ගෝඨාභය රාජපක්ෂගේ ආධාරකරුවන් විසින් අභියාචනාධිකරණ තීන්දුව සමරමින් ගෙවල් ගිනිබත් කළාද?

By :  sathyajith
Update: 2019-10-05 22:15 GMT

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියකු ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසින් ගොනුකළ පෙත්සම, අභියාචනාධිකරණය විසින් ඊයේ (4 වැනිදා) නිෂ්ප්‍රභ කිරීමත් සමඟම දිවයිනේ විවිධ ප්‍රදේශවලින්, පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් එම තීන්දුව සමරනු දැකගැනීමට හැකිවිය.

මෙම පසුබිම මත අද දින උදෑසන සිටම සමාජ ජාලා ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වූ පුවතක් වුයේ මෙම අභියාචනාධිකරණ තීන්දුවේ ජයග්‍රහණය සැමරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසක් ඊයේ රාත්‍රියේදී ගෙවල් ගිනිබත් කොට විනාශ කර තිබු ආකාරය පිළිබඳ පුවතකි.

Dushan Karawita නැමැත්තෙකු විසින් පළකර තිබු ෆේස්බුක් සටහනක් දෙදහසකටත් අධික පිරිසක් අතර හුවමාරු වී තිබු අතර එහි ඡායාරූපයක් ද සමගින් පෙන්වා තිබුනේ “ගොඨා ශ්‍රි ලංකාවේ පුරවැසියකු බව උසාවියෙන් කියු විට ගොඨා පාක්ෂිකයන් අසරණ පවුලකට කෘතගුණ සැලකු ආකාරය .... දේශපාලනය කුමක් උවත් මේවා නින්දිත වැඩ” යනුවෙනි.

Facebook LinkArchived Link

ඉහත දක්වා තිබූ ඡායාරූපයකට

අමතරව වෙනත් නිවසක ගිනිගන්නා ඡායාරූපයක් පෙන්වමින් ෆේස්බුක් සහ වෙබ් අඩවි කිහිපයක්

මගින්, සවිස්තරාත්මක සටහන් පළකර තිබූනේ මෙලෙසිනි.

“ඕපනායක ප්‍රදේශයේ ප්‍රබල එජාප පාක්ෂිකයන්ගේ නිවාස දෙකකට ඊයේ (04) රාත්‍රියේ පැමිණි මැරයන් පිරිසක් විසින් අලාභ හානි සිදු කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව අදාල ප්‍රදේශයේ ප්‍රබල පොහොට්ටු පක්ෂ ක්‍රියාකාරී පුද්ගලයෙකු බව පැවසෙනා නිහාල් හපුආරච්චි නැමැත්තා සමග පැමිණි බීමත් මැරයන් පිරිසක් විසින් අදාල අපරාධය සිදු කර තිබෙනා බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

එමෙන්ම එජාපට හිතවත් සමාජ මාධ්‍ය පිටු මගින් සදහන් කර ඇති ආකාරයට ඊයේ දින ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරහිව උසාවියේ විභාග වූ නඩුව නිශ්ප්‍රභ වීමෙන් පසුව එහි ජය සමරා අදාළ පොහොට්ටු මැරයන් විසින් මෙම ගිණිබත් කිරීම් සහ පහරදීම් සිදු කර ඇති බවටත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ අනුව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අරඹයා සිදු වූ ප්‍රථම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව ලෙස මෙය හැදින්විය හැකි අතර මෙය ඉතාමත් අවාසනාවන්ත තත්වයක් ලෙසද හැදින්විය යුතුමය. එමෙන්ම මේ සිදුවීමට සම්බන්ධ අදාල පොහොට්ටු පක්ෂ ක්‍රියාකාරී මැරයන් පිරිස මේ වන විට ප්‍රදේශය අතහැර ගොස් සිටිනා බවට වාර්තා වන අතර අග්‍රාමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා අමතා මීට අදාළව සාධාරණ පරීක්ෂණක් සිදු කරනා ලෙසට ඉල්ලීමක් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.”

Facebook LinkArchived Linklankadnews.net linkArchived Link

මෙබඳු ප්‍රකාශ විශාල ප්‍රමාණයක්

හුවමාරු වෙමින් පැවති අතර බොහෝ දෙනෙක් විසින් මේවා සාවද්‍ය පුවත් ලෙස සඳහන් කර

තිබූ හෙයින් ද මේ පිළිබඳ වැඩි විස්තර විමර්ශනයක් සිදු කළෙමු.

Fact Check (සත් තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත පළමු ප්‍රකාශය පිළිබඳව කරුණු

විමර්ශනය කිරීම සඳහා මෙම ඡායාරූපය Google

Reverse Image සෙවුමක් හරහා සොයා

බැලීමේදී අපට පෙනී ගියේ මීට පෙර බොහෝ අවස්ථාවන්හි යොදාගෙන ඇති ඡායාරූපයක් බවයි.

මෙම ඡායාරූපය විශාල වශයෙන් ම පාස්කු

ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇති වූ “මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩකාරී ක්‍රියා” යන මැයෙන්, 2019 මැයි මස පළවී තිබු ලිපි කිහිපයකම

දක්වා තිබුනේ මෙලෙසිනි.

colombotelegraph.com linkArchived Linkceylon-ananda.com linkArchived Link

මෙලෙසින්ම දෙවන ප්‍රකාශයේ සඳහන්

ඡායාරූපයද සරල Google Reverse Image සෙවුමක් හරහා පරීක්ෂාවට ලක් කිරීමේදී අපට

පෙනීගියේ එම ඡායාරූපය ද මීට පෙර බොහෝ අවස්ථාවලදී අන්තර්ජාලයේ යොදාගෙන තිබු බවයි.

එහිදී මෙම ඡායාරූපය 2012 වසරේදී ඉන්දියාවේ අසාම්-මෙඝාලයා දේශසීමාවේ

පිහිටි ගම්මාන දෙකක සිදුවී තිබු ආරවුලකදී ලබාගෙන තිබු බව එහිදී දැකගැනීමට හැකි

විය.

News18.com LinkArchived Link

කෙසේ වෙතත් මෙබඳු කිසියම් හෝ ප්‍රහාරයක්

ඕපනායක ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේදී වාර්තා වී

තිබුණේ දැයි සැක හැර දැන ගැනීම සඳහා ඕපනායක පොලිස් ස්ථානාධිපතිතුමා සමඟ සම්බන්ධ වූ

අතර එහිදී අපට දැනගන්නට ලැබුණේ ඉහත ප්‍රකාශයේ සඳහන් වූ පරිදි කිසිඳු ප්‍රහාරයක්

ඊයේ දිනයේ (04) දී වාර්තා වී තිබුණේ නැති බවයි.

Conclusion: (අවසාන නිගමනය)

අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ඉහත සඳහන් ප්‍රකාශ දෙකම

සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් මේ සඳහා මීට පෙර අන්තර්ජාලයේ පළවූ ඡායාරූප යොදා ගෙන

ඇති බවත් ය

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ගෝඨාභය රාජපක්ෂගේ ආධාරකරුවන් විසින් අභියාචනාධිකරණ තීන්දුව සමරමින් ගෙවල් ගිනිබත් කළාද?

Fact Check By: Sathyajith Subasinghe

Result: False

Tags:    

Similar News