දෙණියාය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකුගෙන් IDH රෝහලට පරිත්‍යාගයක්?

Update: 2020-05-07 06:36 GMT

කොරොනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන රෝහල වන්නේ අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයය. කොරොනා වෛරසය ව්‍යාප්තියත් සමඟ ම මෙම රෝහල වෙත බලධාරීන්ගේ මෙන්ම සාමාන්‍ය වැසියන්ගේ ද අවධානය යොමු විය. මෙම රෝහලේ යටිතල පහසුකම් දියුණු කොට අවශ්‍ය උපකරණ සැපයීමට බොහෝ දානපතිහු ඉදිරිපත් වූහ.

Link

Archived Link

“හැඟෙන්නේ ආඩම්බරයක්” තේමාව යටතේ නදීර සම්පත් නැමැත්තෙකු සේයා රුවක් සහිතව ඉදිරිපත් කර තිබූ ෆේස්බුක් සටහනක “දැන් වැඩිම කොරොනා රෝගීන් සිටින IDH රෝහලට නවීන ගොඩනැගිල්ලක් සාදා දීමට රුපියල් කෝටි තුනකට අධික මුදලක් එම රෝහලට ලබාදුන් දෙණියාය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය චමින්ද වීරසිංහ මහතාට රටට අවශ්‍ය මොහොතේම මෙම කළ සත් ක්‍රියාව අගය කොට සලකමු” යන කතාංගය ද රෝපණය කර තිබුණේය.

මෙයට හිමිවූ ප්‍රතිචාර මෙය අසත්‍ය නොමඟ යවනසුළු පුවතක් බැවින් නිවැරැදි කරන ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ ආදී ශීෂ්‍ය සංගමය විසින් විමසා තිබු බැවින් මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයට ගොඩනැගිල්ලක් ලබා දීම පිළිබඳව ප්‍රධාන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයන්හි ඇති වාර්තාවන් පිළිබඳව අප ගූගල් සෙවීමක් කළෙමු.

මොරටුව විශ්ව විද්‍යාලයේ 92/93 ඉංජිනේරු උපාධිධාරීන්ගේ සංගමය විසින් IDH රෝහලේ නව CT ස්කෑන් යන්ත්‍රය සවි කිරීම පිණිස මිලියන තිහක වියදමින් නව ගොඩනැගිල්ලක් සාදා දීමට පොරොන්දු වේසිරස්තලයෙන් Business News වෙබ් අඩවිය 2020 අප්‍රේල් මස 20වැනි දින පළ කර තිබූ වාර්තාවේ පහත අන්තර්ගතය තිබිණි.

“92/93 ඉංජිනේරු උපාධිධාරීන්ගේ සංගමය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව මෙම නව යටිතල පහසුකම සැපයීමට එකඟ වේ.

ජාතික බෝවන රෝග ද්‍යායතනයට CT ස්කෑන් යන්ත්‍රයක් නොතිබීම නිසා අවශ්‍යතාවය මත එහි රෝගීන් වෙනත් රෝහල් කරා යොමු කොට CT ස්කෑන් පරීක්ෂණය කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් CT ස්කෑන් යන්ත්‍රය ලබාදුන් ලබාදී තිබුණද එය සවිකිරීමට ගොඩනැගිල්ලක් නොමැති වීම නිසා, දෙමහල් ගොඩනැගිල්ල ඉදිකර දීමට 92/93 වසර ඉංජිනේරු උපාධිධාරීන්ගේ සංගමය එකඟ විය

LinkArchived Link

අද දෙරණ රූපවාහිනී නාලිකාවද සිය ව්‍යාපාරික ප්‍රවෘත්ති අංශය යටතේමොරටුව විශ්ව විද්‍යාලයේ 92/93 ඉංජිනේරු සංගමයෙන් නව CT ස්කෑන් යන්ත්‍රයක් සඳහා මිලියන 30 වටිනා ගොඩනැගිල්ලක් IDH රෝහලටසිරස්තලයෙන් පහත වාර්තාව සපයා තිබුණි.

සමස්ත දිවයිනම මුහුණ දී සිටින COVID 19 වසංගත තත්ත්වය මධ්‍යයේ ශ්‍රී ලංකා බෝවන රෝග විද්‍යායතනයේ (IDH) කාලෝචිත අවශ්‍යතාවයක් වශයෙන් පවතින නව CT ස්කෑන් යන්ත්‍රයක් ස්ථානගත කිරීම සදහා භාවිත කල හැකි රුපියල් මිලියන 30ක් වටිනා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ 92/93 ඉංජිනේරු සංගමය ඉදිරිපත් වී සිටියි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සහයෝගය සහිතව ඉදි කෙරෙන මෙම ගොඩනැගිල්ල IDH රෝහලේ දෛනික ප්‍රතිකාර සදහා අතිශයින් වැදගත් වේ.

මේ දක්වා ශ්‍රී ලංකා බෝවන රෝග විද්‍යායතනයේ (IDH) සතුව CT ස්කෑන් යන්ත්‍රයක් නොමැති අතර එහි රෝගීන්ට අවශ්‍ය CT ස්කෑන් පරීක්ෂණ සිදු කිරීම සදහා ආසන්න පහසුකම් සහිත රෝහල වෙත ගෙනයාම සිදු කරනු ලබයි. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා බෝවන රෝග විද්‍යායතනයේ (IDH) ජාතික බෝවන රෝග ආයතනය (NIID) වෙත CT ස්කෑන් යන්ත්‍රයක් වෙන් කර ඇතිමුත් එය ස්ථානගත කිරීම සදහා ඉඩකඩ සහිත ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ හදිසි අවශ්‍යතාවයක් මතුවී තිබේ.

LinkArchived Link

තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප මොරටුව විශ්ව විද්‍යාලයේ 92/93 උපාධිධාරී ඉංජිනේරුවරුන්ගේ සංගමේ සභාපති චමින්ද වීරසිංහ මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. මොරටුව විශ්ව විද්‍යාලයේ 92/93 උපාධිධාරී ඉංජිනේරුවරුන්ගේ සංගමය සභාපති තමා බවත්, මෙම ව්‍යාපෘතිය ජාතික බෝවන රෝග විද්‍යායතනය ට අවශ්‍ය ගොඩනැගිල්ල ඉදිකර දීම 92/93 උපාධිධාරි ඉංජිනේරු සංගමයේ ව්‍යාපෘතියක් විනා එය තමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයක් නොවන බව අවධාරණය කළේය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයට CT ස්කෑන් යන්ත්‍රයක් සවිකිරීමට අවශ්‍ය ගොඩනැගිල්ල, නාවික හමුදාවේ සහය ඇතුව මොරටුව විශ්වවිද්‍යාලයේ 92/93 උපාධිධාරී ඉංජිනේරුවරුන්ගේ සංගමය විසින් ඉදි කිරීමට එකඟ වූ ව්‍යාපෘතියක් වන අතර චමින්ද වීරසිංහ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයකින් ඉදිකිරීමට නියමිත ගොඩනැගිල්ලක් නොවන බවයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දෙණියාය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකුගෙන් IDH රෝහලට පරිත්‍යාගයක්?

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News