ත්‍රිපෝෂ කම්හල පිලිබඳ නොමඟ යවනසුළු ප්‍රකාශක්

Update: 2020-06-03 06:39 GMT

ත්‍රිපෝෂය යනු ගර්භනී මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට සහ ළදරුවන්ට ලබාදෙන අධිපෝෂිත ආහාරයකි. ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන්නේ ඉරිඟු සහ සෝයාබොංචිය. එමෙන්ම ත්‍රිපෝෂ නිපදවනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වී,ජාඇල කපුවත්ත ප්‍රදේශයේ ඇති ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමය.

ත්‍රිපෝෂ කම්හල වැසෙයි. සේවකයන් තුන්සියයක් නිවෙස්වල. ගැඹිණි මව්වරුන්ට සහ ළදරුවන්ට ත්‍රීපෝෂ නොලැබීමේ අවදානමක්සිරස්තලයෙන් Headline News නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් සිය ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබූ පහත ඇති ප්‍රවෘත්තිය ෆේස්බුක් පරිශීලනය කරන්නන් 2000 කට අධික පිරිසක් අතර හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. එහි අන්තර්ගතය මෙසේය.

ත්‍රීපෝෂ නිෂ්පාදනය සදහා අවශ්‍ය බඩ ඉරිගු සපයා ගැනීමට නොහැකි වීම නිසා, ජා ඇල පිහිටි ත්‍රීපෝෂ කම්හල වසා දමා ඇති බම මාධ්‍ය වාර්තා කරයි.

කම්හල වසා දැමීම නිසා, එහි සේවය කළ සේවකයන් තුන්සියයක් පමණමේ වන විට නිවෙස්වල රැදී සිටින බවත් වාර්තා වේ.

බඩ ඉරිගු සදහා රජය රුපියල් 55 ක පාලන මිලක් නියම කිරීම මෙම අර්බුදයට හේතුවයි. රජය රුපියල් 55 ක මිලක් නියම කරන අවස්ථාව වන විටත්, අදාල කම්හල බඩඉරිගු මිලදී ගැනීමට ටෙන්ඩර් කැදවා ඇත්තේ රුපියල් 58 බැගිනි.

නව පාලන මිල වන රුපියල් 55 යටතේ බඩ ඉරිගු මිලදී ගැනීමට, අදාල ආයතනය නැවත ටෙන්ඩර් කැදවා ඇතත්, එම මිලට කිසිවෙකු බඩ ඉරිගු අලෙවි නොකිරීම හේතුවෙන් අවශ්‍ය බඩ ඉරිගු තොග නොලැබීම ආයතනය වසා දැමීමට හේතු වී තිබේ.

ආයතනය වසා දැමීම නිසා, ලදරුවන්ට සහ ගැඹිණි මව්වරුන්ට ලබා දීමට අවශ්‍ය ත්‍රීපෝෂ හිගයක් ඉදිරියේ දී ඇතිවීමේ අවදනාමක් පවතී.

මෙම ප්‍රවෘත්තියට උපහාසාත්මකව ඉදිරිපත් වූ ප්‍රතිචාර අතර මේ පිළිබඳව සොයා බලා, සත්‍යය ඉදිරිපත් කරන ලෙස තිබූ ප්‍රතිචාරය කිහිපයක්ම නිරීක්ෂණය වීම නිසා මේ ප්‍රවෘත්තිය පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

FB LinkArchived LinkArticle LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ප්‍රවෘත්තියට පාදකවු යම් ප්‍රවෘත්තියක් ප්‍රධාන විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයන්හි පළවී ඇද්දැයි පරීක්ෂා කළෙමු. මැයි මස  31 වැනි දින ලංකාදීප විද්යුත් මුද්‍රණයෙහි “ජාඇල ත්‍රිපෝෂ කම්හල මුළුමනින්ම වසා දමයි සිරස්තලයෙන් පහත දක්වා ඇති ප්‍රවෘත්තිය විය.

Article LinkArchived Link

මෙම ප්‍රවෘත්තීන් පිළිබඳව කරුණු තහවුරු කරගැනීම සඳහා අප ශ්‍රීලංකා ත්‍රිපෝෂ සමාගම සමග දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු.

