චීනයේ කොටස් නිෂ්පාදනය කරන දුරකථනයක්, ලංකාවේ නිෂ්පාදනයක් ලෙස පෙන්වාදීමක්!

Update: 2020-06-19 04:53 GMT

වත්මන් ගෝඨාභයරාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයෙ දැක්ම ඇතුළු ප්‍රතිපත්ති තුලින් දේශීය කර්මාන්මාන්ත කරුවන් දිරි ගැන්වීමට අවශ්‍ය වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කෙරෙන බවට වාර්තා විය. දේශීය නිෂ්පාදන අගයමින් සමාජ මාධ්‍ය ජාලයන්හි විවිධ සටහන්ද අඩපණ වී තිබු ලාංකීය කර්මාන්ත යලි ක්‍රියාත්මක වන බවට සටහන් රැසක් ඉදිරිපත් වෙනු දක්නට ලැබුණි.

මේ අතර Riyal වෙස්-ටෝක් නමැති ෆේස්බුක් පිටුවක සඳහන් වී තිබුනේ “මේ තියෙන්නේ ලංකාවේ අපේ මිනිස්සුන්ගේ අතින් හැදෙන මොබයිල් ෆෝන් එකක්. ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. HUWAWEI, NOKIYA, SAMSUNG වගේ පිටරට ෆෝන් ගන්න වෙලේ පුළුවන් නම් ගන්න අපේ රටේ දෙයක්. MADE IN SRI LANKA” යනුවෙන් වදන් පෙළක් රෝපණය කර තිබු OCTA ජංගම දුරකතනයක ඡායාරුපයක් ඇතුලත් සටහනක් බොහෝ පිරිසක් අතර හුවමාරු වී තිබුණි.

LinkArchived

තවත් ෆේස්බුක් පිටු සහ සමුහ රැසක් මෙම පුවත හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසිනි.

එසේම මෙය ලංකාවේ එකලස් කරන බව සඳහන් කරමින් හුවමාරු වූ තවත් සටහනක් මෙසේය.

LinkArchived

මෙම සටහන්වලට හිමිවු ප්‍රතිචාර අතර මෙහි සන්නාමය පමණක් ලාංකික බවත්, චීන නිපයුමක් බවට සඳහන් වී තිබීම නිසාත් මෙම සටහන පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ජංගම දුරකථනය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට OCTA සන්නාමය පිළිබඳව ගූගල් සෙවීමක් කළෙමු. දිවයිනේ සුප්‍රකට පරිඝණක එකලස් කිරීමේ ආයතනයක් වන Ewis සමාගම මෙම සන්නාමය යටතේ ජංගම දුරකථන වෙළඳපලට ඉදිරිපත් කරන බවට අන්තර්ජාලයෙහි ඇතුලත්ව තිබුණි.

LinkArchived Link

මෙම ජංගම දුරකථනය පිළිබඳව තොරතුරු අනාවරනය කර ගැනීමට Ewis සමාගමේ OCTA සන්නාම කලමණාකාරිය සම්බන්ධ කර ගත්තෙමු . ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශයේ උන්නතිය වෙනුවෙන් ඉමහත් දායකත්වයක් සැපයු Ewis සමාගම දේශීය නිපයුමක් ලෙස පහසු මිලකට ලබා ගැනීමට හැකි ජංගම දුරකථනයක් ලබා දීමේ අරමුණ ඇතිව OCTA සන්නාමය දියත් කළ බව පැවසු ඇය, ජංගම දුරකථනයකට අවශ්‍ය කිසිදු උපාංගයක්, අවම වශයෙන් පිටත කවරයවත් සපයාගත නොහැකිවු බව පැවසුවාය.

එමනිසා ජංගම දුරකථන කොටස් විදේශයකින් ලබාගෙන, Ewis කර්මාන්ත ශාලාවක එකලස් කර, වෙළදපලට නිකුත් කිරීමට කටයුතු කළ බව පැවසුවාය. ඉතා විවෘත විනිවිද භාවයකින් කටයුතු කරන සිය සේවා ආයතනය එහි බැටරියේ මෙන්ම දුරකථනයෙහිද චිනයේ නිෂ්පාදනය කරන බවට සඳහන් කර ඇති බවද පැවසුවාය. අනාගතයේදි දේශීයව ලබා ගත හැකි කොටස් හැකි පමණ ලබා ගෙන මෙම දුරකථනය දේශිය නිපයුමක් බවට පත් කිරීම තම ආයතනයේ අරමුණ බවත් අවධාරනය කළාය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ OCTA සන්නාමය යටතේ ඇති දුරකථනයේ කොටස් චීනයේ නිෂ්පාදන වන අතර Ewis සමගම යටතේ දේශීයව එකලස් කිරීමක් පමණක් සිදුවන බවයි

එබැවින් “මේ තියෙන්නේ ලංකාවේ අපේ මිනිස්සුන්ගේ අතින් හැදෙන මොබයිල් ෆෝන් එකක්..MADE IN SRI LANKA” යන තේමාව යටතේ ඉදිරිපත්ව ඇති ෆේස්බුක් සටහන් නොමග යවන සුළු තේමාවකින් යුත් සටහන් බව නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:චීනයේ කොටස් නිෂ්පාදනය කරන දුරකථනයක්, ලංකාවේ නිෂ්පාදනයක් ලෙස පෙන්වාදීමක්!

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News