ඉතාලියේ වත්මන් කොරෝනා වෛරසය තත්වය ආශ්‍රිත ඡායාරුප ලෙස හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

Update: 2020-03-26 07:07 GMT

කොරෝනා වෛරසය මගින් මුළු ලොවම වෙළාගත් අවදියක මාර්තු 25 වන විට ඉතාලිය කේන්ද්‍රස්ථානය වූ යුරෝපයේ පමණක් මුළු මරණ සංඛ්‍යාව දොළොස් දහසකට ආසන්න වී තිබු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව ද පෙන්වා දී තිබුණි

ඉතාලියේ මෙම ඛේදනීය තත්වය අල්ලලා විවිධාකාරයේ සාවද්‍ය පුවත් ඇතුළු සටහන් රැසක් මීට පෙර ද සකස් කර තිබූ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අප විසින් සිංහල බසින් සිදු කළ සියළුම කරුණු විමර්ශනය මෙම දිගුවෙන් දැකබලාගත හැක. පහත දැක්වෙන්නේ තවත් එවැනි නොමඟ යවන සුළු සටහන් කිහිපකි.

එක අහසක් යට නැමැති ෆේස්බුක් පිටුවකඉතාලි ජාතිකයෙක් තම බිරිඳ සහ දරුවන් කොරෝනා වෛරසය වැළඳී මිය ගිය ශෝකය දරා ගත නොහැකිව මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගත් ආකාරය කැමරා කාචයක සටහන්ව තිබුණා තේමාව යටතේ සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. කෙටි කාලයක් තුළ ප්‍රතිචාර රැසක් සහිතව ෆේස්බුක් පරිශීලනය කරන්නන් 3500 කට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබුණු මෙම සටහනට හිමිවුණු ප්‍රතිචාර අතර මෙය අසත්‍ය සටහනක් බවට යෝජනා වී තිබෙනු දක්නට ලැබුණේය.

LinkArchived

Think Moment නමැති ෆේස්බුක් පිටුවකද පපුව පිච්චිලා ගියා ඒකට.. අපිට තවම කල් ඇති ‌මේකේ භයානකත්වය ‌තේරුම් ගන්න. යන සිරස්තලයෙන් සේයාරුවක් සහිත සටහනක් ඉදිරිපත් කර තිබුණි. මේ ෆිල්ම් එක කොටසක් නෙවෙයි ඉතාලි වෛද්‍යවරුන් දෙදෙනෙක් නෝනයි මහත්තයයි රෝගීන් 134 දෙනෙකුට ප්‍රතිකාර කරන්න දිවා රෑ නොබලා වෙහෙසුන ඔවුන් අටවෙනි දින කොරෝනා වෛරස් රෝගයට ගොදුරු වුණා. තමන්ට තව දුරටත් ජීවත් වීමට නොහැකි බව වැටහුනු ඔවුන් දෙදෙනා එකිනෙකා දෙස රෝහල් විවේකාගාරයේ සිට ආදරයෙන් බලා සිටියේ මේ විදිහට. ඊට පැයකට පසු ඔවුන් දෙදෙනාම මෙලොව හැර ගියා ලෙස නම්කර තිබු මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් 11000 කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණු මෙම සටහනට හිමි වූ බොහෝ ප්‍රතිචාර මෙය අසත්‍ය බවට යෝජනා කර තිබුණි.

LinkArchived

එමෙන්ම SA Piremstalan ෆේස්බුක් පිටුවකද Italy Situation හෙවත් ඉතාලියේ තත්ත්වය නැමැති තේමාවෙන් ඡායාරූප සංකලනයක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබුණි. මෙම සටහනද ෆේස්බුක් පරිශීලනය කරන්නන් 300 ඉක්මවා සංසරණය වී තිබුණේය. සටහනට ද ප්‍රතිචාර දැක්වූවන් පවසා තිබුණේ මෙය අසත්‍ය සටහනක් බවය. එබැවින් මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

