අභ්‍යවකාශ වස්තුවක් පෘථිවිය හා ගැටීමේ අවදානමක් පිළිබඳ සාවද්‍ය ප්‍රකාශයක්!

Update: 2020-04-29 05:55 GMT

මෑත අතීතයේ ලොව දසතින් දරුණු භූමිකම්පාවන්, ජල ගැලීම් සුළි කුණාටු වැනි ස්වභාවික ව්‍යසනයන් පිළිබඳව වාර්තා වුණි. දියුණු නොදියුණු, පෙරදිග අපරදිග භේදයකින් තොරව සිදු වූ මෙම ව්‍යසනයක් නිසා මිනිස් ජීවිත රාශියක් අහිමි වූ අතර ආර්ථික වශයෙන්ද රටවල් රැසකට බරපතළ පාඩු සිදු වුණි. මේ හා සමඟම ව්‍යාප්ත වුණු කොරෝනා වෛරස් ආසාදනය නිසා මුළු ලොවම අක්‍රීය වූ තත්ත්වයක් උදාවිය. මිනිස් ක්‍රියාකාරකම් නිසා දූෂණය වූ ලොවට විවේකයක් අවශ්‍ය බව හෝ ලෝක විනාශයක් අත ළඟ බව මත පළ වෙන්නට පටන් ගති. සමාජ මාධ්‍ය ජාලා තුල ලෝක විනාශයක් පිළිබඳව සටහන් ඉදිරිපත් වෙන දීමට පටන් ගත්තේය.

අප්‍රේල් 29 පෘථිවිය සහ ගැටෙන උල්කාපාතයක්? ලොවක් සුනු විසුණු වෙයිද?” සිරස්තලයෙන් වීඩියෝ පටයක් සහිතව සටහනක් විශ්වකර්ම නැමැති ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. එම වීඩියෝ පටය YouTube චැනලය ඔස්සේ ද නැරඹීම සඳහා දිගුවක් ලබා දී තිබුණි.

LinkYouTube Link

මෙම අරුත් සහිත සටහන් කිහිපයක්ම හුවමාරු වී තිබෙනුද දැක ගන්නට ලැබුනේ මෙලෙසිනි.

අභ්‍යවකාශ වස්තුවක ගැටීමකින්  පෘථිවියේ සෑහෙන ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමක් තිබේද යන්න මීට මසකට පමණ පෙර සිට ලොවව විවිධ පිරිස් අතර හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි. මෙම ෆේස්බුක් සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය. 

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මිනිත්තු දාහතරක් පුරා දිව යන මෙම වීඩියෝ පටය අපි නැරඹුවෙමු. ලෝක විනාශයන් පිළිබඳව විවිධ මත මිනිස් මනසට ඇතුල් කරමින් දිවයන මෙම වීඩියෝ පටයේ මුල් කොටසේ,1998 සිට නාසා ආයතනය asteroid 52768 හෙවත් 1998 OR2 ලෙස නම් කර ඇති මෙම අභ්‍යවකාශ වස්තුව හඳුනාගෙන, එහි ගමන් මග නිරීක්ෂණය කර ඇති බව ඉදිරිපත් කරයි. එසේම මෙම අභ්‍යවකාශ වස්තුවක පෘථිවිය හා ගැටීමක් මගින් ලෝක විනාශයක් සිදුවිය හැකි බවද ව්‍යංගාර්ථයෙන් මිනිස් මනසට ඇතුල් කිරීමට උත්සාහ දරයි. එහෙත් අවසාන විනාඩි තුනක වැනි කාලයකදී නාසා ආයතනය මගින් මෙම අභ්‍යවකාශ වස්තුව පෘථිවියේ නොගැටී එයට කිලෝ මීටර මිලියන 6.3 ඈතින් ගමන් කරන බවට පවසමින් ලෝක විනාශයක් සිදු නොවන බවද පවසයි.

Asteroid 52768 හෙවත් 1998 OR2 අභ්‍යවකාශ වස්තුව පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කරගැනීම පිණිස ගූගල් සෙවීමක් කළෙමු. අන්තර්ජාලයේ මේ පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා රාශියක් නිරීක්ෂණය විය. 2020 අප්‍රෙල් මස 20 දින CNN ප්‍රවෘත්ති සේවය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව අධ්‍යයනය කළෙමු.

