වයඹ ඩිස්ටිලරීස් සමාගමට නැවත නිෂ්පාදනය ආරම්භ කිරීමට අවසර ලැබුණේද?

Update: 2020-02-05 05:57 GMT

ශ්‍රී ලංකා රජයට ආදායම් ලැබෙන එක් මාර්ගයක් වී ඇත්තේ මත්පැන් විකිණීම සහ නිෂ්පාදනය උදෙසා අය කරන බදුය. ලංකාවේ මත්පැන් ව්‍යාපාරය නියාමනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින්ය.

වයඹ ඩිස්ටිලරීස් සමාගම ද ලංකාවේ මත්පැන් නිෂ්පාදනය හා සම්බන්ධව සිටි ආයතනයකි. බදු ගෙවීම් පැහැරහැරීම ඇතුළු චෝදනා කිහිපයක් මත මෙම ආයතනයේ නිෂ්පාදනාගාරය සහ ගබඩාවට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා අධිකරණය හමුවේ නඩු නිමිත්තක් ගොනු කරන ලදී. එබැවින් දැනට මෙම ආයතනයේ නිෂ්පාදන කටයුතු සිදුවන්නේ නැත.

පසුබිම මෙසේ තිබියදී ජාතික සුදුවෑන් පෙරමුණ නමැති ෆේස්බුක් පිටුවක සේයාරූ තුනක් සහිතව “සුරාබදු කොමසාරිස් බොදරගේ වික්‍රමය... කෝටි ගණන් පොලු තැබූ ජොනීගේ වයඹ ඩිස්ටිලරීස් යළි ඇරේ. මට කරන්න දෙයක් නෑ ජොනි මට වියදම් කළා - ජනපති” යනුවෙන් සඳහන් කරමින් දීර්ඝ කථාංශයක් සහිතව සටහනක් ඉදිරිපත් කොට ඇති සටහනක් දක්නට ලැබුණි. පහත දැක්වෙන එම දිගු ලිපියෙන් ලබාගත් කොටස් වෙත අපගේ අවධානය යොමු විය.

“රජයට බදු නොගෙවා මුල්‍ය වංචා සිදුකිරිම ඇතුලු සිද්ධින් කිහිපයක් හේතුවෙන් පසුගිය කාලේ අහෝසි කරන ලද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ළඟම ඥතීන් දෙදෙනකු නමින් පවත්වා ගෙන ගිය ‘වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ’ බලපත්‍රය යලි පෙබරවාරි 6 වැනිදා සිට නිෂ්පාදනයන් ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙමින් පසුව ජොනීගේ ඉල්ලිම මත වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඒ.බෝදරගම පත්කල අතර එම පත්විමෙන් පසුව ජොන්ස්ටන්ගේ ‘වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ’ බදු සියල්ලම ගෙවු බවට අවශ්‍ය ලේඛන සකස් කර 6 වැනිදා සිට යලි විවෘත කිරිම සදහා අවසර පත්‍ර නිකුත් කර තිබේ.

බෝදරගම යනු සුරාබදු පරීක්ෂකවරයෙකු වසර 35 ක පමණ කාලයක් කටයුතු කර කප්පම් මරුවෙකු වන අතර ඔහු සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත්කිරිම සම්බන්ධයෙන් ගෝඨාභය ජනාධිපතිවරයාට අප්‍රසාදය පලවු අතර ඒ නිසාම මාස 5ක කාලයක් සදහා වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙසයි බෝදරගම පත්කර ඇත්තේ. කෙසේවෙතත් කුප්‍රකට බෝදරගම සිය තනතුර අවභාවිතාවේ යොදවමින් සීටින අතර ඔහු කිසිදු තැනක තමන් වැඩබලන කැල්ල භාවිතා නොකරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන් සදහන් කලේ.

මිරිසවැටිය චෛත්‍යරාමාධිපතී ලෙස ශ්‍රාස්ත්‍රපති ඊතලවැටුණවැවේ ඤාණතිලක හිමියන් “වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගම” යලි විවෘත කිරිමට විරුද්ධව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත පෞද්ගලිකවම හමුවි පලකර තිබේ.කෙසේවෙතත් තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිවක් කල නොහැකි බව ජනාධිපතිවරයා පවසා ඇති අතර ජොන්ස්ටන් මැතිවරණ ව්‍යාපාරයෙදි තමන් වෙනුවෙන් සැහෙන්න වියදම් කල බවත් එවා යලි හම්බකර ගැනිම සදහා ව්‍යාපාරවලට ඉඩ දියයුතු බවද සදහන් කර තිබේ.”