LinkArchived Link

ඉහත ප්‍රකාශ අඩංගු සටහන සියල්ලම පිළිබඳව ෆේස්බුක් පරිශීලකයන් කීපදෙනකු විසින් ම නොමඟ යවන සුළු සටහන් ලෙස නම් කර තිබීමත් සමගම මේ පිළිබඳ වැඩිදුර කරුණු විමර්ශනය කිරීමට අදහස් කළෙමු

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

Claim 1: ඉතාලි ජාතිකයෙක් තම බිරිඳ සහ දරුවන් කොරෝනා වෛරසය වැළඳී මිය ගිය ශෝකය දරා ගත නොහැකිව මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගත් ආකාරය

එක අහසක් යට නැමැති ෆේස්බුක් පිටුවේ තිබූ ඡායාරූපය Google reverse image සෙවීමකට යොමු කළෙමු. මෙම සේයා රූ රැගත් සටහන් සහ වාර්තා රැසක් අන්තර්ජාලයේ තිබෙන බව නිරීක්ෂණය විය.

Hoodsite.com වෙබ් අඩවිය Man jumps to his death from the top of Hotel Valencia Center” සිංහල අර්ථය වැලන්සියා සෙන්ටර් හෝටලයේ උඩු මහලෙන් පැන මිනිසකු දිවි නසා ගනී සිරස්තලය සහිත වාර්තාව අධ්‍යයනය කළෙමු. 2017 දෙසැම්බර් මස 29 දින ස්පාඤ්ඤයේ පිහිටි වැලන්සියා සෙන්ටර් හෝටලයේ උඩු මහලෙන් බිමට පැන දිවි නසා ගන්නා මිනිසකුගේ දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් එහි අන්තර්ගත විය.

Link
Archived Link

මේ පිළිබඳව තවදුරටත් කරුණු විමසා බැලීම පිණිස අප MALDITA.ES ඇතුළු වෙබ් අඩවි කිහිපයකම සිදුකල කරුනු විමර්ශණය පරීක්ෂා කර බැලු වෙමු. ඔවුන් තහවුරු කර තිබුනේද 2019 දෙසැම්බර් මස 24 වැනි ස්පාඤ්ඤයේ පිහිටි වැලන්සියා සෙන්ටර් හෝටලයේ උඩු මහලෙන් බිමට පැන දිවි නසා ගන්නා පුද්ගලයකුගේ කළ ඇතුළත් වීඩියෝ පටයක් බවය. එමෙන්ම බාර්සිලෝනා පොලිසිය සනාථ කර තිබුණේ මෙම මෙසේ දිවි නසා ගත්තේ මිනිසකු නොව කාන්තාවක් බවය.

මේ අනුව අනාවරණය වූයේ එක අහසක් යට ෆේස්බුක් පිටුවේ ඡායාරූපය එහි දක්වා ඇති පරිදි ඉතාලි ජාතිකයකු සියදිවි නසා ගැනීමක් නොව ස්පාඤ්ඤයේ බාසිලෝනා හි වැලෙන්සියා සෙන්ටර් හෝටලයේ උඩු මහලෙන් බිමට පැන දිවි නසාගත් කාන්තාවකගේ ඡායාරූපයක් බවය.

Claim 2: මියයාමට සුළු මොහොතකට පෙර ඉතාලි වෛද්‍ය යුවලක්

Think Moment ෆේස්බුක් පිටුවේ තිබූ සටහනේ අන්තර්ගතව තිබූ සේයාරුව google reverse image සෙවීමට යොමු කළෙමු. එම සටහන හා සබැඳි අන්තර්ජාලයේ වාර්තා රැසක් ඇති බව දක්නට ලැබුණි.