මව්වරුන් සහ ළදරුවන් සඳහා රජය විසින් නොමිලේ ලබාදෙන ත්‍රිපෝෂ මෙන්ම වෙළඳපලෙහි විශාල ඉල්ලුමක් ඇති සුපෝෂ සන්නාමය යටතේ ඇති නිපැයුම්, නිෂ්පාදනය කර බෙදාහරින්නේ තම ආයතනය බවත්, මෙම භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවැසි ප්‍රධාන අමුද්‍රව්‍යක් වන ඉරිඟු, බොහෝදුරට දේශීය නිෂ්පාදකයින් හරහා ලබාගන්නා බවත්ය.

Thriposha ProductionBeneficiariesRaw Material

කොරෝනා ව්‍යාප්තියේ බලපෑමට සහ මැයි මාසයේ සිට රජයේ විසින් ඉරිගු සඳහා රුපියල් කිලෝවක් සඳහා රු55/= ක සහතික මිලක් නියම කිරීම නිසා, ත්‍රිපෝෂ සහ සුපෝෂ නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන, මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු ඉරිඟු සපයා ගැනීමට අපහසු වී ඇති බව පැවසූ ඔහු දැනට ඔවුන් ළඟ ඇති ත්‍රිපෝෂ තොග, සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම් සහ ප්‍රමුඛතාව මත දිවයින පුරා බෙදා හරින බව පැවසීය.

කර්මාන්ත ශාලාව වසා දමා ඇති බවට පළ වන ප්‍රවෘත්ති අසත්‍ය බව පැවසූ ඔහු දැනට නිෂ්පාදන ක්‍රියාවලිය තාවකාලිකව නවතා ඇති බවත්, රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කර, විසඳුමක් ලබා ගෙන ඉක්මනින්ම නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන බවත් අවධාරණය කළේය. දැනට දිවයිනේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය නීති යටතේ සේවා ස්ථානයේ සේවයේ නියුතු සම්පූර්ණ සේවක පිරිස සේවා ස්ථානය වෙත කැඳවා ගැනීමට අපහසු නිසා, අවශ්‍ය සේවකයින් පිරිස පමණක් කර්මාන්ත ශාලාවේ සේවය සඳහා කැඳවා ඇති බවද පැවසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා පිළිබඳව අතිරේක ලේකම් තුමිය සමඟ සම්බන්ධ වූයෙමු. රජය විසින් පනවා ඇති රුපියල් 55/= ක සහතික මිල යටතේ මිනිස් පරිභෝජනය සඳහා සුදුසු ඉරිඟු සපයා ගැනීමට අපහසු වී ඇති බැවින් ඉක්මනින්ම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර මෙයට විසඳුමක් ලබාගෙන නිෂ්පාදන ක්‍රියාවලිය අරඹන බව ඇය අවධාරණය කළාය. මෙම තත්ත්වය කර්මාන්තශාලාව වසා දැමීමක් නොව, තාවකාලිකව නිෂ්පාදන ක්‍රියාවලියේ ඇනහිටීමක් බව අවධාරණය කළාය.

මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කරගැනීම පිණිස අප කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සමග සම්බන්ධ වූයෙමු. සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන ඉරිඟු වගා කරන දේශීය ගොවියා දිරිමත් කිරීම සඳහා මැයි මාසයේ සිට  කිලෝවකට රුපියල් 55/= සහතික මිලක් නියම කර ඇති බවත්, 2019/20 මහ කන්නය සඳහා ඉරිඟු මෙට්‍රික් ටොන් 310,500ක අපේක්ෂා කළ බවද පැවසීය.