මෙම ප්‍රවෘත්තියම ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයකද ඉදිරිපත් කර තිබෙනු අපට නිරීක්ෂණය විය

News LinkArchived News Link

සමාජ මාධ්‍ය තුල හුවමාරුවන සටහන්..

Facebook LinkArchived Link

සමාජ මාධ්‍ය තුල හුවමාරුවන තවත් සටහන් පෙළක් පහතින්...

Facebook LinkArchived LinkFB Link 2 Archived Link 2

“වසා තිබෙන දේශීය කර්මාන්ත යළි ඇරේ..! 💪 වයඹ ඩිස්ටිලරීස් සමාගම පෙබරවාරි 6 සිට සිය නිෂ්පාදන කටයතු අරබයි..!” යනුවෙන් විශාල හුවමාරුවන තවත් සටහනක් පහතින්.

Facebook LinkArchived Link

ඉතා කෙටි කලකදී ප්‍රතිචාර සටහන් සෑහෙන සංඛ්‍යාවක් ලබා ගත් මෙම සටහන් පිළිබඳ සත්‍යතාවය සොයාබලන ලෙස අප වෙත ඉල්ලීම් කිහිපයක්ද ලැබී තිබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම පුවත සම්බන්ධයෙන් අපි ගූගල් නිව්ස් හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් මේ සම්බන්ධයෙන් කිසිඳු පුවතක් පළකර නොමැති බවත් Asianmirror.lk විසින් සිදුකර ඇති වාර්තාවකට අනුව 2015 වසරේ ජනවාරි මස වයඹ ඩිස්ටිලරීස් සමගම නිෂ්පාදන කටයුතු නවතා සීල් තබා ඇති බවයි.

එසේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇගයීම පිළිබඳව 2016 වසර සහ 2018 වසර සඳහා නිකුත් කරන ලද වාර්තා පරික්ෂා කිරීමේදී ද අපට පෙනී ගියේ වයඹ ඩිස්ටිලරීස් සමාගම නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති ආයතනයක් වශයෙන් නම් කර ඇති බවයි.

Excise Department of Sri Lanka | Performance Report – 2016 (Sri Lanka Parliament) 2018 Report for Excise Department

කුරුණෑගල, මල්කඩුවාව, පිටත වටරවුම් පාරේ පිහිටා ඇති වයඹ ඩිස්ටිලරීස් සමාගමේ ප්‍රධාන කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබා ගත්තද, එම අංකයෙන් ප්‍රතිචාරයක් ‍නොවීය. ඉන් අනතුරුව අප කුරුණෑගල ස්ථානගත කර ඇති සහකාර සුරාබදු කොමසාරිස් තුමාව දුරකථනයෙන් සම්බන්ධ කරගෙන මෙම සටහනේ සත්‍යතාව පිළිබඳ විමසීමක් කළෙමු. දැනට වයඹ ඩිස්ටිලරීස් සමාගමේ නිෂ්පාදනාගාරයට සහ ගබඩාවට මුද්‍රා තබා ඇති බව සනාථ කළ ඔහු, නිෂ්පාදනාගාරයේ ඇති යන්ත්‍රෝපකරණ නඩත්තු කටයුතු සඳහා සුරාබදු නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ විටින් විට අවකාශයක් ලබාදෙන බවත්, ඒ අනුව පෙබරවාරි 5 සහ 6 දිනයන්හි නඩත්තු කටයුතු සඳහා අවසර ලබා දි ඇති බවත් පැවසීය.

අද දින (පෙබරවාරි 5) උදේ වරුවේද වයඹ ඩිස්ටිලරීස් ආයතනයේ සිටියදීම සහකාර කොමසාරිස් තුමා සමග අප දුරකථනයෙන් සම්බන්ධ වූ අතර එහිදී ඒ මහතා පවසා සිටියේ අදාළ උපකරණ බොහෝ ලෙස ජරාවාස වී තිබු බවත් එම අලුත්වැඩියා කිරීමේ කටයුතු මෙම දින කිහිපයේ සිදුවන බවත්ය. ඉන් අනතුරුවව නැවත නිල දැනුම් දීමක් ලැබෙනතුරු නැවත මුද්‍රා තබන බවද එතුමා තවදුරටත් පවසා සිටියා.

