දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.


ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ මැතිවරණ උණුසුම ක්‍රමයෙන් ළං වීමත් සමඟම, ප්‍රධාන දේශපාලන පක්ෂවල සිටින පුද්ගලයින් පති මාරු කර ගැනීම ගැන පසුගිය කාලයේ දිගටම දැක ගන්නට ලැබුණා. මෙවන් පසුබිමක, බොහෝ දෙනා අතර හුවමාරු වී තිබු වීඩියෝවක් හරහා ඒත්තු ගන්වා තිබුනේ, දැනට විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගයේ (SJB), පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර්, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වීමේ ප්‍රවණතාවයක් ඇති බවක්.

සමාජ මාධ්‍ය පළ කිරීම්

සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් මහතා ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වී ඔහුගේ දේශපාලන කටයුතුවලට සහාය දෙන බව හඟවන වීඩියෝවක්, සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වී තිබුනේ මෙලෙසින්.


FB|Archived

බොහෝ දෙනා මේ වීඩියෝවේ සඳහන් සිදුවීම පිළිබඳව, එහි කාල වකවානු පිළිබඳව අපගෙන් විමසා තිබුණා. එම වීඩියෝව පහතින්.

වීඩියෝවේ පසුබිම:

මේ පිළිබඳව පරික්ෂා කිරීමේ දී අපට දැක ගන්නට ලැබුණේ, අදාළ වීඩියෝව මාස දෙකකට වඩා පැරණි එකක් වන අතර එය පටිගත කර ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී බවයි. එම වීඩියෝවේ එස් එම් මරික්කාර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කතාබහ කරන අයුරු දක්නට ලැබේ.

ITN ප්‍රවෘත්ති මගින් අවමංගල්‍ය ඉහත සදහන් අවමංගල්‍ය පිළිබදව පසුගිය ජුනි මස 15 වැනිදා වාර්තා කර තිබුනේ මෙලෙසින්.

මරික්කාර් මහතා අසුන්ගෙන සිටි ස්ථානය දැක්වෙන පසුබිම සහ ජනපතිරනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස එම අවස්ථාවේ අසුන්ගෙන සිටින අවස්තාව පහතින්. මරික්කාර් මහතා මෙහි දැක්වෙන අවස්ථාවේ දක්නට නොලැබුණත් ප්‍මෙමඟින් පෙන්වන්නේ එකම අවස්ථාවක පසුබිම බව පැහැදිලිය.


මරික්කාර් මෙහිදී තීරුබදු රහිත වාහන බලපත්‍රය අත්සන් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අයුරු වීඩියෝවේ දැක්වේ. මෙම කතාබහ එම කරුණ සම්බන්ධයෙන් වන අතර එහිදී තවදුරටත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ගැන ද කතාබහක් ඇතිවෙනවා.

කෙසේනමුත්, මෙම වීඩියෝ දර්ශන පෙළත් සමඟම, එස් එම් මරික්කාර්ගේ දේශපාලන පක්ෂපාතිත්වයේ කිසිදු වෙනසක් ඇතිවී තිබේ ද යන්න පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත් වී තිබු අතර මේ පිළිබඳව ඔහුගේ මාධ්‍ය අංශයෙන් සිදුකළ විමසීමේ දී ඔවුන් පවසන්නේ මෙම වීඩියෝව වැරදි අදහසක් ලබාදෙමින් සමාජ ජාලාවල පැතිරෙන බවත්, ඔහු තවදුරටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවෙමින් කටයුතු කරනු ඇති බවයි.

මරික්කාර් රනිල් සමග එක්වන බවට පැතිර යන කටකතා SJB මාධ්‍ය අංශය ද ප්‍රතික්ෂේප කරයි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

නිගමනය:

SJB පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යන ප්‍රකාශය අසත්‍යයක්. වීඩියෝව මීට මාස කිහිපයකට පෙර SM මරික්කාර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස සහභාගී වී තිබු අවමංගල්‍ය උස්වයක දී ලබාගත් වීඩියෝවක් වන අතර, සමගි ජන බලවේග සහ මරික්කාරී මහතාගේ මාධ්‍ය අංශ පවසන්නේ දේශපාලන සන්ධානයකට හෝ පියවරකට මුල පිරීමක් නොවන බවයි




Avatar

Title:SJB පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් ජනපති රනිල් වික්‍රමසිංහ හා එක්වීමට මුල පුරන අවස්තාවක්?

Fact Check By: Fact Crescendo Team

Result: Misleading