FACT CHECK: බනිස් මිල ඉහළ දැමීම ගැන ජනපති මාධ්‍ය ඒකකයේ නිවේදනයක්?

Factcresendo අපගේ කරුණු පරීක්ෂාවලින් බොහෝ අවස්තාවලදී පෙන්වා දී තිබෙන පරිදි පුවත්පත් ලිපි සහ සිරස්තල සංස්කරණය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයකින් බහුලව හුවමාරු වූ තවත් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ බනිස් මිල වැඩි කිරීම දේශීය ආර්ථිකය නැංවීමේ පියවරක් ”යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනය […]

Continue Reading

FACT CHECK: පාම් ඔයිල් තහනම ඉවතට ?

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බවද  ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් ඒ බව දැනුම් දුන් බවට ජනාධිපති මාධ්‍ය අංශයෙන් පසුගියදා නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.  එහි උණුසුම මැකෙන්නටත් කලින් පාම් ඔයිල් තහනම ඉවතට යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණා. මෙහි නිරවද්‍යතාවය […]

Continue Reading

FACT CHECK: ඔක්තෝබර් 06 වැනිදා සිට රට පුරා ඇඳිරි නීතිය පනවන බවට ව්‍යාජ සටහන් පෙළක්

දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වූ බව සනාථ වීමත් සමගම, ක්‍රියාත්මක වූ බලධාරීහු රෝගය සමාජගත වීම අවම කිරීමට උත්සුක වූවද එම කර්මාන්ත ශාලාවේ සේවකයින්ට රැසකට අමතරව දිවයිනේ ප්‍රදේශ කිහිපයක්ද ඇතුළුව කොරෝනා ආසාදිත රෝගීන් සියයකට අධික ප්‍රමාණයක් අද (ඔක්තෝබර් 05) දින තුළ වාර්තා විය. මේ හා සමඟම නැවත වරක් සමාජය තුළ කොරෝන […]

Continue Reading

අගෝස්තු 5 වැනිදා රාත්‍රියේ සිට වරාය පාලනය හමුදාව යටතට ගැනීම පිලිබඳ ජනපති තුමා නියෝග කල බවට සාවද්‍ය පුවතක්!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට පවරා නොදෙන ලෙස ඉල්ලමින් වරාය සේවකයන් මැතිවරණ සමයේ දියත් කළ උද්ඝෝෂණය ව්‍යාපාරය සෑම දේශපාලන පක්ෂයකම වාගේ අවධානය යොමුවී තිබුණි.  මෙවන් පසුබිමක “ශවින්ද්‍ර 100 ක් මැරුණත් මට වැඩක් නෑ . වරායේ එකෙකුටවත් පාරට බහින්න බෑ. ඔයා දයාත් එක්ක ෆුල් කොන්ට්‍රෝල් එක අතට ගන්න” තේමාවෙන් Ape Media Social Media ෆේස්බුක් පිටුවක්, […]

Continue Reading

ජනපති විසින් ආරක්ෂක රථ 18ක් යොදාගන්නා බවට සාවද්‍ය ප්‍රකාශයක්!

2019 වසර අවසානයේ ජනපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් සිය පරිවාර රථ සංඛ්‍යාව තුනකට සීමා කමින් දුන් ආදර්ශය රටවැසි සැමගේ ප්‍රසාදයට හේතුවිය. මෙවන් පසුබිමක Mayuri Roshini නමැත්තියක SPG 2020 Media Unit නම්වු ෆේස්බුක් පිටුවකට “ජනාධිපති වෙලා සති 2ක් වාහන 3ක් පාවිච්චි කරපු නන්දසේන “ස”   දැන් ආරක්ෂාවට තර්ජනයක් හින්දා වාහන 18ක් පාවිච්චි කරනවා”  යන වදන අන්තර්ගත […]

Continue Reading

Fact Check : අදින් පසු ලංකාවේ ටික් ටොක් තහනම් ද?

මීට දින දෙකකට පෙර ඉන්දියානු රජය විසින් එරට ස්වෛරීභාවය,  ආරක්ෂක තත්වය සහ මහජන සාමය යන හේතුන්ට හානියක් වීමේ අවදානම සලකමින්  TikTok, WeChat, Cam Scanner ඇතුළු චීන ජංගම යෙදුම් (Mobile Apps) 59ක් ඉන්දියාව තුල තහනම් කිරීමට ගත් තීරණය ලොව පුරා විශාල වශයෙන් කතාබහට ලක්වූ පුවතක් විය. ලංකාවේද විශේෂයෙන්ම තරුණ පිරිස් අතර ප්‍රචලිත ජංගම යෙදුමක් වන TikTok […]

Continue Reading

ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ලිපි ශීර්ෂය යොදාගනිමින් පළ කරන ලද සාවද්‍ය ලිපියක්

කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වීම නිසා දේශීය මෙන්ම විදෙස් වල අතරමං වූ ශ්‍රී ලාංකිකයින් රැසක් බොහෝ අපහසුතාවයන්ට පත්වූ අතර ඔවුන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස යම් සහනයක් ලබාදෙන ලෙසත් මාධ්‍ය හරහා පුවත් රැසක් පසුගිය සති කිහිපයේ දී ම වාර්තා විය. මේ අනුව ශ්‍රී ලංකා රජය විසින් මැයි මස මුල් සතියේ සිට එසේ විදෙස්ගතව මෙරටට පැමිණීම අපේක්ෂාවෙන් […]

Continue Reading

රජයේ සේවයේ මැයි මස වැටුප පරිත්‍යාග කිරීම සදහා භාවිතාකල යුතු ආකෘති පත්‍රයක් ?

රාජ්‍ය සේවකයන්ගේ මැයි මාසයේ වැ‍ටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙසට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා නිකුත් කර තිබු ආයාචනාත්මක ලිපියක් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදී දැඩි කතාබහක් ඇතිවී තිබෙනු දැකගන්නට ලැබුණි. විස්තරාත්මක පැහැදිලිකිරීමක් සහිතව පලකර තිබු එම ලිපිය රාජ්‍ය සේවයේ සියලු ආයතන ප්‍රදානීන් වෙත යොමු කෙරෙන බව දක්වා තිබු අතර  එක් මසක වැ‍ටුප හෝ […]

Continue Reading

ජනපති මාධ්‍ය අංශයේ තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ තාක්ෂණ උපකරණ අතුරුදන්වුවාද?

පැවති රජය ඉවත් වී අලුත් රජයක් බලයට පත් වූ පසු, පෙර පැවති රජය කාලයේ භාවිතා කළ වටිනා රාජ්‍ය දේපල අස්ථානගත වීම පිළිබඳව වාර්තා පසුගිය දශකය තුල වූ ආණ්ඩු පෙරලී වලදී නිතරම වාර්තා විය. මෙවැනි අස්ථාන ගතවීම් වලට වගකිවයුතු වන්නේ හිටපු ජනාධිපතිවරු ඇමතිවරු සහ සමහර රාජ්‍ය නිලධාරීන් බව එබඳු වාර්තාවලින් පෙන්නුම් කර තිබෙනු දක්නට ලැබුණි. මෙවැනි […]

Continue Reading