කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිය චීනයේ රෝහලක දර්ශනයක්ද ?

Update: 2020-02-18 08:08 GMT

නව කොරෝනා වෛරස ආසාදනය (COVD-19) මේ වන විට වසංගතයක් ලෙස ලොව රටවල් විසිපහකට පැතිර ගොස් ඇති අතර 1800ට අධික සංඛ්‍යාවකට (පෙබරවාරි 18) මරු කැඳවා ඇත. මෙම රෝගය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නොයෙකුත් ප්‍රවෘත්ති ඉදිරිපත් වීමට පටන් ගෙන ඇති අතර අප කළ කරුණු විමර්ශනවලදී අනාවරණය වූයේ බොහොමයක් අසත්‍ය හෝ නොමඟ යවන සුළු ප්‍රවෘත්තීන් බවය.

මෙවන් පසුබිමක Buddha preaching නැමැති ෆේස්බුක් පිටුවක “කොරෝනා හැදුනු ලෝක සත්වයා” . සිරස්තලයෙන් වීඩියෝ පටියක් සහිත සටහනක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. එමෙන්ම එම වීඩියෝ පටයම අඩංගු සටහනක් Trinco TV නැමැති ෆේස්බුක් පිටුව ද ඉදිරිපත් කර ඇති බව දක්නට ලැබුණි. මෙම වීඩියෝ පටයෙන් දැක්වෙන්නේ කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිය චීනයේ රෝහලක දර්ශනයක් බව හැඟවීමට උත්සාහයක් දරා තිබුණි. ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වෙමින් තිබූ මෙම වීඩියෝ පටය අන්තර්ගත ෆේස්බුක් සටහන් පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Link1Link2
Archived Link1Archived Link2

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

අප මෙම ෆේස්බුක් සටහන් දෙකෙහිම වූ මෙම වීඩියෝ පටය රූපරාමු වලට බෙදා අධ්‍යයනය කළෙමු. මෙම පළමු රූප රාමුවේ උඩු පැත්තේ දකුණු පසින්ද, අනෙක් රූප රාමු දෙකේ යටි පැත්තේ වමෙන්ද Tik Tok සහ @damiangelsenhuys යන සටහනක් ඇති බව දක්නට ලැබුණි. එබැවින් මෙම වීඩියෝ පටය, Tik Tok උඩුගත කර ඇති බවත්, එය Tik Tokහි ඇති @damiangelsenhuys නමැති ගිණුමේ බව සනාථ විය.

අප මෙම රූපරාමු google reverse image සෙවීමක් කළෙමු. Damiangelsenhuys විසින් original sound නමැති තේමාව යටතේ Tik Tok ජාලයට යාවත්කාලින කර ඇති වීඩියෝ පටය පිළිබඳ වාර්තාව අපගේ අවධානය යොමුවිය.

LinkArchived Link

මෙම සෙවීමේදී අපට තහවුරු වූයේ මෙම වීඩියෝ පටය කිසිසේත්ම චීනයට සම්බන්ධ විය නොහැකි බවත් මේ නිර්මාණය කරන ලද තැනැත්තා යුරෝපීය සම්භවයක් ඇති තැනැත්තකු විය යුතු බවය.

මේ වනවිට ඔහු ඉහල ප්‍රසිද්ධියක් ලබාගත් තම Tik Tok ගිණුම පුද්ගලික ගිණුමක් බවට පරිවර්තනය කර තිබු බැවින් මුල් වීඩියෝව දක්නට නොලැබුනද, එම වීඩියෝව Tik Tok භාවිතා කරන්නන් බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබෙනුද දක්නට ලැබුණි.

මෙම වීඩියෝ පටය පිලිබඳ AFP පුවත් සේවය සිදුකළ කරුණු විමර්ශනයක වාර්තාව අපගේ අවධානයට ලක්විය. AFP පුවත් සේවය සිදු කළ කරුණු විමර්ශන වාර්තාවට අනුව මෙම වීඩියෝ පටයෙන් දැක්වෙන්නේ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිය චීනයේ රෝහලක් නොව දකුණු අප්‍රිකාවෙ උසස් අධ්‍යාපන පාසලක නව වාරය ආරම්භ කිරීමේදී සාම්ප්‍රදායික සමාරම්භක උත්සවයක (High School Initiation) වීඩියෝ පටයක් බවයි. "Gelsenhuys"නම දකුණු අප්‍රිකානු නමකට සමාන නිසා මෙම වීඩියෝ පටය AFP පුවත් සේවය විසින් ඔවුන්ගේ දකුණු අප්‍රිකාවේ ජෝහැන්ස්බර්ග් කාර්යාලයට යොමු කළ විට ඔවුන් සනාථ කර ඇත්තේ මඳක් අපැහැදිලි වූවද වීඩියෝ පටයේ භාෂාව, දකුණු අප්‍රිකාවේ භාවිතා වන Afrikaans භාෂාවට සමාන බවය.

AFP පුවත් සේවය Damiangelsenhuys ගේ පියා වන Andrew Geldenhuys දුරකථනයෙන් සම්බන්ධ කර ගෙන ඇත. පාසැල් සමාරම්භක උත්සවයේදී “bomskok” හෙවත් බෝම්බයක් පුපුරා යාම හෝ භූමිකම්පාවක් මධ්‍යයේ සිටින බව මවා පෑමට කරන නර්තනයක් බවත් එසේ රඟපෑමේදි ඔවුන්ගේ සිරුරු සොලවන්නට සිදුවන බවත් ඔහු දුරකථනයෙන් පවසා ඇත.

මෙම වීඩියෝ පටය ජනවාරි 28 වන දින දකුණු අප්‍රිකාවේ Gauteng පළාතේ පිහිටි ඔහුගේ පුතාගේ උසස් පාසලේදී රූගත කරන ලද බව Andrew Geldenhuys පවසා ඇති අතර මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ මෙතරම් ප්‍රසිද්ධියක් ලැබීම ගැන ඔහු මවිතියට පත්ව ඇති බවද ඇත.

අවසාන නිගමනය

අපගේ කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ, මෙම වීඩියෝ පටයෙන් දැක්වෙන්නේ දකුණු අප්‍රිකාවේ උසස් අධ්‍යාපන ආයතනයක පාසල් වාරය ආරම්භක උත්සවයක දර්ශන විනා, කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිය චීනයේ රෝහලක දර්ශනයක් නොවන බවය.

එබැවින් මෙම වීඩියෝ පටය කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිය චීනයේ රෝහලක දර්ශනයක් බව පෙන්වීමට තැත් කරන සියලුම ෆේස් බුක් සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිය චීනයේ රෝහලක දර්ශනයක්ද ?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News