හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිදහස් උත්සවයට නොපැමිණියේ ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ තමා අපහසුතාවයට පත් කරයි යැයි සිතාද?

Update: 2020-02-11 12:59 GMT

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් සමරු උළෙල පසුගිය පෙබරවාරි මස 4 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ‘සුරක්‍ෂිත ජාතියක් - සමෘද්ධිමත් රටක්’ යන තේමාව යටතේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් නිදහස් දින සමරු උළෙලට සහභාගී විය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් උත්සවයට සහභගී වී තිබුනේ නැත.

මෙවන් පසුබිමක "ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා. නිදහස් උළෙල වර්ජනය කළ හේතුව මෛත්‍රී කියයි” යනුවෙන් සදහන් පුවත් සමාජ මාධ්‍ය හරහා මෙන්ම වෙබ් අඩවි කිහිපයක්ද වාර්තාකර තිබිණ.

එකී වාර්තාවල තවදුරටත් මෙසේ කරුණු දක්වා තිබුණි. “පසුගිය දින පැවැති එජාප මන්ත්‍රී කබීර් හෂීම්ගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වීමට තමන් එහි ගිය අවස්ථාවේ ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශ විසින් තමන් රැගත් වාහනය මගදී නැවැත්වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. එතැන් සිට තමන්ට පයින් යෑමට සිදුවූ බවද මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා සඳහන් කර ඇත.

මෙවර නිදහස් උත්සවයේදීද එම සැලකිල්ල තමන්ට ලැබෙනු ඇතැයි සිතා නිදහස් උත්සවය වර්ජනය කළ බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා සිය හිතවතුන් සමග ප්‍රකාශ කර තිබේ”

එලෙස හුවමාරුවන පුවත පහතින්.

News LinkArchived News Link

"ජනාධිපති ආරක්ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා. නිදහස් උළෙල වර්ජනය කළ හේතුව මෛත්‍රී කියයි” සමාජ මාධ්‍ය තුල හුවමාරුවන එම සටහන පහතින්.

Facebook LinkArchived Link

ජනාධිපති ආරක්ෂක අංශය විසින් හිටපු ජනාධිපතිවරයෙකුට එලෙසින් අපහසුතාවයට ලක් කිරීමක විශ්වාස කිරීමට අපහසු බැවින්, මේ පිලිබඳ විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

"ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා. නිදහස් උළෙල වර්ජනය කළ හේතුව මෛත්රී කියයි” යන පුවත සම්බන්දයෙන් අපි ගූගල් නිව්ස් හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් මේ සම්බන්ධයෙන් කිසිදු පුවතක් පළකර නොමැති බවයි. එහෙත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිදහස් උත්සවයට පැමිණ නොසිටි බව එම පුවත් වාර්තා සදහන් කර තිබෙන අයුරු දක්නට ලැබීය.

Google News Link

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලදී. ඒ අනුව "ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා. නිදහස් උළෙල වර්ජනය කළ හේතුව මෛත්‍රී කියයි” යන පුවත අසත්‍ය පුවතක් බව ඔවුන් එමගින් දන්වා තිබෙනවා.

එම මාධ්‍ය නිවේදනය පහතින්.

එම ලිපියේ කරුණු දක්වා තිබෙන්නේ “හිටපු අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වීම සඳහා පැමිණි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ වාහනය ජනාධිපති, අගමැති ආරක්ෂක අංශය විසින් අතරමග නවත්වා පයින් ගමන් කරන ලෙස ජනාධිපති ආරක්ෂක අංශය විසින් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් හට පැවසූ බව යන සිදුවීම සාවද්‍ය පුවතකි. ජනාධිපති ආරක්ෂක අංශය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව එලෙස අපහසුතාවයට ලක් කිරීමක් කිසිදු ලෙසකින් එම අවස්ථාවේ සිදු නොකරන ලදී” යනුවෙනි.

“ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ පළපුරුදු නිලධාරීන්ගෙන් විශේෂ පුහුණුවකින් යුතුව නිර්මාණය කර ඇති විශේෂ ඒකකයක් වන අතර වෘත්තීයවේදිත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් පළවන මෙවැනි පුවත් සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද අපකීර්තියට පත් කිරීම, මාධ්‍ය සදාචාරය අගයන සියලු දෙනා වටිනාකමක් නොදෙනු ඇතැයි හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය ලෙස අප විශ්වාස කරමු.” යනුවෙන්ද එහි තවදුරටත් සඳහන් වී තිබුණි.

මේ පිළිබඳව අප ජනාධිපති කාර්යලයෙන් කල විමසීමකදී ද දැනගන්නට ලැබුනේ මෙබඳු කිසිඳු සිද්ධියක් පිලිබඳ වාර්තා වී නොමැති බවයි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය සමඟ සම්බන්ධ වී ඇත්ත වශයෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් දින උත්සවයට සහභාගී නොවීමට හේතුව විමසා සිටියදී අපට දැනගන්නට ලැබුනේ අසවනාවන්ත ලෙස එතුමාගේ අතිශයින්ම සමීපතකුගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට පොළොන්නරුවට යාමට සිදුව තුබූ බැවින් නිදහස් දින උළෙල සහභාගී වීමට නොහැකි වූ බවයි.

අවසාන නිගමනය

අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ "ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා. නිදහස් උළෙල වර්ජනය කළ හේතුව මෛත්රී කියයි” යන තේමාව යටතේ ඉදරිපත් කර ඇති වාර්තාසහ අනෙකුත් සමාජ මාධ්‍ය සටහන් පාටකයා නොමඟ යවන සුළු අසත්‍ය ප්‍රවෘත්තියක් බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිදහස් උත්සවයට නොපැමිණියේ ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ තමා අපහසුතාවයට පත් කරයි යැයි සිතාද?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News