Tampa Bay Times පුවත් පතේ Spain to declare state of emergency over coronavirus outbreak” සිංහල අර්ථය “කොරෝනා වෛරස් ව්‍යාප්තිය සමග ස්පාඤ්ඤය හදිසි නීතිය පනවයිප්‍රවෘත්ති වාර්තාව පරික්ෂා කර බැලු වෙමු. AP පුවත් සේවයේ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා වේ ඡායාරූප ශිල්පී Emilio Morenatti විසින් කැමරා කාචයට හසු කරගත් එම ඡායාරූපයට පහත ඇති කථාංගය අන්තර් ගත කර තිබුණි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා ප්‍රකාශයට පත් කළ යුරෝපීය සංචාරකයින් හට දින 30 ක නව සංචාරක තහනම හමුවේ ගුවන් සමාගම් සහ සංචාරකයින් ගැටළු නිරාකරණ කරගන්නා අතරේ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ගුවන් තොටුපලේදී යුවළක් සිප ගනිමින් යනුවෙන් නම් කර තිබු එම ඡායාරුපය පහතින්.

LinkArchived Link

තව දුරටත් කරුණු සනාථ කර ගනුවස් අප Emilio Morenatti ඡායාරූප ශිල්පියාගේ ට්විටර් ගිණුම පරීක්ෂා කළෙමු. 2020 මාර්තු මස 12 දින ඔහු පහත ඇති ට්විටර් පණිවුඩය නිකුත් කර තිබුනි.

https://twitter.com/EmilioMorenatti/status/1238090327602446336

මෙම ඡායාරූපය සමඟ සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරන සටහන් පිළිබඳව India Today ප්‍රවෘත්ති සේවයක් කරන ලද කරුණු විමර්ශන වාර්තාවද අප පරීක්ෂා කර බැලුවෙමු. ඔවුන්ගේ කරුණු විමර්ශකයන් Emilio Morenatti ඡායාරූප ශිල්පියා හා සම්බන්ධ වී මෙම ඡායාරූපය සමග සංසරණය වන සමාජ මාධ්‍ය ජාලා පුවත් පිළිබඳව විමසූ විට ඔහු පවසා ඇත්තේ ඒ සියල්ලම අසත්‍ය ප්‍රවෘත්ති බවය. මෙම ඡායාරූපය බාර්සිලෝනා ගුවන්තොටුපලේදී ගත් ඡායාරූපයක් බව සනාථ කර තිබුණි.

එබැවින් අපගේ කරුණු විමර්ශනයෙන් සනාථ වූයේ Think Moment පිටුවේ ඉදිරිපත් කර තිබූ සටහනේ අන්තර්ගත කර තිබූ ඡායාරූපය රෝහල් විවේකාගාරයකදී එකිනෙකා දෙස බලා සිටින මියගිය ඉතාලි ජාතික වෛද්‍යවරුන් යුවලකගේ ඡායාරූපයක් නොව බාර්සිලෝනා ගුවන්තොටුපලේදි ඡායාරූප Emilio Morenatti ශිල්පියාගේ කැමරා කාචයට හසු වූ ඡායාරූපයක් බවය.

Claim 3: ඉතාලියේ වර්තමාන තත්වය පෙන්වන ඡායාරුපයක්

අනතුරුව අප SA Piremstalan සටහනේ තිබූ ඡායාරූප සමුහයට අවධානය යොමු කළෙමු. මෙම සටහනට හිමිවූ ප්‍රතිචාරවල මෙම ඡායාරූප මෑතදී ක්‍රෝඒෂියාවේ සිදු වූ භූමිකම්පාවට සම්බන්ධය හා බව යෝජනා කර තිබුණි. මේ පිළිබඳ කරුණු සනාථ කරගැනීම පිණිස අප ක්‍රෝඒෂියාවේ සිදු වූ භූමිකම්පාවක් පිළිබඳව ගූගල් සෙවීමක් කළෙමු. එහිදී අපට නිරීක්ෂණය වූ වාර්තාවක. ක්‍රොඑෂියානු පොලිස් භටයින් විසින් විපතට පත්වූ රෝහලක ඉන්කියුබේටර් යන්ත්‍රය ඉවත් කරන දර්ශනයක් එහි දක්වා තිබිණි.