Dep of Agriculture
Maize Cultivation

එසේම අපට දැනගන්නට ලැබුණේ මෙසේ අපේක්ෂිත නිෂ්පාදනය දේශීය නිෂ්පාදනයන් හරහා සම්පූර්ණයෙන්ම ලබා ගැනීමට නොහැකි වන බැවින් විශේෂයෙන්ම සත්ව පරිභෝජනය සඳහා අවශ්‍ය වන ඉරිඟු ආනයනය කිරීම ද සිදු වන බවයි Ada Derana

මිනිස් පරිභෝජනය සඳහා යොදා ගන්නා බඩ ඉරිඟු කොටස් සකස් කිරීමේ දී මුල් නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් ඉවත් කිරීමට සිදුවන බැවින් සත්ව පරිභෝජනය සඳහා නියම කර ඇති පාලනය මිල වන රුපියල් පනස් පහට අලෙවි කිරීමට නොහැකි බව ප්‍රකාශ කරමින් වෙළඳුන් තොග වෙළඳපොළට නිකුත් නොකිරීම මෙසේ මිල ඉහළ යාමට හේතුවී ඇති බව ද අපට දැනගන්නට ලැබුණා

මේ පිළිබඳව ත්‍රිපෝෂ සමාගම සභාපති සමඟ සිදුකළ සාකච්ඡවක් අරුණ පුවත්පතේ පළ කර තිබුණේ මෙලෙසිනි.

බඩ ඉරිඟු, සත්ව සහ මිනිස් පරිභෝජනය අනුව කොටස් දෙකකට කැඩෙනවා. අපි ගන්නේ මිනිස් පරිභෝජනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු. ඒවා ප්‍රමිතියෙන් ඉහළයි. ඒ නිසා ටෙන්ඩර්වල මිල බඩ ඉරිඟු කිලෝව සඳහා රුපියල් 65-75 කියල සඳහන් වෙනවා. මේක රාජ්‍ය ආයතනයක් නිසා අපි ඉල්ලන්නේ රුපියල් 55ට දෙන්න කියලා.

අපි විෂය භාර ඇමැති සහ අමාත්‍යංශ ලේකම්වරයා දැනුවත් කරලා ජනාධිපති ලේකම් කාර්යාලයටත් මේ පිළිබඳව දන්වලා තියෙනවා. මීට කඩිනම් විසඳුමක් ලැබෙයි කියලත් විශ්වාස කරනවා. ඒ විසඳුම ලැබෙන තෙක් අපි නිෂ්පාදනය අඩු කරලා තියෙනවා. කම්හලේ වාර්ෂිකව සිදුකරන අලුත්වැඩියා කටයුතු කිහිපයකුත් මේ දිනවල කෙරෙනවා. නමුත් බෙදාහැරීම් දිගටම සිදුවෙනවා.

අපේ ආයතනයේ සේවකයන් 235ක් ඉන්නවා. පිට දිස්ත්‍රික්කවල සිටින 35 ක් විතර කොරෝනා නිසා තාම ආවෙ නෑ. සෞඛ්‍යාරක්ෂාව ගැන හිතලා දිනකට 100කට අඩු සේවක ප්‍රමාණයක් සේවයට කැඳවන්නේ. කම්හල මුළුමනින්ම වැහුවා කියන එක මම හිතන විදියට බඩ ඉරිඟු සැපයුම්කරුවන් විසින් නිර්මාණය කළ දෙයක්”.

ArunaArchived

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය, කිලොවක් රුපියල් 55/= කට මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුතාවය මත තවකාලිකව ඇනහිට ඇති බව විනා සහමුලින්ම වසා දමා නොමැති බවය. එමෙන්ම දිවයිනේ ක්‍රියාත්මකවන සෞඛ්‍යය නීතිරීති යටතේ කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාමට අවශ්‍ය අවම සේවක පිරිස පමණක් සේවයට කැඳවන බවය

ත්‍රිපෝෂ කම්හල වැසෙයි. සේවකයන් තුන්සියයක් නිවෙස්වල. ගැඹිණි මව්වරුන්ට සහ ළදරුවන්ට ත්‍රීපෝෂ නොලැබීමේ අවදානමක්” සිරස්තලයෙන් ඉදිරිපත්ව ඇති ෆේස්බුක් සටහන් නොමග යවන සුලු සිරස්තලයක් සහිත සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ත්‍රිපෝෂ කම්හල පිලිබඳ නොමඟ යවනසුළු ප්‍රකාශක්

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News