කුසල් මෙන්ඩිස් වෙනුවෙන් සමඟි ජන බලවේගයේ උද්ඝෝෂණයක් සුදානම් යනුවෙන් උපහාසාත්මක කෝණයකින් පලවූ සාවද්‍ය පුවතක්!

Update: 2020-07-08 04:39 GMT

හිටපු ක්‍රීඩා අමාත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ මහතා 2011 වසරේ ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවාදීම සම්බන්ධව සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මුලික කරගෙන ආරම්භ වූ විමර්ශනයට අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා අමත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවීම පිළිබඳව ලක්වැසි බොහෝ දෙනෙක් සමාජ ජාල ඔස්සේ විරෝධය පළකර තිබුණා. මීට දින කිහිපයකට පෙර සමගි ජන බලවේගයේ තරුණ ක්‍රියාකාරින් පිරිසක් ද මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වු බව ප්‍රධාන මාධ්‍යයන් වාර්තා කර තිබුණා. මෙහි උණුසුම නිවීමටත් මත්තෙන් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුසල් මෙන්ඩිස් මාරාන්තික රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් විය.

මෙවන් පසුබිමක “ක්‍රිකට් විරු දඩයම නවතනු” අත්අඩංගුවට පත් කුසල් මෙන්ඩිස් වෙනුවෙන් සමගි ජන බලවේගයෙන් උද්ඝෝෂණයක්” සිරස්තලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක නියැළිය සිටින උද්ඝෝෂකයන් ගේ සේයාරූ කිහිපයක් සහිතව උපහාසාත්මක ප්‍රවෘත්ති සටහනක් Lanka Mag වෙබ් අඩවිය විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණි. පහත වාර්තාව එහි ඉදිරිපත් කර තිබුණි.

අද උදෑසන පොලීසිය විසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගැනීමට එරෙහිව සමගි ජනබලවේගය විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙන බව වාර්තා වේ.

වත්මන් රජය විසින් මවුබිම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව එම පක්ෂයේ තරුණ කමිටුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කරන බව සඳහන්.

“ක්‍රිකට් විරු දඩයම නවතනු” තේමාවෙන් හෙට (6) පොලිස් මූලස්ථානය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.”

FB LinkArchived LinkArticle LinkArchived Link

තවත් ෆේස්බුක් පිටු කිහිපයක මෙම සටහන හුවමාරු වී ඇති බවත් නිරීක්ෂණය විය.

රිය අනතුරක් සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට පත්වූ බැවින් මෙය විශ්වාස කළ නොහැකි පුවතක් වුවුද ෆේස් බුක් පිටු කිහිපයක්ම මෙය හුවමාරු කරගෙන තිබීම හේතුවෙන් මෙම සටහන් පිලිබඳ කෙටි විමසීමක් සිදුකළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප සමගි ජනබලවේගයේ මාධ්‍ය අංශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. ලොව ගෞරවයට පාත්‍ර වූ කුමාර් සංගක්කාර මහේල ජයවර්ධන වැනි ක්‍රීඩකයින් දේශපාලකයින්ගේ චෝදනා මත විශේෂ විමර්ශන අංශයට කැඳවීම පිළිබඳව විරෝධය පෑවත්, බරපතළ රිය අනතුරකින් මරණයක් සිදු කර ඇති කුසල් මෙන්ඩිස් මහතා අත්අඩංගුවට ගැනීම පොලිසිය විසින් සිදුකර ඇති නීතිමය කාරණයක් සහ බැවින් කුසල් මෙන්ඩිස් අතින් රිය අනතුරක් සිදුවී තිබීම සත්‍ය නිසාත් ඒ පිළිබඳව කිසිදු විරෝධයක් පෑමට සමගි ජන බලවේගයට අවශ්‍ය නොමැති බව පවසා සිටියා. ජුලි මස 06 වැනි දින එම විරෝධතා ව්‍යාපාරය දියත් කරන බවට ඇති ප්‍රවෘත්ති සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අප සමඟ එදින ම මධ්‍යහනයේ පවසා සිටියා.මෙම සටහන් ප්‍රතිපාක්ෂිකයන්ගේ මඩ ප්‍රචාරයක් පමණක් බවත් අවධාරනය කර සිටියා.

එසේම මෙම සාවද්‍ය පුවත් සටහන් සඳහා යොදාගෙන ක්‍රිකට් ක්‍රීඩකයින්, විශේෂ විමර්ශන අංශයට කැඳවීම පිළිබඳව විරෝධය පාමින් පසුගියදා සිදුකල විරෝධතා ව්‍යාපාරයේ ඡායාරුප බව ද අපට දැකගනන්ට ලැබුණා.

Link | Archived

එසේම මෙම මාරක රිය අනතුරින් පසුව කුසල් මෙන්ඩිස් ඇප මත මුදාහැරීම පිලිබඳ බොහෝ දෙනා ප්‍රශ්න කර තිබු අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් උපහාසාත්මක සහ වෛරී කෝණවලින් සමාජ මාධ්‍ය තුළ සටහන් රැසක් නිර්මාණය වී තිබුනා. කුසල් මෙන්ඩිස් විසින් මිය ගිය පුද්ගලයාගේ පවුල විසින් ඉල්ලා තිබු වන්දි මුදල ලබාදීමට එකඟ වීම මත මෙසේ ඇප මුදා හළ බව වාර්තා වී තිබුණා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කුසල් මෙන්ඩිස් මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව ජාතික සමගි ජන බලවේගය මෙහෙයවීමෙන් විරෝධතා ව්‍යාපාරයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වීමට සමගි ජන බලවේගයේ තරුණ ක්‍රියාකාරීන් ජුලි මස 06 වැනිදා සැලසුම් කර නොතිබු බවයි. එබැවින් “ක්‍රිකට් විරු දඩයම නවතනු” අත්අඩංගුවට පත් කුසල් මෙන්ඩිස් වෙනුවෙන් සමගි ජන බලවේගයෙන් උද්ඝෝෂණයක් යන තේමාවෙන් ඉදිරිපත් වූ සියළුම ෆේස්බුක් සහ වෙබ් අඩවි  සටහන් උපහාසාත්මක කෝණයකින් පලකරන ලද සාවද්‍ය ප්‍රකශ පෙළකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කුසල් මෙන්ඩිස් වෙනුවෙන් සමඟි ජන බලවේගයේ උද්ඝෝෂණයක් සුදානම් යනුවෙන් උපහාසාත්මක කෝණයකින් පලවූ සාවද්‍ය පුවතක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News