PCR පරීක්ෂණ සිදුකිරීමේ හැකියාවක් නොමැති බවට සිදුකල සාවද්‍ය ප්‍රකාශයක්!

Update: 2020-04-11 12:59 GMT

කොරෝනා වෛරස ව්‍යාප්තිය සමගම ලොව අනෙක් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද අසත්‍ය තොරතුරු ව්‍යාප්තිය ද ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ පොලිසිය ඇතුළු රජය විසින් නිරන්තරයෙන්ම සත්‍ය අසත්‍ය කරුණු හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස දැනුම් දී තිබූ අතර මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගත් පුද්ගලයන් පිළිබඳව කිහිපවිටක්ම මාධ්‍ය හරහා දැනුවත් කර තිබුණි

එවන් පසුබිමක පාලිත රාජපක්ෂ යන පුද්ගලයකු ගේ මුහුණු පොතෙහි පහත තේමාව යටතේ සටහනක් අප්‍රේල් මස 7 වැනිදා මෙසේ දක්වා තිබුණි “තව දින දෙකකින් කොරෝනා රෝගීන් වාර්තා නොවනු ඇත..හෙතුව අවැසි swab stick නොමැති වීමයි..”

LinkArchived Link

රජයේ වෛද්‍යවරයකු විසින් මෙම ප්‍රකාශය සිදු කරන ලද බවත් මෙහි සත්‍යතාවය කුමක්ද යන්න සමාජ මාධ්‍ය ජාලාවල ඔහු පිරිස් මෙලෙස විමසා සිටිනු අපට දැකගැනීමටද හැකිවිය

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

පසුගිය දින කිහිපයේම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙබඳු පුවතක් වාර්තා වී තිබේ ද යන්න පිළිබඳව පරීක්ෂා කර ද එබඳු කිසිදු වාර්තාවක් දැකගැනීමට හැකිවූයේ නැත.

වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පිළිබඳ විමර්ශනය කිරීමේ දී ඔහු බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරන බව පෙනී ගිය අතර පසුගිය කාලයේදී කොරෝනා මර්දන වැඩ පිළිවෙලවල් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන ලද සටහන් කිහිපයක්ම පහත පරිදි දැකගැනීමට හැකිවිය.

Google Search

කෙසේ වෙතත් ඉහත ප්‍රකාශය පළ කර තිබූ අප්‍රේල් මස 7 වැනි දිනෙන් පසු වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර සිටි වාර්තාවල රෝගීන් වාර්තා වී තිබුනේ මෙලෙසිනි. අප්‍රේල් 9 (අප්‍රේල් 8 උදැසන 10 සිට අප්‍රේල් 9 උදැසන 10 දක්වා) රොගීන් 3 දෙනෙකු , අප්‍රේල් මස 10 වැනිදා (අප්‍රේල් 9 උදැසන 10 සිට අප්‍රේල් 10 උදැසන 10 දක්වා) එක් රෝගියෙකුද අප්‍රේල් මස 11 (අප්‍රේල් 10 උදැසන 10 සිට අප්‍රේල් 11උදැසන 10 දක්වා) රෝගින් 7ක්ද වාර්තා වූ බව එහි සඳහන් විය. එසේම සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් PCR පරීක්ෂණ වෙත යොමුකරන ලද බවද COVID19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විතය මගින් නිරන්තරයෙන්ම ප්‍රකාශ කර සිටි බැවින් මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වූ අතර එහිදී ඔවුන් පවසා සිටියේ එම ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති අතර මේ පිළිබඳව නිල වාර්තාවක් පළ කරන බවයි

“මුහුණු පොතෙහි පළ වූ අසත්‍ය පුවතක් පිළිබදව සෞඛ්‍ය ලේකමිතුමිය කරුණු දක්වයි” යන තේමාව යටතේ පළ වී තිබූ එම වාර්තාව මෙසේ ය

“තව දින දෙකකින් කොරෝනා රෝගීන් වාර්තා නොවනු ඇත. හේතුව ඇවැසි swabstick නොමැතිවීමයි” යනුවෙන් මුහුණු පොතෙහි පළ කර ඇති පුවත සම්පූර්ණ සාවද්‍ය පුවතක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය අවධාරණය කරයි.

