ජනපති මාධ්‍ය අංශයේ තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ තාක්ෂණ උපකරණ අතුරුදන්වුවාද?

Update: 2020-01-17 12:28 GMT

පැවති රජය ඉවත් වී අලුත් රජයක් බලයට පත් වූ පසු, පෙර පැවති රජය කාලයේ භාවිතා කළ වටිනා රාජ්‍ය දේපල අස්ථානගත වීම පිළිබඳව වාර්තා පසුගිය දශකය තුල වූ ආණ්ඩු පෙරලී වලදී නිතරම වාර්තා විය. මෙවැනි අස්ථාන ගතවීම් වලට වගකිවයුතු වන්නේ හිටපු ජනාධිපතිවරු ඇමතිවරු සහ සමහර රාජ්‍ය නිලධාරීන් බව එබඳු වාර්තාවලින් පෙන්නුම් කර තිබෙනු දක්නට ලැබුණි.

මෙවැනි පසුබිමක සංජීව ප්‍රනාන්දු නමැත්තෙකු “ජනපති මාධ්‍ය අංශයේ තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ කෝටි ගණනක් වටිනා තාක්ෂණ උපකරණ අතුරුදන් – වහාම සොයන්නැයි ජනපති නියෝග කරයි!” යන තේමාව යටතේ සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක් සිය ෆේස්බුක් පිටුවල මෙම තේමාව යටතේම ප්‍රවෘත්ති ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය.

Link1 Link2
Archived Link 1Archived Link 2

ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර විශාල හුවමාරු වෙමින් තිබුණු මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

මෙබඳු පුවතක් වාර්තා වීමට හේතු පාදක වූ ප්‍රවෘත්තියක් ඇත්දැයි පසුගිය දින කිහිපයේ පළමුව ප්‍රවෘත්ති නිරීක්ෂණය කිරීමේදී අපට පෙනී ගියේ මීට දින කිහිපයකට පෙර (ජනවාරි මස 14 දින) මව්බිම පුවත්පතේ දෙවන පිටුවෙ මේ පිළිබඳව ප්‍රවෘත්තියක් තිබු බවයි.

Mawbima ArticleMawbima E-paper

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වල මෙම සිද්ධියට අදාළව කිසිදු ප්‍රතිචාරයක් නොවීම නිසා අප ප්‍රධාන මාධ්‍යයන්හි මේ පිළිබඳව යමක් ඇත්දැයි සෙවීමට ගූගල් සෙවීමක් කළෙමු. මෙම සිද්ධියට අදාළ බස් රථය අස්ථානගත වී නොමැති බවට සහ මෙම බස් රථය ජනාධිපති ලේකම් කාර්යාල රථ ගාලේ නවතා ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය විසින් නිකුත්කළ ප්‍රකාශයක් අඩංගු ප්‍රවෘත්ති කිහිපයක් නිරීක්ෂණය විය.

Google News Search

හිටපු ජනපතිගේ නිල මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ කරුණු දක්වා තිබුනේ මෙලෙසිනි.

“ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබු පටිගත කිරිමේ ජංගම බස් රථයක් අතුරුදහන්ව ඇති බවට පුවත්පත් මගින් ඊයේ (14) දිනයේ පුවතක් පලව තිබුණි.එම පුවතට අදාල NA-7580 දරණ බස් රථය 2015 ජනවාරි 9 වනදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට පත්විමටත් පෙර ජනාධිපති මාධ්‍ය අංශය විසින් බාහිර පටිගත කිරිම් සදහා යොදාගත් බස් රථයකි.ඒ වන විට එම බස් රථය ඉතා අබලන් තත්වයේ තිබු අතර එය මාධ්‍ය කටයුතු සදහා යොදා ගන්නා විශේෂිත බස් රථයක් නොව මගී ප්‍රවාහනය සදහා යොදා ගන්නා බස් රථයක් අලුවැඩියා කර මාධ්‍ය කටයුතු සදහා යොදා ගෙන තිබු බස් රථයක් විය.

පසුව ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන අංශය විසින් එම බස් රථය අලුත්වැඩියා කල අතර එවකට මාධ්‍ය අංශය සතුව තිබු භාණ්ඩ යොදාගනිමින් නැවත එම බස් රථය බාහිර පටිගත කිරිමේ කටයුතු සදහා යොදාගන්නා ලදි. දිගින් දිගටම එම බස් රථයේ පැවති කාර්මික දෝෂ හේතුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් එම බස් රථය ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අංශයට භාරදුන් අතර එම බස් රථය තුල තිබු මාධ්‍ය අංශයට අයත් භාණ්ඩ ජනාධිපති මාධ්‍ය අංශයේ ගබඩාව වෙත භාර දෙන ලදි.”

සම්පුර්ණ නිවේදනය පහතින්.

අස්ථානගත වූ බවට වාරතා වන අංක NA7580 දරන බස රථය දැනට ජනාධිපති ලේකම් කාර්යාල රථවාහන නැවතුමේ ගාල් කර ඇති බවටත්, මාධ්‍ය අංශය සතුව තිබූ වටිනා තාක්ෂණික උපකරණ සියල්ල ජනාධිපති කාර්යාලය ගබඩාවේ ඇති බවට වර්තමාන ජනාධිපති මාධ්‍ය අංශයෙ ඉහළ නිලධාරීන් සනාථ කළ බවට ඉන් ප්‍රකාශ කර තිබුණි.

මෙම නිවේදනයෙන් පසුව මව්බිම පුවත්පත විසින් අද දින (17) කලාපයේ එය නිවැරදි කොට පළකර තිබෙනු අපට දැකගන්නට හැකිවූවා. නමුත් එමඟින් විශාල හානියක් සිදුව ඇති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ලේකම්වරයා අප සමඟ පවසා සිටියා.

මව්බිම (17)

මේ කාරණය තවදුරටත් සනාථ කර ගනු වස් අපි වත්මන් ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය අංශය සමග දුරකථනයෙන් සම්බන්ධ වීමු. වත්මන් ජනපති මාධ්‍ය අංශය අපට තහවුරු කළේ බස් රථය සහ තාක්ෂණික උපකරණ අස්ථානගත වීම පිළිබඳව කිසිඳු නිවේදනයක් තමන් විසින් නිකුත් කර නොමැති අතර ජනාධිපති තුමා විසින් එබඳු අස්තානගතවීමක් පිලිබඳ විමර්ශනයක් කරන ලෙස නියෝගයක් ලබාදී නොමැති බවයි.

මෙම ප්‍රවෘත්තිය ම තවත් අවස්ථාවලදී ජනාධිපතිතුමා මෙම අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිස්පති තුමා වෙත සිදුකරන ලද නියෝගයක් ලෙස ද හුවමාරු වී තිබෙනවා අපට දැකගැනීමට හැකිවූවා. ඒ අනුව පොලිස් මාධ්‍ය ඒකකය සමග සම්බන්ධ වීමේ අපට දැන ගැනීමට ලැබුණේ එබඳු කිසිදු දැනුම්දීමක් ද සිදුකර නොමැති බවයි

අවසාන නිගමනය

අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබූ බස්රථය සහ වටිනා තාක්ෂණික උපකරණ අස්ථානගත වී නොමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය මඟින්ද වත්මන් ජනපති මාධ්‍ය අංශය මඟින්ද තහවුරු කර ඇති බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජනපති මාධ්‍ය අංශයේ තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ තාක්ෂණ උපකරණ අතුරුදන්වුවාද?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News