මෙම ලොකශූර රුසියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් තිදෙනා අත්තම්මයි දුවයි මිනිබිරියයි නොවේ!

Update: 2020-07-09 06:28 GMT

අන්තර්ජාතික වශයෙන් හුවමාරු වන වීඩියෝ සහ විශේෂ දස්කම් ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද පරිශීලකයින් සාවද්‍ය සහ නොමඟ යවන සුළු තේමා යටතේ ගමන් හුවමාරු කර ගන්නා අවස්ථාවන් රැසක් මීට පෙරද අප විසින් පෙන්වා දුන්නා. Chaaminda Bandara Herath යන අයෙකු විසින් පසුගියදා හුවමාරු කරගෙන තිබූ කාන්තාවන් තුන්දෙනෙක් ඉදිරිපත් කරනු ලැබූ සුවිශේෂී ජිම්නාස්ටික් රංගනයක පෙන්වා දී තිබුණේ එම ඉදිරිපත් කිරීම සිදු කරන්නේ “අත්තම්මයි දුවයි මිනිබිරියයි 🔥👍💯” යනුවෙනි.

Full View

LinkArchived Link

වීඩියෝව පරීක්ෂා කිරීමේ දී විශ්වාස අපහසු කරුණක් වුවද මෙම ක්‍රීඩිකාවන් තිදෙනාගේ නම් පරීක්ෂා කිරීමේ දී දෙදෙනෙකුට එකම වාසගමක් තිබීමත් හේතුවෙන් මේ පිළිබඳ විමර්ශනයක් කිරීමට අප අදහස් කළෙමු

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ජිම්නාස්ටික් කණ්ඩායම් ඉදිරිපත් කිරීම ඇතුළත් වීඩියෝ පටයේ රූප රාමු Google Reverse Image සෙවීමකට ලක් කළ විට එම වීඩියෝව පළ වී තිබූ අවස්ථා ගණනාවක් අපට දැකගන්නට ලැබුණා. වසර ගණනාවකට පෙර පළවී තිබූ මෙම මුල් වීඩියෝවල පෙන්නුම් කෙරුනේ 2010 ජිම්නාස්ටික් ලෝක කුසලාන තරගාවලියේ දී (Acrobatic Gymnastics World Championships 2010) ප්‍රථම ස්ථානය දිනාගත් රුසියානු කණ්ඩායමේ රංගනයක් බව අපට දැකගන්නට ලැබුණා. එම වීඩියෝ අතරේ මිලියන 8 කටත් වඩා අවස්ථා ගණනාවක් නරඹා තිබු Brian Kincher නැමැත්තෙකු විසින් 2013 වසරේ යුටියුබ් වෙත උඩුගත කරන ලද වීඩියෝවක් මෙසේය

https://youtu.be/8LW0sioDcSo

එම වීඩියෝ පළ කිරීමට හේතුව වශයෙන් ඔහු සඳහන් කර තිබුණේ ඔහු විසින්ම ඊට පෙර උඩුගත කරන ලද 2010 ලෝක ජිම්නාස්ටික් තරගාවලියේම තෙවන ස්ථානය දිනාගත් යුක්රේන කණ්ඩායමේ රංගනයට ප්‍රතිචාර වශයෙන් ප්‍රථම ස්ථානය දිනා තිබුනේ කවුරුන්ද යනුවෙන් ප්‍රශ්න කර තිබූ නිසා බව ද සඳහන් වුණා. එසේ තෙවන ස්ථානය දිනාගත් යුක්රේන කණ්ඩායමේ සුවිශේෂී රංගනය ඇතුලත් වීඩියෝව මෙතනින් රුසියානු කාන්තවන් තිදෙනාගේ වීඩියෝව, ඔවුන්ගේ ජයග්‍රාහී රංගනයෙන් වසර ගණනාවකට පසුව මෙසේ හුවමාරු වීම පිලිබඳ පළවූ තවත් වාර්තාවක් මෙලෙසින්.

එසේම රුසියානු කාන්තාවන් තිදෙනාගේ රංගනයේ සිටින ක්‍රීඩිකාවන් තිදෙනාගේ සම්පුර්ණ නම් ලෝක ජිම්නාස්ටික් සම්මේලනයේ (The International Gymnastics Federation – FIG) වෙබ් අඩවියේ දක්වා තිබු අතර ඔවුන් උපත ලබා තිබු වසර 1985, 1987 සහ 1994 බවත් දැකගන්නට ලැබුණා. මේ අනුව ඔවුන්ගේ වයස් 35, 33 සහ 25 වූ බැවින් ප්‍රයෝගිකව අත්තම්මයි, දුවයි, මිනිබිරියයි වීමේ හැකියාවක් නොමැත.

ඔවුන් තිදෙනාගේ නම්, වයස් සහ හුවමාරු වූ වීඩියෝවේ ඔවුන්ගේ නම් දක්වා තිබු අයුරු පහතින්.

එම තොරතුරු ලෝක ජිම්නාස්ටික් සම්මේලනයේ නිල වෙබ් අඩවියේ දක්වා තිබුනේ පහත අයුරුන්

LOGINOVA Ekaterina | STROYNOVA Ekaterina | SHAIKHUTDINOVA Aigul

මෙම වීඩියෝව ලොව වෙනත් ප්‍රදේශවල ද “අත්තම්මයි, දුවයි, මිනිබිරියයි” යන ප්‍රකාශයත් සමඟම විශාල වශයෙන් හුවමාරු වී තිබු බැවින් තායිලන්තයේ AFP විමර්ෂණ කණ්ඩායම්ද මීට පෙර විමර්ශනයක් සිදුකරමින් රුසියානු ඇක්‍රොබැටික් සම්මේලනයේ අධ්‍යක්ෂිකාවක් සමඟ සම්බන්ධ වී කරුණු විමසීමෙදීද මෙම ලෝකප්‍රකට රුසියානු ක්‍රීඩිකාවන් තිදෙනා එකිනෙකාට නෑ සම්බන්ධ කමක් නොමැති බව තහවුරු කර තිබු බව අපට දැකගන්නට ලැබුණා. එම විමර්ශනය මෙතනින්

එසේම 2010 ලෝක ජිම්නාස්ටික් තරඟාවලියෙන් පසුව, 2012 ශුරතාවය ඇතුළු තරඟාවලි රැසකින්ද මොවුන් ජයග්‍රහණය කර ඇති බවද අපට ඔවුන් පිලිබඳ කරුණු විමර්ශනයේදී දැකගන්නට ලැබුණා

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “අම්මයි දුවයි අත්තම්මයි” යන යන තේමාව යටතේ හුවමාරුවන ලෝකප්‍රකට රුසියානු ජිමිනාස්ටික් ක්‍රීඩිකාවන් තිදෙනාගේ වයස් 35, 33 සහ 25 ක් අතර ඔවුන් එකිනෙකාට නෑ සම්බන්ධකමක් දක්වන්නේ නැත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මෙම ලොකශූර රුසියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් තිදෙනා අත්තම්මයි දුවයි මිනිබිරියයි නොවේ!

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News