FACT CHECK : විශ්‍රාම වැටුප ලබා ගන්න පාර්ලිමේන්තුව නැවත කැඳවන්න - නලින්ද ජයතිස්ස

Update: 2020-03-29 10:43 GMT

පසුගිය ජනාධිපතිවරනයෙන් පසුව සමයේදී ජනතා විමුක්ති පෙරමුණ, ඔවුනේ නායකත්වය සහ ප්‍රධාන චරිත අලලා සාවද්‍ය සහ උපහාසාත්මක පුවත් රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරීමට පටන්ගෙන තිබුණි. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අලලාද සටහන් රැසක් නිර්මාණය වී තිබු අතර කොරෝන වෛරසය ආරම්භ වෙත්ම, චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට විරුද්ධ බව පැවසුවා යයි හුවමාරු වූ මෙම සාවද්‍ය සටහන පරිශීලකයින් රැසක් අතර හුවමාරු වී තිබුණි.

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට රටම සූදානම් වුවද කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟම මහ මැතිවරණය කල් දමන බවට පසුගිය සතියේ නාම යෝජනා භාර ගැනීමේ කාලසීමාවෙන් පසුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම නිවේදනය කළේය. නියමිත කාල සීමාව ඉක්මවා ඉක්මවීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා මන්ත්‍රීවරුන් රැසකට විශ්‍රාම වැටුප අහිමි වූ බව වාර්තා විය. රටේ පවතින තත්වය යටතේ අත්‍යවශ්‍ය තීරණ ගැනීමට පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුය යන්නද ඇතැම් පාර්ශව මඟින් යෝජනා වී තිබුණි.

මෙවන් පසුබිමක Pnu Hakmana නැමැති ෆේස්බුක් පිටුවක “පාර්ලිමේන්තුව නැවත කැදවුවහොත් විශ්‍රාම වැටුප අහිමි වූ සියල්ලටම ඒ වරප්‍රසාදය ලැබෙනවා ..චන්දේ නැවත කැදවන්න ඕන. නාමයොජනා නැවත කැදවන්න ඔන..” තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. එම ඡායාරූපයට යටින් පහත සටහනද දක්නට ලැබුණි. “මටත් විශ්‍රාම වැටුප නැති උනා. තවත් මන්ත්‍රීන් ඉන්නවා. ඒ අයටත් සාධාරණයක් වෙන්න ඕන. ඒක නිසා පාර්ලිමේන්තුව නැවත කැඳවන්න ඕන. නැත්නම් අපි රජයට මුදල් ගන්න දෙන්නෙ නෑ. අප්‍රේල් 30 වෙනකම් විතරයි මුදල් තියෙන්නේ”.

Link
Archived Link
Link 2Archived

පක්ෂ-විපක්ෂ ප්‍රතිචාර රැසක් සමග ෆේස්බුක් පරිශීලනය කරන්නන් එක්දහස් හාරසියයකට අධික සංඛ්‍යාවක් අතර මෙම ඡායාරුපයම රැගත් සටහන් රැසක් හුවමාරු වී තිබෙනුද දැකගන්නට ලැබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

පාර්ලිමේන්තුව නැවත කැඳවා තමන්ට විශ්‍රාම වැටුප් ලැබෙන තෙක් පාර්ලිමේන්තුව පවත්වා ගෙන යන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉල්ලීමක් හෝ ප්‍රකාශයක් කළා ද යන්න අපි ප්‍රධාන මාධ්‍යයන් ජාලයන්හි සොයා බැලුවෙමු. එවැනි ප්‍රකාශයක් පිළිබඳ කිසිදු වාර්තාවක් ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ වාර්තා වී තිබෙනු දැකගන්නට නොලැබිණි.

කෙසේ වෙතත් පසුගිය මාර්තු මස දෙවැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම අවුරුදු 5 සම්පූර්ණ නොකල පාර්ලිමේන්තු මන්ත්‍රීන් රැසකට මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වන බවට ප්‍රවෘත්ති රැසක් පළවී තිබෙනු අපට දැකගන්නට ලැබුණු අතර ඒවා බොහොමයකම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පිළිබඳ විශේෂ සඳහනක් ද සිදුකර තිබෙනු දැක ගන්නට ලැබුණි.

Newfirst | Ada

ඉහත ප්‍රකාශය සහිත සටහනට යොදාගෙන තිබෙන්නේ සිත FM නාලිකාවේ ලාංඡනය ද සහිත ඡායාරූපයක් බැවින් ඔවුන් විසින් කිසිදු එබඳු පළ කිරීමක් සිදුවී ඇත්දැයි යන්න පරික්ෂා කිරීමේදී අපට දැකගන්නට හැකි වුනේ “ATHTHADA -NALINDA JAYATHISSA "ඇත්තද?" පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සමඟ” යන මැයෙන් දුරකථනය මගින් සම්බන්ධ වන වැඩසටහනක් ඔවුන් විසින් පළ කර තිබූ බවයි. එම ඡායාරුපය එම වීඩියෝ දර්ශනයකින් ලබාගෙන ඇති බැවින් පහත දැක්වෙන්නේ එසේ සිත නාලිකාව ඔස්සේ පළකර තිබූ නලින්ද ජයතිස්ස මහතා සහභාගි වූ සංවාද පෙළ වෙත අවධානය යොමු කළෙමු.

