රජයේ සේවයේ මැයි මස වැටුප පරිත්‍යාග කිරීම සදහා භාවිතාකල යුතු ආකෘති පත්‍රයක් ?

Update: 2020-05-09 05:31 GMT

රාජ්‍ය සේවකයන්ගේ මැයි මාසයේ වැ‍ටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙසට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා නිකුත් කර තිබු ආයාචනාත්මක ලිපියක් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදී දැඩි කතාබහක් ඇතිවී තිබෙනු දැකගන්නට ලැබුණි.

විස්තරාත්මක පැහැදිලිකිරීමක් සහිතව පලකර තිබු එම ලිපිය රාජ්‍ය සේවයේ සියලු ආයතන ප්‍රදානීන් වෙත යොමු කෙරෙන බව දක්වා තිබු අතර එක් මසක වැ‍ටුප හෝ හැකි පරිදි ඉන් කොටසක් වැන්දඹු හා අනත්දරු අරමුදල ගෙවීම් සඳහා යොමුකළහොත් අය වැය පරතරය අඩුකර ගැනීමට හැකිවනු ඇති බවත් සඳහන් වී තිබුණි.

මෙවැනි පසුබිමක මෙම රජයේ සේවකයන්ගේ වැ‍ටුප ලබා දීම සඳහා පෝරමයක් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගන්නා ලිපියක ආකෘතියක් දක්නට ලැබුනා. ආයතනයේ ප්‍රධානියා හරහා වැ‍ටුප සම්පූර්ණව හෝ කොටස් වශයෙන් ලබාදීමට එම පෝරමය භාවිතා කරන ලෙසට සඳහන් තොරතුරක් එසේ සමාජ මාධ්‍ය අතර හුවමාරු වී තිබු අතර විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඇතුළු සමාජ ජාල ක්‍රියාකාරීන් කිහිපදෙනකුම මෙම පුවත හුවමාරු කරගෙන තිබුණි.

“ගරැ ජනාධිපති ලේකම්වරයාගේ ඉල්ලීම පරිදි ,රජයේ සේවයේ නිලධාරීන් විසින් , තම වැටුප පරිත්‍යාග කිරීම සදහා භාවිතාකල යුතු ආකෘතිය” යනුවෙන් පළවූ එම සටහන් මෙසේය.

Original LinkArchived Link
Original LinkArchived Link

මෙම ආකෘති ලිපිය පිලිබඳ කරුනු විමසා බැලීමට අප කටයුතු කලා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)

මෙම ආකෘති ලිපිය පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට මත්තෙන් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් නිකුත් කළ පිළිකායතනය පිළිබඳව පළවී ඇති මාධ්‍ය සටහන් පරීක්ෂා කළෙමු.

මැයි මස රාජ්‍ය සේවක වැටුප හෝ හැකි පරිදි ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස පෞද්ගලික ඉල්ලීමක් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනපති කාර්යාලයේ පිලි ශීර්ෂයක පි‍ටු හතරකින් යුත් ලිපියක් රාජ්‍ය සේවයේ සියලු ආයතන ප්‍රදානීන් වෙත යොමු කිරීම මෙසේ වාර්තා වී තිබුණි.

https://youtu.be/6eD6Tu3pPEo?t=5

Ada Derana Lankadeepa

මෙම ලිපිය පාදක කරගනිමින් , ඉහත රජයේ සේවකයින් වැටුප් ප්‍රදානය කිරීම සඳහා භාවිතා කල යුතු ලිපියේ ආකෘතිය යනුවෙන් පළවූ පෝරමයේ නිරවද්‍යතාවය දැනගැනීමට අප පලමුව ජනාධිපති කාර්‍යාලයේ මාධ්‍ය අංශය සම්බන්ධ කර ගත්තා.

ජනාධිපති ලේකම්තුමාගේ පුද්ගලික ආයාචනයක් ලෙස රජයේ ආයතන ප්‍රදානීන් වෙත යොමුකරන ලද ලිපියක් පමණක් බව තහවුරු කළ ඔවුන් ඊට අමතරව කිසිදු ආකෘති ලිපියක් මේ සම්බන්ධයෙන් පළ කර නොමැති බවද තහවුරු කර සිටියා. ජනාධිපති ලේකම් කාර්යාලයේ කිසිඳු සේවකයෙකු වෙත මෙබඳු ලිපියක් ලැබී නොමැති බවද ඔවුන් තහවුරු කර සිටියා.

එසේම අපට පෙනී ගියේ මෙම ආකෘති ලිපියේ සම්පූර්ණ වැටුප ලබා දීම පමණක් ගැන උහාසාත්මක කෝණයකින් සකස් කර තිබූ බවත් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ පෞද්ගලික ආයාචනයේ අවසානයේ පැහැදිලිවම දක්වා තිබුණේ “සියලූ දෙනාටම මාසික වැටුප ලබාදීම අපහසු විය හැකි බවත්, මාසයක වැටුපෙන් අඩක්, සතියක වැටුපක් හෝ දිනක වැටුප වශයෙන් මෙම දායකත්වය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ජනාධිපති ලේකම් පි. බී. ජයසුන්දර මහතා වැඩිදුරටත් සිය ලිපිය මගින් ඉල්ලා ඇත.” යනුවෙනි. එබැවින් එසේ වැටුපෙන් කොටසක් ලබා දීමට අදහස් කරන අයෙකු සඳහා මෙම ආකෘති ලිපියේ අවකාශයක් ලැබී ඇති අයුරක් දක්නට නොලැබිණි.

මෙම කරුණ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ ජනාධිපති ලේකම්වරයා රජයේ සේවකයන් වෙත යොමු කර ඇති ලිපය මඟින් ඉල්ලා ඇත්තේ සිය කැමැත්ත මත පමණක් මැයි මස වැටුපෙන් යම් දායකත්වයක් වැන්දඹු හා අනත්දරු අරමුදල සඳහා යොදවන ලෙස පමණක් බවයි.

මෙවැනි කිසිඳු ආකෘති පතක් නිකුත් කර නැති බව පුවත් නිවේදනයක් නිකුත් කරමින් සනාථ කර සිටියා.

එම නිල නිවේදනය පහතින්.

English PR | Sinhala PR

https://youtu.be/DyJmmOpbadg?t=5

කෙසේ වෙතත් මෙබඳු ලිපියක් රාජ්‍ය සේවයේ ආයතන මගින් යොමු කර ඇත්දැයි විමසීම සඳහා අප විසින් රාජ්‍ය සේවයේ විවිධ අංශවල ප්‍රදානීන් කිහිප දෙනකු ගෙන් විමසීමක් සිදු කළ අතර ඔවුන් කිසිවකුත් පවසා සිටියේ එබඳු ආකෘති ලිපියක් ලැබී නොමැති බවයි.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව සලකා බලන කල රජයේ සේවකයන්ගේ වැටුපෙන් පරිත්‍යාගයක් සිදුකරන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා යොමුකර ඇති ලිපිය පාදක කරගනිමින් වැ‍ටුප් පරිත්‍යාග ලබා දීම සඳහා භාවිත කල යුතු ආකෘති ලිපිය ලෙස සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ආකෘති පත්‍රය උපහාසාත්මක කෝණයකින් පළකර ඇති සාවද්‍ය ආකෘති පත්‍රයකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රජයේ සේවයේ මැයි මස වැටුප පරිත්‍යාග කිරීම සදහා භාවිතාකල යුතු ආකෘති පත්‍රයක් ?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News