කොරෝනා රහස් බෙහෙතක් පිලිබඳ වෛද්‍ය සීතා අරඹේපොළ ප්‍රකාශ කලේ නැත!

Update: 2020-03-27 13:33 GMT

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දින කල් ගියද, කොරොනා වෛරස් ව්‍යාප්තිය මධ්‍යයේ වුවද, දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරීන් ප්‍රති විරුද්ධ පක්ෂවල ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැහැදිලිවම ප්‍රකාශ කර ඇති අන්දමට මේ වන තෙක් COVID19 සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ලද ඖෂධයක් හෝ එන්නතක් නොමැත. ලොව විවිධ රටවල් මේ පිළිබඳව යම්තාක් දුරට සාර්ථක ප්‍රතිඵල අත්කරගනිමින් පරීක්ෂණ කරමින් පවතින අතර ඒ සඳහා උපරිම සහාය ලබාදෙන බව සෞඛ්‍ය සංවිධානය විසින් නිරතුරුවම පවසා තිබේ.

මෙවන් පසුබිමක Ayesh Ranasinghe නමත්තෙකුසීතා ඇන්ටි 69 හරක් අන්දන ඇන්දිල්ල” යන තේමාව යටතේ බටහිර පළාතේ හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ සේයාරුවක් සහිතව සටහනක් සිය ෆේස්බුක් පිටුව තුලින් ඉදිරිපත් කර තිබුණේය. අද දෙරණ රූපවාහිනී නාලිකාවේ සජීවී විකාශයකින් ඇගේ රූප රාමුව උපුටා ගෙන තිබූ බව පෙන්වා තිබු අතර සේයාරුවට යටින් කොරෝනා වලට බෙහෙතක් තියෙනවා - එක තාමත් රහසක් යන වදන් පෙළ රෝපණය කර තිබුණි. ප්‍රතිචාර සටහන් රැසක් හිමි කරගනිමින් මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් විශාල සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණේ මෙලෙසිනි.

LinkArchived Link

මෙම මාතෘකාව යටතේ විවිධාකාරයේ සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙනුද දක්නට ලැබුනේ මෙලෙසිනි.

විශේෂඥ වෛද්‍යවරියක් මෙවැනි ප්‍රකාශයක් ප්‍රධාන මාධ්‍යක් ඔස්සේ සිදුකිරීම සිතීමට අපහසු දෙයක් නිසා සහ මෙය සංස්කරණය කරන ලද්දක් බව කිහිපදෙනෙකු විසින්ම ප්‍රකාශ කිරීමත් සමඟ මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳව කරුණු තහවුරු කරගැනීම පිණිස විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සහභාගී වූ මාර්තු මස 18 වෙනිදා අද දෙරණ රූපවාහිනී නාලිකාවේ Big Focus සජීවී වැඩසටහන දෙස අවධානය යොමු කළෙමු.

Ada Derana

https://www.facebook.com/AdaDeranaLive/videos/142879417080291/

“ශ්‍රී ලංකාවෙන් කොරෝනා තුරන් කිරීමේ ජනපති මෙහෙයුම” යන මාතෘකාව යටතේ පැවති ඉහත පැයකට ආසන්න සංවාදය මුළුමනින් ම නැරඹූ අතර එහිදී කොරෝනා වෛරස හා සම්බන්ධ ඖෂධයක් පිළිබඳ කිසිදු කතාබහක් දක්නට ලැබුණේ නැත.

ප්‍රකාශිත ඡායාරූපයේ අද දෙරණ රූපවාහිනියේ රුපරමුවකින් ලබාගත් ඡායාරූපයක් හා සබැඳි සටහනක් බැවින් අද දෙරණ මඟින් පළවී තිබෙන වෛද්‍යතුමිය සහභාගි වී ඇති වෙනත් පල කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමේදී අපට දැකගන්නට ලැබුණේ ඉහත සාකච්ඡාවේ ම කොටසක් “වෛරසය රට තුළට පැමිණීම ප්‍රමාද කර ගන්න අපට හැකි වුණා... විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ” යන මාතෘකාව යටතේ ඔවුන්ගේ යුටියුබ් චැනලයේ පහත අයුරුන්ද , මාර්තු 18 ප්‍රධාන පුවත් ප්‍රකාශයේද පළවී තිබු අයුරුයි.

https://youtu.be/G1d0yIXsZy0?t=28

ඉහත වීඩියෝවේ 28 වන තත්පරයේ ඇති රූපරාමුවක් සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරුවන ඡායාරූපය සමග පහත පරිදි සංසන්දනය කිරීමේ දී අපට පෙනී ගියේ ඒවා සමාන බවයි. එසේම දකුණු පසින් දක්වා ඇති සංස්කරණය කරන ලද ඡායාරූපයේ පුවත් ටිකරය සඳහා යොදාගෙන ඇති වර්ණ සංයෝජනයද අද දෙරණ යොදාගන්නා වර්ණ සංයෝජනයට වෙනස් බව පෙනෙන්නට විය. එසේම අද දෙරණ නාලිකාවේ යොදා ගන්නා අකුරු වලට සමාන අක්ෂර යොදා ගැනීමට උත්සාහයක් දරා තිබුණ ද හොඳින් පරීක්ෂා කිරීමේදී ඊට වඩා වෙනස් බවද අපට පෙනී ගියා.

