දීමයි. මෙසේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කිරීම සඳහා බොහෝ එන්නත් මගින් දුර්වල වූ හෝ අක්‍රිය වූ විෂබීජයක් අපගේ ශරීරයට දමයි.

නමුත් mRNA මගින් කරනු ලබන්නේ අපගේ ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කරන ප්‍රෝටීනයක් හෝ ප්‍රෝටීන කැබැල්ලක් සාදා ගැනීමට උපකාර කිරීමකි ප්‍රතිදේහ නිපදවන එම ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය මගින් සැබෑ වෛරසය අපගේ ශරීරයට ඇතුළු වුවහොත් ආසාදනය වීමෙන් ආරක්ෂා කරනු ලබන බව Centers for Disease Control and Prevention දැක්වුනේ මෙලෙසිනි.

මෙරට භාවිතා වන PFIZER, AstraZeneca, Sinopharm කෝව්ඩ් එන්නත් වලද ලුසිෆෙරින් අඩංගු වන්නේ නැත.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දක්වා ඇති කරුණු වල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් අප විමසීමක් කළා. ඒ මහත්මිය පැවසුවේ, මෙය හුදෙක් විද්‍යා ප්‍රබන්ධයක් බවයි.

එසේම මහජන සෞඛ්‍ය සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය ද අපට මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශයක් බව තහවුරු කර සිටියා.

අප තවදුරටත් මෙම වීඩියෝවේ කරුණු සඳහන් කරන පුද්ගලයා කවුරුන්දැයි කළ නිරීක්ෂණයේදී තහවුරු වුනේ, මොහු බයිබල් ගුරුවරයෙකු වන ඩිලන්ත ලියනගේ නම් පුද්ගලයෙක් බවයි. එම පුද්ගලයා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණ එම වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුනේ මෙලෙසිනි.

එමෙන්ම මෙරට තවමත් Moderna එන්නත ගෙන්වා නැති බව කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ මාධ්‍ය අංශය තහවුරු කරනු ලැබුවා.

කොවිඩ්19 සම්බන්ධයෙන් එනනත් කිහිපයක් ම හදිසි තත්වයන් යටතේ භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් අනුමැති ලබාදී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් Moderna එන්නත සඳහා අනුමැති ලබාදී තිබුනේ මෙලෙසින්.

The Moderna COVID-19 (mRNA-1273) vaccine: what you need to know

කෙසේවෙතත් කිසිඳු එන්නතකින් 100% සාර්ථකත්වයක් බලාපොරොත්තු විය නොහැකි බැවින් සහ කොවිඩ්19 ආදසනයේ නව ප්‍රභේද හමුවේ එන්නත් වල කාර්යක්ෂමතාව ද නිරන්තරයෙන් ම පරීක්ෂා කෙරෙන අවධියක මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය සහ නිසි සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම වැදගත් වේ.

http://srilanka.factcrescendo.com/2021/02/22/misleading-claims-conspiracy-theories-on-covid/

http://srilanka.factcrescendo.com/2021/02/03/unverified-claims-stating-that-the-covid19-vaccine-given-in-sl-would-lead-to-death-within-a-year/

ජුලි මස 16 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රදානයක් වශයෙන් COVAX පහසුකම යටතේ මොඩර්නා එන්නත් මිලියන 1.5ක් ලංකාවට ලැබුණු අතර ඒ හා සමඟම මෙම ව්‍යාජ සටහන් නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු අයුරු ද නිරීක්ෂණය විය.

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් තහවුරු වන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ සඳහන් වන කරුණු අසත්‍ය හා පදනම් විරහිත බවයි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබා දුන් කිසිදු කෝවිඩ් එන්නත් වල luciferases හෝ luciferin අඩංගු නොවන බවයි.

Avatar

Title:Moderna එන්නත මගින් අනාගතයේදී මිනිසුන් පාලනය කිරීමේ හැකියාවක්?

Fact Check By: Sara Gunaratne

Result: False