Youtube Link

එසේ පළවී තිබූ වීඩියෝ සටහන් සියල්ල පරීක්ෂා කිරීමේදී අපට ඉහත ප්‍රකාශය දැක්වෙන සටහන බඳු කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති අතර දැකගන්නට ලැබුණේ අවසාන වරට නලින්ද ජයතිස්ස මහතා සිටින වීඩියෝවක් පළකිර තිබෙන්නේ දැනට මසකටත් වඩා ඉහතදී එනම් පෙබරවාරි මස 14 වැනිදා සිදුකරන ලද කෝප් කමිටුව සම්බන්ධ මෙම සංවාදය ආශ්‍රිතව බවයි.

https://youtu.be/9xhmNQj-IFw

එබැවින් ඉහත ඡායාරූපයේ පෙනෙන පරිදි සිත FM නාලිකාව සමග සිදුකරන ලද සංවාදයක දී නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා එබඳු ප්‍රකාශයක් සිදු කර නැති බව පෙනී යයි.

කෙසේනමුත් මේ පිළිබඳව කරුණු තහවුරු කරගැනීම පිණිස අප ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. පස් අවුරුදු කාලසීමාව නොඉක්මවීම නිසා විශ්‍රාම වැටුප අහිමිවූ තමන් ඇතුළු අනිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සාධාරණයක් ඉටුවන ලෙස පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසත්, නැතහොත් රජයට මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට අපහසු කරන බවට කිසිදු ප්‍රකාශයක් තමන් විසින් කිසිදු ස්ථානයක නොකළ බව ඒ මහතා අවධාරණය කරමින් පවසා සිටියා.

කොරොනා වෛරස් ව්‍යාප්තිය පාලනය කරගැනීමට සහ ජනතාවට සහන සැපයීමට ජනතා විමුක්ති පෙරමුණ ගෙන යන ක්‍රියාකාරිත්වයට විරුද්ධවාදීන්ගේ විසින් එල්ල කරන තවත් මඩ ප්‍රහාරයක් බවද තවදුරටත් අප සමඟ පවසා සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ හා මා සම්බන්ධ කොට සමාජ ජාලාවල පළකරන මුළුමනින්ම අසත්‍ය සහ ද්වේශසහගත කරුණුවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මාර්තු මස 27 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිත පැමිණිලි ඉදිරිපත් කළ බවට සටහනක්ද ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් දැකගන්නට ලැබුණේ මෙලෙසිනි.

https://www.facebook.com/DRnalinda/posts/3548802751828375?__xts__%5B0%5D=68.ARB-zuTQRuGpXTqnY-L05iKoiMkLPgStyQl0BC2V76nXevTx2jPhXRxZacja0trrwabTgbcqDsNWSEd0rnqGB5yZ5VUjxX3pcDT_XBodiqNSoiD7FSe6qphIW0AiNUUeqfjqVYCnZU9MdkQO5r_bLbKbuM6321b0WFtLBAY9_wTaeJQsp6dqB7UOhTa0qEk9RdECCEAZ3r0ovgrh-BvXy-i630lFvNh8ouJ16Ss9MwvxF661gxP4iqsDz4O4x9HPLPFfZlTSZmvL0pKfO581YR0CDxg3R1yu1OFycEHMQgCnxtsOHs2VBOc9VJ_Hogajxg7KLoPVWpR4F0bE0XXiUjiK5g&__tn__=-R

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මන්ත්‍රීවරයකුට හිමි විශ්‍රාම වැටුප ලබා ගැනීමේ අරමුණෙන් පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසත්, එසේ නොකළහොත් ආණ්ඩුවට මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම අපහසු කරන බවට ප්‍රකාශයක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිත FM මාධ්‍ය ඔස්සේ කිසිඳු ප්‍රකාශයක් සිදු නොකළ බවයි.එමනිසා Pnu Hakmana නැමැති ෆේස්බුක් පිටුවක “පාර්ලිමේන්තුව නැවත කැදවුවහොත් විශ්‍රාම වැටුප අහිමි වූ සියල්ලටම ඒ වරප්‍රසාදය ලැබෙනවා ..චන්දේ නැවත කැදවන්න ඕන. නාමයොජනා නැවත කැදවන්න ඔන..” තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සේයාරුවක් සහිතව ඉදිරිපත් කර ඇති සටහන් සියල්ල සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title: FACT CHECK : විශ්‍රාම වැටුප ලබා ගන්න පාර්ලිමේන්තුව නැවත කැඳවන්න - නලින්ද ජයතිස්ස

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News