ලංකාවේ තරුණයෙකු නිෂ්පාදිත ත්‍රීවීල් රථයක් ලෙස හුවමාරු වූ තංගල්ලේ හෝටලයක ඡායාරුපයක්!

Update: 2020-05-14 08:58 GMT

කොරොනා වෛරස් වසංගතය නිසා ලංකාවේ ආර්ථිකයට මරු පහරක් වැදී තිබේ. කර්මාන්ත සහ කෘෂී කර්මාන්ත අඩපණ වී ඇත. ලෝක ආර්ථිකය ද කඩා වැටී ඇති මොහොතක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ලංකාවේ රුපියල අවපාත වී ඇත. රැකියා අහිමිවීමේ තර්ජනයක්ද පවතී. නුදුරු අනාගතයේදී ඇති විය ආර්ථික අර්බුදයකට මුහුණ දීම සඳහා රජය කඩිනමින් පිඹුරුපත් සකසමින් සිටි. මෙම සැලැස්මේ එක් පියවරක් ලෙස දේශීය කර්මාන්ත නගා සිටුවන බවට වාර්තා පළවිය.

“නිකන්ම ත්‍රී වීල් එකක් නෙවෙයි. අපේ තරුණයෙකුගේ නව නිපැයුමක්. ගෝඨාභය මහතා විසින් සියල්ල වෙනස් කරමින් සිටී” තේමාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රීවීල් රථයක නැගී සිටින ඡායාරූපයක් සහිත සටහනක් ලක්මාල් ගමගේ නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවක ඉදිරිපත් ව තිබෙනු දක්නට ලැබුණේය.

LinkArchived LinkLinkArchived Link

ෆේස්බුක් පරිශීලනය කරන්නන් හය දාහකට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබුණු මෙම හිමිවූ ප්‍රතිචාර අතර මෙය ඉන්දියාවේ නිපදවන TVS King ත්‍රීවීලරයක් බවත්, තංගල්ලේ පිහිටි Anantara Peace Haven Tangalle Resort නමැති හෝටලයේ මෙම ත්‍රී විලර් රථය ඇති බවත්, ජනාධිපතිතුමා සිටින ත්‍රීවිල් රථය පදවන්නේ එම හෝටලයේ බට්ලර් කෙනෙකු බව යෝජනා වී තිබීම නිසා මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ත්‍රීවිලරය පිළිබඳ කරුණු තහවුරු කරගැනීම පිණිස අප තංගල්ලේ පිහිටි Anantara Peace Haven Tangalle Resort හෝටලයට දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. එම හෝටලයේ ප්‍රවාහන අංශය භාරව කටයුතු කරන සහකාර කළමනාකරු සාගර අබයකෝන් මහතාට ලක්මාල් ගමගේ ෆේස්බුක් සටහනේ ඡායාරූපය යොමු කළෙමු. එය Anantara Peace Haven Tangalle Resort හෝටලය සතු TVS King ත්‍රී විලර් රථයක් බව පැවසීය. පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපතිතුමා එම හෝටලයට පැමිණි අවස්ථාවේ ගත් ඡායාරූපයක් බවත්, එම ත්‍රීවිල් රථය පදවන්නේ එම හෝටලයේ බට්ලර් වරයකු වන තරංග නමැත්තා බවත් සඳහන් කළේය.

ප්‍රසිද්ධ සංචාරක වෙබ් අඩවියක් වූ Trip adviser වෙබ් අඩවියද Anantara Peace Haven Tangalle Resort හෝටලයේ ඡායාරූප සමූහයේ මෙම ත්‍රීවිලරයේ ඡායාරූපයක් පෙන්වා තිබුණි.

LinkArchived Link

මේ පිළිබඳව තවත් වෙබ් අඩවියක පළවූ සටහනකද සංචාරකයින් රැගෙන යාම සඳහා Anantara Peace Haven Tangalle Resort ත්‍රීවිල් යොදා ගැනීම මෙසේ සටහන්වී තිබුනා

LinkArchived

මෙම ඡායාරූපය පිළිබඳව කරුණු සෙවිමේදි 2019 නොවැම්බර් මාසයේද ෆේස්බුක් පිටු කිහිපයකම මෙම ඡායාරූපය ම රැගත් සටහනක් නිරීක්ෂණය විය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනාධිපතිතුමා නැඟ සිටින ත්‍රීවිල් රථය ලංකාවේ තරුණයකුගේ නව නිපැයුමක් නොව තංගල්ලේ පිහිටි Anantara Peace Haven Tangalle Resort හෝටලය සතු ඉන්දියාවේ නිෂ්පාදිත TVS King ත්‍රීවිල් රථයක් බවයි.

එනිසා “නිකම්ම ත්‍රීවීල් එකක් නෙවෙයි. අපේ තරුණයෙකුගේ නව නිපැයුමක්. ගෝඨාභය මහතා විසින් සියල්ල වෙනස් කරමින් සිටී” තේමාවෙන් ලක්මාල් ගමගේ නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් වී ඇති සටහන සම්පූර්ණයෙන්ම අසත්‍යය සහ සාවද්‍ය සටහනක් බව නිගමනය කරමු. 

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලංකාවේ තරුණයෙකු නිෂ්පාදිත ත්‍රීවීල් රථයක් ලෙස හුවමාරු වූ තංගල්ලේ හෝටලයක ඡායාරුපයක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News