මේ අනුව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වන ඡායාරූපයෙන් දැක්වෙන පරිදි අද දෙරණ නාලිකාවේ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සහභාගි වූ වැඩසටහනේදී “කොරෝනා වලට බෙහෙතක් තියෙනවා - එක තාමත් රහසක්” යනුවෙන් හෝ කොරෝනා වෛරසය හා සබැඳි ඖෂධයක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කරන්නේ නැති අතර එබඳු පුවත් ටිකරයක් (News Ticker) අද දෙරණ මඟින්ද පළකර නැති බවද ඔවුන්ද තහවුරු කර සිටියා.

කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සහභාගී වූ වෙනත් රූපවාහිනි සංවාදාත්මක වැඩසටහන් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අපට සිරස රූපවාහිනී නාලිකාව හරහා ප්‍රචාරය වී තිබූ වැඩසටහනක් දැකගන්නට ලැබුණි. “කෙරෝනා වෛරසය ගැන හරියට දැන ගනිමු..” යන තේමාව යටතේ පැවති එම සංවාදය සඳහා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතාද සහභාගි වී තිබෙනු අපට දැක ගැනීමට හැකි වුණා.

පහතින් දැක්වෙන්නේ එසේ ඖෂධයක් පිළිබඳව නගන ලද ප්‍රශ්නයට වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ලබාදෙන්න පිළිතුරු අඩංගු වීඩියෝ දර්ශන පෙළකි.

https://youtu.be/N6D9PXQTTlk?t=3548

පැය දෙකක් පුරා පැවති මෙම සජීවි වැඩසටහනේ එක් අවස්ථාවකදී සාකච්ඡාව මෙහෙය වූ සිරස නාලිකාවේ මාධ්‍යවේදියා විසින් ජපානයේ නිපදවන ලද ඇවිගන්(Avigan) නමැති ඖෂධය පිළිබඳව නැගු පැණයකට පිළිතුරු සැපයු ඇය පවසා සිටියේ පැපොල (Chicken Pox) ආදී වෛරස් ආසාදනයන්ට ප්‍රතිකාර කළහැකි නිශ්චිත ප්‍රතිජීවක ඖෂධ (antivirals) ඇති නමුත් කොරොනා වෛරස් ආසාදනයට ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් නිර්දේශිත ඖෂධයක් මේ වන තෙක් නොමැති බවයි.

එසේම විවිධ මාධ්‍ය හරහා ඇවිගන් ඇතුළු ප්‍රතිජීවක ඖෂධ කිහිපයක් පිළිබඳව නොකෙුත් මත ඉදිරිපත් වුවද කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලංකාවේදී කොරෝනා රෝගයට නිර්දේශ කල යුතු ඖෂධ පිළිබඳ තීරණ ගැනීමේ වගකීම රෝගයට ප්‍රතිකාර ලබාදෙන විශේෂඥ වෛද්‍යවරුන් වෙත ලබාදී ඇති බවත් ඔවුන් ඒ පිළිබඳව නුදුරු දිනයකදී තීරණයක් ලබාදීමට නියමිත අතර ඔවුන්ගෙන් නිශ්චිත පිළිතුරක් ලැබෙන තෙක් එම ඖෂධයන්හි නම් සඳහන් කිරීම සදාචාරාත්මක නොවන බවත් ඇය එහිදී ප්‍රකාශ කර තිබෙනු දක්නට ලැබුණි.

කෙසේවෙතත් මේ පිළිබඳව කරුණු තහවුරු කරගැනීම පිණිස අප විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. ඉහත සිරස රූපවාහිනී නාලිකාවේ වැඩසටහනට අමතරව වෙනත් කිසිදු වැඩසටහනකදී කොරෝනා වෛරසයට ආශ්‍රිත ඖෂධයක් පිළිබඳ කිසිඳු සාකච්ඡාවක් තමා සමඟ සිදුකෙරුණේ නැති බව අප සමග තහවුරු කර සිටියා

පසුගිය දින කිහිපයේ කොරොනා වෛරස් ආසාදනයට ප්‍රතිකාර කළ හැකි බවට කථාබහට ලක්වු ඖෂධ කිසිවක්, එම රෝගයට ප්‍රතිකාර කිරීමට සුදුසුද යන්න තවමත් සායනිකව තහවුරු වී නොමැති බැවින් වෛද්‍ය ආචාර ධර්ම වලට අනුව ඖෂධය නම් කිරීමෙන් වැළකුණු අතර නිර්දේශ නොකරන ලද ඖෂධ වර්ග පිළිබඳව වගකිවයුතු නිලධාරිනියක් ලෙස ප්‍රකාශක් කිරීම මෙවන් අවස්ථාවකදී මහජනයා අනිසි ලෙස නොමග යැවීමක් ද බවද පවසා සිටියා.

