තොන්ඩමන්ගේ මලගෙදරට සහභාගි වූ මාධ්‍යවේදියා ඇතුළු පිරිසට කොරෝනා ආසාදනය වී නැත!

Update: 2020-06-09 06:58 GMT

ලංකාවේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයා නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පසුගියදා මෙලොවින් සමුගත්තේය. කොරෝනා ආසාදනය ව්‍යාප්ත වීමත් සමග ම පැන වූ දැඩි සෞඛ්‍යය නීතිරීති කඩ කරමින් ඔහුගේ දේහය ගණනක් පුරා, කොළඹ සහ මධ්‍ය කඳුකරයේ මහජන ගෞරවය සඳහා රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කිරීම, සාමාන්‍ය ජනතාවගේ මහත් අප්‍රසාදයට ලක්විය. සමාජ මාධ්‍ය ජාලය තුළ මේ පිළිබඳව විවිධ සටහන් ඉදිරිපත් විය. මේ සිදුවීම දැඩිව හෙළා දකිමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් පුවත්පත් නිවේදනයක්ද නිකුත් කරන ලදී. ඒ අතර ඇතැම් පිරිස් මෙම අවසන් කටයුතු සඳහා සහභාගී වූ අයගේ නොසැලකිලිමත්කම නිසා නැවත කොරෝනා ව්‍යාප්තියක් ඇතිවීමේ අවදානම ගැනද ප්‍රකාශ ඉදිරිපත් කර තිබුණි.

එවන් පසුබිමක තොණ්ඩමන්ගේ මල ගෙදර ගිය තිදෙනෙකුට කොරෝනා ලක්‍ෂණ, වහාම කොරෝනා පරීක්‍ෂාවටතේමාවෙන් එනොක් මහේෂ් සිල්වා නමැත්තකු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණේය.

LinkArchived Link

Gossip-Lanka News නමැති ප්‍රවෘත්තිය වෙබ් අඩවියක ෆේස්බුක් පිටුවක් “තොණ්ඩමන්ගේ මල ගෙදර ගිය තිදෙනෙකුට කොරෝනා ලක්‍ෂණ, වහාම කොරෝනා පරීක්‍ෂාවට. සියල්ල නිරෝධායනයට” සිරස්තලයෙන් ඉදිරිපත් කර තිබූ ප්‍රවෘත්තියක් ප්‍රතිචාර දාහකට ආසන්න සංඛ්‍යාවක් හිමිකර ගනිමින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වී තිබෙනු නිරීක්ෂණය විය.

Article LinkArchived Link

මෙම ප්‍රවෘත්තිය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රැසකද පලවී තිබෙනු අපට නිරීක්ෂණය විය. නමුත් මාධ්‍ය හරහාම පසුව මෙම මාධ්‍යවේදියාට කොරෝනා වැළඳී නොමැති බව පළවී තිබීම නිසා මෙම පුවත පිලිබඳ විමර්ෂණයක් සිදුකිරීමට අදහස් කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ප්‍රවෘත්තිය පිළිබඳව කරුණු තහවුරු කරගැනීම පිණිස මේ පිලිබඳ පළවී ඇති මාධ්‍ය වාර්තා අධ්‍යයනය කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් ලබාදී තිබු පහත නිවේදනය දැක ගන්නට හැකි විය.

https://youtu.be/UDeAziwYcn4

සුදත් රෝහණ මහතා එහිදී කරුණු දක්වා තිබුණේ දික්ඔය රෝහලට ස්වසන අපහසුතාවයක් මත මෙම මාධ්‍යවේදියා පැමිණ ඇති බවයි. කොරෝනා රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්වන ඕනෑම රෝගියෙකුගේ සාම්පල ලබාගෙන PCR පරීක්ෂණයකට යොමු කිරීමට දිවයින පුරා රෝහල්වල කාර්ය මණ්ඩලය කටයුතු කරන්නේ, නොදැනුවත්ව සමාජය තුළ COVID-19 පැතිරී තිබුණහොත් එය හඳුනා ගැනීමේ අරමුණින් බව එතුමා තවදුරටත් පැහැදිලි කරා සිටියා. තව දුරටත් අවධාරණය කර සිටියේ මෙම මාධ්‍යවේදියා කිසි ලෙසටත් COVID-19 රෝගියෙක් ලෙස සැක කෙරුණේ නැති අතර පූර්ව ආරක්ෂක පියවරක් වශයෙන් පමණක් ඔහුගේ තරල සාම්පල ලබා දෙන කිසියම් පරීක්ෂණයකට යොමු කර ඇති බවයි

තවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. කැබිනට් ඇමති ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අවමංගල්‍ය කටයුතු ආරම්භයේ සිටම ආවරණය කළ දමිළ මාධ්‍යවේදියෙකු, අසනීප වීම නිසා ප්‍රාදේශීය රෝහලක් වන දික්ඔය රෝහල වෙත ප්‍රතිකාර ගැනීම සඳහා ගිය අවස්ථාවේදී, ඔහුට තිබූ රෝග ලක්ෂණ අනුව, ඔහුව PCR පරීක්ෂණයකට යොමු කර ඇති අතර, එම PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් මාධ්‍යවේදියාව නිරෝධායනයට යොමු කර ඇත. එම නිරෝධායන ක්‍රියාවලියට සමගාමීව ඔහු හා සමීප ඇසුරක් පැවැත්වූ ඔහුගේ රියදුරු සහ සහායකද නිරෝධායනයට යොමු කර ඇත. PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව මාධ්‍යවේදියාට කොරෝනා වෛරස් ආසාදනය වී නොමැති බව තහවුරු වීම නිසා, ඔහු ඇතුළු සගයින් දෙදෙනා නිරෝධායන ක්‍රියාවලියෙන් නිදහස් කළ බව පැවසීය.

වැඩිදුරටත් කරුණු සනාථ කර ගැනීම සඳහා අප හැටන් ප්‍රාදේශීය වාර්තාකරුවකු සමඟද දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු.

තොන්ඩමන් අමාත්‍යවරයාගේ අවමංගල්‍ය ආවරණය කළ මාධ්‍යවේදියා හා ඔහු සමග නිරෝධායනයට ලක්කර තිබු ත්‍රිරෝද රථ රියදුරා හා තවත් පුද්ගලයෙකු නිරෝධායනයෙන් මුදා හැරීම කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂක සවුන්දර් රාගවන් මහතා සහ දිඹුල පතන පොලිසියේ නිලධාරියෙකු විසින් සිදුකරන ලද බවද පවසා සිටියා.

සෙම්ප්‍රතිශ්‍යාව හා සෙම්ගෙඩි තත්ත්වයක් පැවතීම නිසා ජුනි මස 2 වැනිදා එම මාධ්‍යවේදියා දික්ඔය රජයේ දිස්ත්‍රික් මුලික රෝහල වෙත ගිය අතර එහිදි ඔහුගේ ජෛව පටල ලබා ගනිමින් PCR පරික්ෂණය සදහා යොමු කිරිමට කටයුතු කරනු ලැබූ බවද පැවසු ඔහු එම පරික්ෂණයේ වාර්තාව 3 දා පස්වරුවේ ලැබී තිබුන අතර එම වාර්ථාවට අනුව එම ප්‍රාදේශිය මාධ්‍ය වේදියාගේ සිරුරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි නොමැති බව දික්ඔය රෝහලේ වෛද්‍යවරු හා නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා තහවුරු කරන ලද බවද සනාථ කර සිටියා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ තොන්ඩමන් අමාත්‍යවරයාගේ අවමංගල්‍ය ආවරණය කළ මාධ්‍යවේදියාට කොරෝනා ආසාදනය වී ඇතයි යන සැකයට වඩා, කොරෝනා සමනා රෝග ලක්ෂණ පහළ වී ඇති අයවලුන්ට PCR පරීක්ෂණයක් සිදු කිරීමේ පදනම මත මාධ්‍යවේදියා පරීක්ෂණයට යොමු කර ඇති අතර එහි ප්‍රතිඵල අනුව ඔහුට එම රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වීම නිසා මාධ්‍යවේදියා ඇතුළු ඔහුගේ සගයන් දෙදෙනාද නිරෝධායන ක්‍රියාවලියෙන් නිදහස් වී ඇති බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:තොන්ඩමන්ගේ මලගෙදරට සහභාගි වූ මාධ්‍යවේදියා ඇතුළු පිරිසට කොරෝනා ආසාදනය වී නැත!

Fact Check By: Sahan Perera

Result: Explainer

Tags:    

Similar News