COVID-19 වෛරසය පාලනය හා මැඩපැවැත්විම සදහා අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමිය ගෙනයන වැඩපිළිවෙල අකර්මණ්‍ය කිරීමේ චේතනාවෙන් පාලිත රාජපක්ෂ නැමැති පුද්ගලයෙකු විසින් එම අසත්‍ය පුවත මුහුණු පොත ඔස්සේ ප්‍රචාරය කොට ඇති බව සෞඛ්‍ය ලේකම්තුමිය පෙන්වා දෙයි.

මේ වනවිට රජය සහ සෞඛ්‍ය අංශ විසින් COVID-19 වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා ගනු ලැබූ තීන්දූ තීරණ සහ වැඩපිළිවෙල ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පැසසුමට ලක්ව ඇති අවස්ථාවක තව තවත් සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කරමින් වෛරසය මැඩපැවැත්වීම සදහා වන PCR පරීක්ෂණ දාරිතාවය ද ඉහළ නංවා ශක්තිමත් කරමින්, කටයුතු කරන මෙවැනි අවස්ථාක මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කිරීම කිසිසේත් අනුමත නොකරන බව ද සෞඛ්‍ය ලේකම් තුමිය අවධාරණය කරයි.

අදාල සාවද්‍ය පුවත මුහුණු පොත ඔස්සේ පළ කිරීම පිළිබදව නීතිමය ක්‍රීයාමාර්ග ගැනීම සදහා අදාල අංශ දැනුවත් කර ඇති බව ද සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් දන්වයි.”

එම සටහන හුවමාරු කරගනිමින් කිහිපදෙනෙකුම අප්‍රේල් මස 10 වැනි දින සවස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සිදුකල ප්‍රකාශයක් යොදාගනිමින් එදින කිසිඳු රෝගියෙකු වාර්තා නොවුනු බැවින් ඉහත ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් ලෙස අදහස් පළකර තිබුනද අද දින උදැසන විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරුණු පැහැදිලි කරමින් ඊයේ (අප්‍රේල් 10) රාත්‍රියේ රෝගීන් 7 දෙනෙකු වාර්තා වූ බව ප්‍රකාශ කර සිටියේ මෙලෙසිනි.

https://youtu.be/GzVeMk5Y0jM?t=1805

PCR පරීක්ෂණය ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත දැයි හඳුනාගැනීම සඳහා දැනට ලොව භාවිතා වන අනෙකුත් පරීක්ෂණ ක්‍රම සහ ඒ පිළිබඳ ව වැඩිදුර කරුණු පහත වෙබ් අඩවි හරහා සපයා තිබේ

Link 1Link 2

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “තව දින දෙකකින් කොරෝනා රෝගීන් වාර්තා නොවනු ඇත..හෙතුව අවැසි swab stick නොමැති වීමයි..” යන පුවත සාවද්‍ය පුවතක් බව සෞඛ්ව‍ය අමාත්න‍යාංශය මඟින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති අතර එය පළවී ඇති අප්‍රේල් මස 7 ට පසු දින කිහිපයේදීම කොරෝනා අසාදිතයන් පිලිබඳ swab stick යොදාගෙන කෙරෙන PCR පරීක්ෂණ සිදුවී ඇති අතර COVID19 ආසාදිත රෝගීන් කිහිපදෙනකුම වාර්තා වීද තිබේ

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:PCR පරීක්ෂණ සිදුකිරීමේ හැකියාවක් නොමැති බවට සිදුකල සාවද්‍ය ප්‍රකාශයක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News