තවද කොරොනා වෛරස් ආසාදනයට ප්‍රතිකාර කළහැකි ප්‍රතිජීවක ඖෂධයක් තවමත් ලෝකයේ සොයා ගෙන නොමැති බවත්, එවැනි ප්‍රතිජීවක ඖෂධක් සායනිකව අත්හදා බැලීමෙන් පසුව තහවුරු කොට වෙළඳපලට ලබාදීමට සෑහෙන කාලයක් ගතවන බවද අවධාරනය කළාය.

ඉහත සැලකීමට ලක් කරන ලද ඖෂධයක් පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තුමන් විසින් පසුගිය 22 වනදා සියළුම ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදයක් නිකුත් කරමින් පවසා සිටියේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව chloroquine හෝ hrdroxychloroquine නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙසයි. එම නිවේදනය මෙසේය.

අපගේ මව් ආයතනය මගින් සිදුකරන ලද chloroquine ඖෂධය සහ COVID19 සබැඳි දුර්මත දුරලීමට සිදුකරන ලද සත්‍ය කරුණු විමර්ශනයක මෙසේ පැහැදිලි කර තිබුනේ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින්ද එය නිර්දේශ කර නොමැති බවයි.

එසේම අප විසින් මීට සති කිහිපයකට පෙර ලොව විවිධ රටවල් මගින් නොයෙකුත් ඖෂධ වර්ග පිළිබඳ සිදුකරන ලද අත්හදා බැලීම්, කොරෝනා ආසාදනයට නිශ්චිත ඖෂධ ලෙස සිදුකරන ලද නොමඟ යවනසුළු ප්‍රකාශ පිළිබඳ සිදුකරන ලද විමර්ශනයක් මෙසේය

මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වෙබ් අඩවියෙන් Myth Busters අංශයේ කොරෝනා වෛරසය පිළිබඳ ඇති දුර්මත පිලිබඳ සැබෑ තතු පැහැදිලි කිරීමක් සිදුකර තිබූ අතර එහි ද සඳහන් වී තිබෙන්නේ මේ වන තෙක් කිසිඳු ආකාරයේ COVID19 මර්දනය කිරීමේ ඖෂධයක් නිර්දේශ කර නොමැති බවයි.

තවදුරටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය පරික්ෂා කිරීමේදී ඉන්ෆ්ලුවෙන්සා වසංගතය තත්වයක් අතරතුරදී එන්නත් සහ ප්‍රතිවෛරස් භාවිතය පිළිබඳ WHO විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ (WHO Guidelines on the Use of Vaccines and Antivirals during Influenza Pandemics) ලියවිල්ලේ මෙසේ දැකගන්නට ලැබුණි. නව ඉන්ෆ්ලුවන්සා වසංගත වෛරස් ආසාදනයක් පිලිබඳ පෙර අවබෝධයක් නොමැති බැවින් ඒ සඳහා ප්‍රතිවයිරස් එන්නතක් (antiviral) සොයා ගැනීමට සැලකිය යුතු කාලයක් ගතවන බවයි.

WHO Guidelines

එබැවින් ඉහත සිරස රුපවාහිනී නාලිකාවේ පලවූ සංවාදයේදී සීතා අරඹේපොල මහත්මිය විසින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශයකින් තොරව කොරෝනා වෛරසයට සුදුසු ඖෂධ පිලිබඳ නම් සඳහන් කිරීමට නොහැකි බව ප්‍රකාශ කිරීම, මෙසේ කොරෝනා වලට බෙහෙතක් තියෙනවා - එක තාමත් රහසක් යනුවෙන් සාවද්‍ය නොමඟ යවනසුළු ප්‍රකාශයක් සමඟ අද දෙරණ නාලිකාවේ සිදුවූ සාකච්ඡාවක රූප සටහනක් සංස්කරණය කරමින් පලකිරීමට මුල් වන්නට ඇතැයි අනුමාන කළ හැක.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධයක් ඇති බවත් එය රහසක් බවත් අද දෙරණ නාලිකාවේ ප්‍රකාශ කල බවට පලවන පුවත් සම්පුර්ණයෙන්ම සාවද්‍ය නොමඟ යවනසුළු ප්‍රකාශ බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කොරෝනා රහස් බෙහෙතක් පිලිබඳ වෛද්‍ය සීතා අරඹේපොළ ප්‍රකාශ කලේ නැත!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News