LinkArchived Link

තවදුරටත් කරුණු සෙවීමේදී The Sun Online ෆේස්බුක් පිටුවේ ක්‍රොඒෂියානු භූමිකම්පාව පිළිබඳ වාර්තාව නිරීක්ෂණය විය.

https://www.facebook.com/Thesunonline/posts/2598737097065706?__xts__%5B0%5D=68.ARCIGG5rY11XRA7OGjUn5AB1rBBO10zTQZAAXFgKwhUMPZPoSF35xeA0qDE1FjzDqGs5naxvT85RKUasLrtGzSl0TzRVSTifq3AjbxXEDROUbko7QfqK0PuIHstHfsCC3fMxlmZUEQglbrz97YoHGcw5q5Q5xvlzmClxOXzVaPpI2NxpYeHNnopnukBH7fhIxI0Oi5g2thN668sQu_XxTKIzgMuSc6P-Qml__Z58cdVpIK6Jzk-a8ctshBw_jVfyRG05PkUMl9TWrtDsD8CGqe0ZgvgV-UKHIMBh58eIds1ldlU2-GYVSP1oXrvcPmluqJdDQDqc0OCaLX5jr4SRraC1qzl5&__tn__=-R

SA Piremstalan ෆේස්බුක් පිටුවේ සටහනේ අන්තර්ගත කර තිබූ ඡායාරූප සහ මෙම ක්‍රොඒෂියානු භූමිකම්පාව පිළිබඳ ව තිබූ වර්තා වල ඡායාරූප සංසන්දනය කළ විට ඒවා එකම බව තහවුරු විය.

අපගේ මව් ආයතනයද ඉන්දියාවේ පලවී තිබු මෙවැනි නොමඟ යවන සුළු සටහන් අලලා මරාටි, ඔයිඩා බසින් පිළිබඳ විමර්ශන සිදුකර තිබුණි.

අප කළ කරුණු විමර්ශනයෙන් සනාථ වූයේ SA Piremstalan ෆේස්බුක් පිටුවේ ඉතාලියේ තත්වය තේමාවෙන් ඉදිරිපත් කර තිබු ඡායාරූප ඉතාලියේ රෝහලක නොව ක්‍රොඒෂියානු භූමිකම්පාව නිසා හානියට පත් රෝහලක ඡායාරූප බවය.

Conclusion (අවසාන නිගමනය)

අප කළ කරුණු විමර්ශනයන් ගෙන් තහවුරු වූයේ එක අහසක් යට නැමැති ෆේස්බුක් පිටුවක පළවූ ඉතාලි ජාතිකයෙක් තම බිරිඳ සහ දරුවන් කොරෝනා වෛරසය වැළඳී මිය ගිය ශෝකය දරා ගත නොහැකිව මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගත් ආකාරය යන ඡායාරුපය ඇත්ත වශයෙන්ම 2019 දෙසැම්බර් මස ස්පාඤ්ඤයේ බාසිලෝනා හි වැලෙන්සියා සෙන්ටර් හෝටලය උඩු මහලෙන් බිමට පැන දිවි නසාගත් කාන්තාවකගෙ ඡායාරූපයක් බවයි.

Think Moment පිටුවේ ඉදිරිපත් කර තිබූ සටහනේ අන්තර්ගත කර තිබූ ඡායාරූපය රෝහල් විවේකාගාරයකදී එකිනෙකා දෙස බලා සිටින මියගිය ඉතාලි ජාතික වෛද්‍යවරුන් යුවලකගේ ඡායාරූපයක් නොව බාර්සිලෝනා ගුවන්තොටුපලේදි ඡායාරූප Emilio Morenatti ශිල්පියාගේ කැමරා කාචයට හසු වූ ඡායාරූපයක් බවය.

එලෙසම SA Piremstalan ෆේස්බුක් පිටුවේ සටහනේ ඉදිරිපත් කර තිබූ ඡායාරූප රෝහලක ඡායාරූප නොව භූමිකම්පාවෙන් විපතට පත් ක්‍රොඒෂියාවේ රෝහලක ඡායාරූප බවය

ඒ අනුව ඉහත සටහන් හා ඒ හා සබැඳි සටහන් සියල්ලම සම්පූර්ණයෙන් අසත්‍යය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඉතාලියේ වත්මන් කොරෝනා වෛරසය තත්වය ආශ්‍රිත ඡායාරුප ලෙස හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News