1998 සිට නාසා ආයතනයේ නිරීක්ෂණයට ලක් වූ මෙම අභ්‍යවකාශ වස්තුව එළඹෙන අප්‍රේල් මස 29 වැනි දින පෘථිවියට සැතපුම් මිලියන 1.2 ඈතින් පැයට සැතැපුම් 19,641 වේගයකින් ගමන් කරන බවට එම ප්‍රවෘත්තිය සඳහන් කර තිබුණි.

LinkArchived Link

තවදුරටත් කරුණු සනාථ කරගැනීම පිණිස අප අභ්‍යවකාශ වස්තු නිරීක්ෂණය කරන නාසා ආයතනයේ අභ්‍යවකාශ වස්තු නිරීක්ෂණ අංශය ට්විටර් ගිණුම පරීක්ෂා කළෙමු. 2020 මාර්තු මස 4වැනි දින ඔවුන් ට්විටර් පණිවුඩකින් 1998 OR2 අභ්‍යවකාශ වස්තුව අප්‍රේල් මස 29 වැනි දින පෘථිවියට සැතපුම් මිලියන 1.2/ කිලෝ මීටර මිලියන 6.3 ඈතින් ගමන් කරන බවත්, Daily Express පුවත්පත මෙම අභ්‍යවකාශ වස්තුව පෘතුවිය හා ගැටෙන බවට පවසා ඇති අනතුරු ඇඟවීම අසත්‍ය බවද නිවේදනය කර ඇත.

LinkArchived Link

පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන සියලු අභ්‍යවකාශ වස්තූන් පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු අඩංගු අන්තර්ජාල දිගුවක් https://cneos.jpl.nasa.gov/sentry/ ඔවුන් සපයා තිබූණි.

මෙවැනි අභ්‍යවකාශ වස්තු පිළිබඳව නිරන්තරයෙන්ම අවධානයෙන් සිටිමින් නිරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බව පවසා සිටින නාසා ආයතනය මෙම අභ්‍යවකාශ වස්තුව බොහොමයක් අනෙකුත් එවැනි ග්‍රහකයන්ට වඩා විශාල බැවින් මේ පිලිබඳ උනන්දුවක් ඇතිවී ඇති බව පවසා සිටියි. එහෙත් අවුරුදු 20ක කාලයක සිට මේ පිළිබඳව නිරීක්ෂණය සිදුකෙරෙන අතර මෙය පෘථිවියට සෑහෙන දුරකින් ගමන් ගන්නා බව පවසා සිටියි. නමුත් මීට වඩා ප්‍රමාණයෙන් කුඩා ග්‍රහක රැසක් පෘථිවියට ආසන්නයෙන් ගමන් ගන්නා බවත් පවසා සිටියි.

එහෙත් පෘථිවියට තර්ජනයක් ඇතිවිය හැකි කිසිඳු අභ්‍යවකාශ වස්තුවක් නුදුරු අනාගතයේදී හඳුනාගෙන නැති අතර 2035 වසරේදී Apophis නමැති මෙවැනි අභ්‍යවකාශ වස්තුවක් පෘථිවියට ආසන්නයෙන් ගමන් ගන්නා අතර එය පියවී ඇසෙන් දැක ගැනීමේ හැකියාවක් ද ඇති බව පවසා සිටියි. නමුත් අප්‍රේල් 29 වන දින පෘථිවිය පසුකරගෙන යන 1998 වසරේදී මුල් වරට හඳුනාගන්නා ලද 1998 OR2 අභ්‍යවකාශ වස්තුව පියවි ඇසෙන් දැක ගැනීමේ හැකියාවක් නොමැත.

https://youtu.be/eiS8EPOL488?t=3

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ asteroid 52768 හෙවත් 1998 OR2 අභ්‍යවකාශ වස්තුව අප්‍රේල් මස 29 වැනි දින පෘථිවියට සැතපුම් මිලියන 1.2 / කිලෝ මීටර මිලියන 6.3 පමණ ඈතින් ගමන් කරන බවත් බවයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අභ්‍යවකාශ වස්තුවක් පෘථිවිය හා ගැටීමේ අවදානමක් පිළිබඳ සාවද්‍ය ප්‍රකාශයක්!

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News