2015 දිවුරුම් දීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙත අතට අත දීම ප්‍රතික්ෂේප කළේද?

Update: 2019-11-23 06:39 GMT

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් 21 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේ ය. මෙම අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටි අතර ඔවුන් අතට අත දී සුබපතන ඡයාරූපයක් , 2015 දිවුරුම් දීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත අතට අත දීම ප්‍රතික්ෂේප කර ඇති බව හැඟෙන ආකාරයේ ඡයාරූපයක් සමඟ සංසන්දනය කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙනු දක්නට ලැබුණි.

එවැනි එක් සටහනක දක්නට ලැබුනේ “රනිල් මහත්තයෝ. උබට මතකද මේ දවස. මහින්ද මහත්තය පරාජය බාරගෙන උබට සුබ පතන්න ආවම දුන්නු ලොකු සීන් එක. මහින්ද මහත්තය හිනා වෙලා ඒක අමතක කරාට අපේ පපුවට පිහියෙන් ඇන්න උබ” යනුවෙනි.

Facebook LinkArchived Link

ඒ සම්බන්ධව පළවූ තවත් සටහනක් දක්වා තිබුනේ “ ඒ තමයි රාජපක්ෂවරුන්ගේ මනුස්සකම...” යනුවෙනි.

Facebook LinkArchived Link

ඒ සම්බන්ධව පළවූ තවත් සටහනක් පහතින්

Twitter LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ සම්බන්දව අප කරුණු සොයා බැලුවා. මුලින්ම ගුගල් (Reverse Image Search ) හරහා පලවන ඡායාරූපය නිරීක්ෂණය කරනු ලැබුවා. ඒ අනුව පැහැදිලි වුයේ මෙම සිද්ධිය 2015 අගෝස්තු මස 21 රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයේදී සිදුවූ සිදුවීමක් බවයි.

2015 අගෝස්තු මස 21 රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයේ වීඩියෝපට සහ සජීවී වාර්තකරණයන් අප සොයා බලනු ලැබුවා. එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන රනිල් වික්‍රමසිංහ මහතා හට , මහින්ද රාජපක්ෂ මහතා අතට අත දීමට සුදානම් වුවද, රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට ගොස් ගරුතර පුජ්‍ය පක්ෂයට වන්දනාමාන කර ඉන් අනතුරුව යලි පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට අතට අත දෙන බව පෙනී ගියා.

විනාඩි 14.35 සිට 14.55 දක්වා එම සම්පුර්ණ සිදුවීම පහතින් බලන්න.

Hiru Live Video of PM taking oath in 2015

https://youtu.be/pV7zBkI9quU?t=865

තවත් බොහොමයක් වෙබ් අඩවි මඟින්ද මෙම අවස්ථාව වාර්තා කර තිබුණා

Gossip Lanka Video

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙත දැත් අල්ලා අතට අත දුන් අයුරු “Daily Mirror” වාර්තා කර තිබු අයුරු පහතින්.

DM TwitterArchived Link

මෙම සිද්ධිය පිලිබඳ විස්තර කිරීමක් හිරු එෆ් එම් (Hirufm.lk) පුවත් අඩවිය වාර්තා කර තිබුනේ මෙලෙසින්

Hiru FM Archive

අවසාන නිගමනය

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 2015 දිවුරුම් දීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙත අතට අත දීම ප්‍රතික්ෂේප කර නොමැති අතර, ගරුතර පුජ්‍ය පක්ෂයට වන්දනාමාන කර ඉන් අනතුරුව යලි පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට අතට අත දෙන බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:2015 දිවුරුම් දීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙත අතට අත දීම ප්‍රතික්ෂේප කළේද?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News