මේ කරුණු සනාථ කරගැනීම සඳහා අප සුරාබදු කොමසාරිස් ජෙනරාල් බෝදරගමගේ මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමු. බදු ගෙවීම් පැහැර හැරීම සහ වෙනත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් නඩු නිමිත්තක් ගොනු කර ඇති නිසා අධිකරණ ක්‍රියාදාමය අවසන් වන තුරු මෙම ආයතනය විවෘත කිරීමට අවසර ලබා දී නොමැති බව ඔහු පැවසීය. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම මත සිය නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ වරින් වර නඩත්තු කටයුතු සඳහා අවසර ලබා දෙන බව පැවසු එතුමා එසේ අවසර ලබදීම ඕනෑම මුද්‍රා තබන ලද ස්කාගාරයකට ලබාදෙන අවස්තාවක් බවද තවදුරටත් පවසා සිටියා.

මෙම ආයතනය විවෘත කිරීමට විරුද්ධවත්වය පාමින් මිරිසවැටිය චෛත්‍යරාමාධිපතී ශ්‍රාස්ත්‍රපති ඊතලවැටුණවැවේ ඤාණතිලක හිමියන් ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් මුණගැසුණු බව මෙම සටහනේ අන්තර්ගතව තිබීම නිසා, එය තහවුරු කර ගැනීම පිණිස අප මිරිසවැටිය චෛත්‍යරාමාධිපතී ශ්‍රාස්ත්‍රපති ඊතලවැටුණවැවේ ඤාණතිලක හිමියන් දුරකථනයෙන් සම්බන්ධ වීමු. උන්වහන්සේ කිසිම දිනක වයඹ ඩිස්ටිලරීස් ආයතන නැවත නිෂ්පාදන කටයුතු ඇරැඹීමට විරුද්ධව කරුණු පහදා දීම පිණිස, ජනාධිපතිතුමන් මුණ නොගැසුණු බවද අවධාරනය කළේය.

බෝදරගමගේ මහතාගේ සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස පත්වීම පිලිබඳ සොයා බැලීම පිණිස ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වාර්තා විමසා බැලුවෙමු.

2020 ජනවාරි මස 14 දින DailyFT පුවත් පත New Commissioner General appointed to Excise Dept. සිරස්තලයෙන් පහත වාර්තාව ඉදිරිපත් කර තිබිණි.

“මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙස සේවය කළ බෝදරගමගේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කර තිබේ. 1985 දී සුරාබදු පරීක්ෂකවරයෙකු ලෙස දෙපාර්තමේන්තුවට බැඳුණු ඔහු වසර 30 කට වැඩි කාලයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හෙබවීය. කලක් ඔහු වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද කටයුතු කර ඇත.”

News LinkArchived News Link

සුරාබදු කොමසාරිස් තුමාගේ පත්වීම තහවුරු කරගැනීම සඳහා තවදුරටත් එම දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය සහ අදාල ෆේස්බුක් පිටුව පරිශීලනය කිරීමේ දී ද අපට පෙනී ගියේ පසුගිය ජනවාරි මස 14 වැනිදා බෝදරගමගේ මහතා සුරාබදු කොමසාරිස් වශයෙන් පත්වීම ලබාගෙන ඇති බවයි.

Excise Department of Sri LankaFacebook Link

අවසාන නිගමනය

අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “කෝටි ගණන් පොලු තැබු ජොනීගේ “වයඹ ඩිස්‌ටලරීස්‌” යලි ඇරේ…. මට කරන්න දෙයක් නෑ… ජොනී මට චන්දෙට වියදම් කළා - ජනපති” යන තේමාව යටතේ ඉදරිපත් කර ඇති සටහන සහ අනෙකුත් සමාජ මාධ්‍ය සටහන් පාඨකයා නොමඟ යවන සුළු ප්‍රවෘත්ති බවයි.

අපගේ කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ වැඩබලන සුරාබදු කොමසාරිස් ලෙස නොව සුරාබදු කොමසාරිස් ජෙනරාල් නිල පත්වීම පසුගිය ජනවාරි මස 14 වැනිදා ලබා ඇති බවත් වයඹ ඩිස්ටිලරීස් සමාගමට නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා අවසරයක් ලබාදී නොමැති අතර පෙබරවාරි මස 5 සහ 6 වෙනි දිනවල සුරාබදු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනාගාරයේ යන්ත්‍රෝපකරණ නඩත්තුව සඳහා අවසර ලැබී ඇති බවත් ඉන් අනතුරුව නැවත මුද්‍රා තබන බවත්ය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:වයඹ ඩිස්ටිලරීස් සමාගමට නැවත නිෂ්පාදනය ආරම්භ කිරීමට අවසර ලැබුණේද?

Fact Check By: Sahan Perera

Result: Partly False

Tags:    

Similar News