නොමඟ යවනසුළු සිරස්තලයකින් පළකල පුවතක් !

Update: 2020-05-25 08:39 GMT

මහ මැතිවරණයක උණුසුම ක්‍රමයෙන් ඇතිවීමත් සමඟම ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සිය ප්‍රතිවාදීන් ඉලක්ක කර, ඔවුන් අපහසුතාවයකට පත් කිරීමට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබුණු නිරීක්ෂණය විය

නිරෝධායනයට ගිය ව්‍යාපාරිකගේ භාණ්ඩ සොරාගත් ජවිපෙ මන්ත‍්‍රී ඇතුළු 03ක් අත්අඩංගුවේ සිරස්තලයෙන් පළවූ සටහනක් පහත පරිදි නිරීක්ෂණය විය.

LinkArchived

කෙසේවෙතත් එම සටහනේ තවදුරටත් පහත කරුණු විස්තරයද දක්වා තිබුණි.

“නිරෝධායනය මධ්යස්ථානයකට යොමු කර සිටි ව්යාපාරිකයකුගේ ගරාජයක් බිඳ එහි භාණ්ඩ සොරාගැනීම හා ලග තබා ගැනීමට සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිකවැරටිය ප්රදේශයේ ව්යාපාරිකයෙකුගේ ගරාජයක් බිඳ මෙසේ බඩු සුරාගෙන ඇති බවට අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතරේ ජනතා විමුක්ති පෙරමුණේ නිකවරටිය ප්‍රාදේශීය සභා මන්ත්රීවරයෙකුද සිටින බව නිකවැරටිය පොලිසිය සඳහන් කරයි.

නිවාඩු ලබා පැමිණි කොරෝනා ආසාදිත නාවික සෙබළකු සමීපව ඇසුරු කළේ යැයි අදාළ ව්යාපාරිකයා ඇතුළු පවුලේ පිරිස නිරෝධායන මධ්යස්ථානයකට යොමු කළ පසු මෙම සොරකම සිදුකර තිබේ.”

Lanka C News නැමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් සිය ෆේස්බුක් පිටුවේ සහ වෙබ් අඩවියේ එම එම පුවත පළකර තිබුනේ මෙලෙසිනි.

FB LinkArchived LinkArticle LinkArchived Link

මෙම ප්‍රවෘත්තිය ෆේස්බුක් මාධ්‍ය ජාලයෙහි පිටු රැසක ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණේය.

මින් පෙර ද ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ අළලා පළවන ප්‍රවෘත්ති පිළිබඳව සිදු කරන ලද  කරුණු විමර්ශනයන් හි දී එම ප්‍රවෘත්ති සටහන් රැසක්ම අසත්‍ය හෝ නොමඟ යවන සුළු ලෙස සනාථ වීම නිසා මෙම සටහන පිළිබඳව ද කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ෆේස්බුක් මාධ්‍ය ජාලයේ සංසරණය වන මෙම ප්‍රවෘත්තියට පාදකවූ ප්‍රවෘත්තියක් ඇද්දැයි අපි ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් හි පරීක්ෂාකර බැලුවෙමු. “නිරෝධායනයට ගිය පසු ගරාජය කඩා බඩු උස්සලා. හොර බඩු තියාගත්තාට ජවිපෙ මන්ත්‍රී ඇතුළු 2ක් දැලේසිරස්තලයෙන් 2020 මැයි මස 21 දින ලංකාදීප පුවත්පතේ (12 වැනි පිටුව) විද්‍යුත් මුද්‍රණයේ පහත ප්‍රවෘත්තිය ඉදිරිපත් කර තිබුණි. වව්නියාව මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි නිකවැරටිය බලගොල්ලාගම ව්‍යාපාරිකයකුගේ ගරාජය බිඳ බඩු සොරාගත් බවට සැකකරුවන් දෙදෙනකුද සහ සොරබඩු සන්තකයේ තබාගත් බවට නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්ත්‍රීවරයකු ඇතුළු ව්‍යාපාරිකයන් දෙදෙනකුද සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිසිය පවසයි.

සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සොර බඩු අලෙවි කළ බවට සඳහන් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයා සන්තකයේ තිබී ජැක් එකක්ද, නිකවැරටිය ව්‍යාපාරිකයින් දෙදෙනා සන්තකයේ තිබී වාහන බැටරි දෙක සහ ග්‍රයින්ඩරයක් හමුවූ බවද, ඒ අනුව සොරබඩු සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි.

Lankadeepa-Epaper (requires login)

මෙම පුවත පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප නිකවරටිය පොලිසියේ ස්ථානාධිපතිතුමා සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. ගරාජය බිඳ භාණ්ඩ සොරා ගැනීම පිළිබඳව අත්අඩංගුවට ගත් සැකකරුවන්, එම සොරා ගත් භාණ්ඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට සහ ව්‍යාපාරිකයින් දෙදෙනාට අළෙවි කර ඇති බවත්, ඒ අනුව හොරකම් කළ භාණ්ඩ ළඟ තබා ගැනීමේ චෝදනාව මත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ ව්‍යාපාරිකයින් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ඔහු පැහැදිලි කළේය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා සහ ව්‍යාපාරිකයන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත්තේ සොර බඩු ළඟ තබා ගැනීම නිසා බවයි.

එබැවින් “නිරෝධායනයට ගිය ව්‍යාපාරිකගේ භාණ්ඩ සොරාගත් ජවිපෙ මන්ත‍්‍රී ඇතුළු 03ක් අත්අඩංගුවේ” සිරස්තලයෙන් ෆේස්බුක් මාධ්‍ය ජාලයෙහි ඉදිරිපත්ව ඇති ප්‍රවෘත්තිය, නොමඟ යවන සුළු සිරස්තලය කින් යුත් අසත්‍ය ප්‍රවෘත්තියක් බව නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:නොමඟ යවනසුළු සිරස්තලයකින් පළකල පුවතක් !

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News