ජෝන් අමරතුංග ඇමතිතුමාට වෙන්නප්පුව ආසන සංවිධායක ධුරය ලබා දුන්නාද ?

By :  sathyajith
Update: 2019-08-24 11:11 GMT

වෙන්නප්පුව පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂාවක් සිදු කරන අතරතුර ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන්, සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇගේ සහෝදරිය, මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් මත පසුගියදා අත්අඩංගුවට ගැනුණා. මෙම සිද්ධිය සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් ප්‍රචලිත වූයේ මේ පිරිස අතර සිදු වූ බහින් බස්වීම පටිගත කර අන්තර්ජාලයට මුදහැරීමත් සමඟය. (Video Link)

මේ සිද්ධියත් සමඟම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය අලලා බොහෝ සෙයින් උපහාසාත්මක ෆෙස්බුක් සටහන්ස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දක්නට ලැබුණා. මෙකී බොහොමයක් උපහාසාත්මක වාර්තා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් අලලා සෑදී තිබෙනු ද දක්නට ලැබුණි.

මේ අතර සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වෙන්නප්පුව ආසන සංවිධායක ධුරය ලබා දීම පිලිබඳ පුවතක් ද සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් හුවමාරු වෙනු දක්නට ලැබුණා.

Presidential Election 2020 Sri Lanka, යන ෆේස්බුක් පිටුව හරහා මෙම පුවත මුලින්ම පළවී තිබුණා.

Facebook PostArchived Post

Dishan Pamudu Jayasinghe , Ranga S Ariyarathne යන ෆේස්බුක් ගිණුම් හරහා ද මෙම මෙම පුවත පළ වී තිබෙනු දක්නට ලැබුණු අතර ඔවුන් එම පුවත වාර්තා කර තිබුණේ මෙලෙසිනි. “ජෝන් අමරතුංග වත්තල ආසනය අත් හරී. වෙන්නප්පුව ආසනය ඉල්ලයි. දුන් නැත්නම් පක්ෂයෙන් යන බවට තර්ජන... ) ජනපති නියමයෙන් ජෝන් අමරතුංග මහතා වෙන්නප්පුව ආසන සංවිධායක ධූරයට ???????”

Facebook PostArchived Link
Facebook PostArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම පුවත බැලූ බැල්මට සාවද්‍ය පුවතක් යැයි හැගෙන්නේ ජෝන් අමරතුංග අමාත්‍යතුමා එක්සත් ජාතික පාක්ෂිකයකු බැවින් එසේ ආසන සංවිධායක තනතුරක් ලබා දෙන්නේ නම් එය එක්සත් ජාතික පක්ෂයේ නායක වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දෙනු ඇති බැවිනි.

වත්මන් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියදී සිදුවූ දිවුරුම්දීමක් බැවින් බොහෝ දුරට අමාත්‍ය දිවුරුම් දීමකදී සිදුවූ ඡායාරූපයක් යැයි අනුමාන කළ හැක. සරල Google සෙවුමක් මඟින් මෙය තහවුරු කර ගැනීමට හැකි විය.

Google search for images using “john amaratunga + sworn in + minister”

මෙම ඡායාරූපයට අදාළ ප්‍රවෘත්තිය නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලි වන්නේ මෙම සිද්ධිය ඉඩම් අමාත්‍ය ධූරයේ කටයුතු කළ එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා අභාවප්‍රාප්තවීමත් සමග පුරප්පාඩු වු අමාත්‍ය ධුරය සඳහා ජෝන් අමරතුංග මහතා පත්කළ අවස්ථාවේ දී 2016 මාර්තු මස 02 දින ලබාගත් ඡායාරූපයක් බවයි.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලක්ෂි ප්‍රනාන්දු මහත්මිය සම්බන්ධ ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දුරට පැතිරී යාමත් සමඟම මෙම පුවත හරහා ද ජෝන් අමරතුංග අමාත්‍යවරයා එම අසත්‍ය පුවත් මාලාවට සම්බන්ධ කරගැනීමට දැරූ වෑයමක් ලෙස මෙම අසත්‍ය පුවත ද දැකිය හැක.

අවසාන නිගමනය

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ වෙන්නප්පුව ආසන සංවිධායක ධූර තනතුරට ජෝන් අමරතුංග අමාත්‍යවරයා පත් කිරීම සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බවයි. එම පුවතට අදාළ ඡායාරූපය ජෝන් අමරතුංග අමාත්‍යවරයාට 2016 මාර්තු මාසයේ දී ඉඩම් අමාත්‍ය ධූරය පිරිනැමූ අවස්ථාවේ දී ලබාගත් ඡායාරූපයක් බව ද තහවුරු විය. එක්සත් ජාතික පක්ෂයේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියගේ සිද්ධිය හා අළලා මෙම පුවත උපහාසාත්මක කෝණයකින් නිර්මාණය කරන්නට ඇතැයි ද පෙනී යයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජෝන් අමරතුංග ඇමතිතුමාට වෙන්නප්පුව ආසන සංවිධායක ධුරය ලබා දුන්නාද ?

Fact Check By: Sathyajith Subasinghe

Result: False

Tags:    

Similar News