අනුරාධපුර අයිස් වැස්ස යනුවෙන් පලවන ඡයාරූප සැබවින්ම මෑතක වාර්තා වූ අයිස් කැට වර්ෂාවක ඡයාරූප ද ?

Update: 2020-07-13 09:14 GMT

මේ දිනවල දිස්ත්‍රික්ක කිහිපයක තැනින් තැන උදේ, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. වැස්සත් සමඟම අයිස් පතිතවීමක්ද දක්නට ලැබුණු බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා විය. ජුලි 8 අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ අයිස් පතිතවීමක් සිදුව ඇති බවට ඡයාරූප මෙන්ම සමාජ මාධ්‍ය සටහන් සටහන් පලවෙමින් පවතී.

එම තේමාව යටතේ " අනුරාධපුරේට වැටුණු අයිස් වැස්ස" යනුවෙන් සමාජ මාධ්‍ය තුල හුවමාරුවෙමින් පවතින සටහනක් පහතින්.

Facebook LinkArchived Link

"අනුරාධපුර අයිස් වැස්ස❄☔☔ Unexpected ice rain ☔ in Anuradhpura - Sri Lanka ❄ ⛄❄ " යනුවෙන් සමාජ මාධ්‍ය තුල හුවමාරුවෙමින් පවතින සටහනක් පහතින්

Facebook LinkArchived Link

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ පිලිබඳ නිල නිවේදනයක් නිකුත් කර නොතිබූ බැවින් මේ පිලිබඳ විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළෙමු

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

පලවන පුවත සම්බන්දයෙන් අපි Google News හරහා සිංහල සහ ඉංග්‍රීසි බසින් නිරීක්ෂණය කළෙමු. එහිදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක් එම පුවත වාර්තාකර තිබුණු බව පැහැදිලිවිය.

Google News Search

අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ අයිස් පතිතවීමක් සිදුව ඇති බව ITN පුවත් වෙබ් අඩවිය වාර්තා කල අයුරු පහතින්.

News LinkArchived Link

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට ඇද හැලුනු වර්ෂාවත් සමඟ අයිස් පතිතවීමක් සිදුව ඇති බව මව්බිම පුවත් වෙබ් අඩවිය වාර්තා කල අයුරු පහතින්.

News LinkArchived Link

එසේම දිනමිණ පුවත්පතේ අයිස් වැස්සක් සම්බන්ධයෙන් වාර්තාවක් “තණමල්විලට අයිස් වැස්සක්” යන තේමාවෙන් පලවී තිබුනේ මෙලෙසිනි

අනුරාධපුර අයිස් වැස්ස යනුවෙන් පලවන ඡයාරූප සම්බන්දයෙන් අපි Google Reverse Image හරහා නිරීක්ෂණය කළෙමු. එහිදී එම ඡයාරූප සම්බන්දයෙන් පැරණි Links කිහිපයක් සහ වෙබ් අඩවි කිහිපයක් සොයා ගැනීමට හැකිවිය. අප එම ඔස්සේ තව දුරටත් නිරීක්ෂණය කළෙමු.

Google Reverse Image Search

එවිට පැහැදිලිවුයේ එම ඡයාරූප පෙළ 2019 සැප්තැම්බර් මස 10 වන දින ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පතිත වූ අයිස් කැට වර්ෂාවන් සම්බන්ද ඡයාරූප බවයි. එම අයිස් කැට වර්ෂාව මීගහකිව්ල, පිටමාරුව ,බිබිල ,මොණරාගල 17 කණුව සහ අමුනේකදුර සහ අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශ වලට පතිත වී ඇත.

News Link

එම ඡායාරුප යොදාගනිමින් 2019 වසරේදී පළවූ සමාජ මාධ්‍ය සටහනක් මෙසේය.

https://www.facebook.com/117015529675380/posts/120580815985518/

අනුරාධපුර අයිස් වැස්ස යනුවෙන් පලවන පුවත සම්බන්දයෙන් අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් ෆේස්බුක් පිටුව නිරීක්ෂණය කල අතර ජුලි මස 7, 8, 9 දිනයන්හි අයිස් වැසි සම්බන්දයෙන් පුරෝකථනයක් හෝ පුවතක් පලකර නොතිබිණ.

අප නිල වෙබ් අඩවිය නිරීක්ෂණය කල අතර, එහිද මේ සම්බන්දයෙන් නිවේදනයක් නොතිබිණ.

Link

අනුරාධපුර අයිස් වැස්ස යනුවෙන් පලවන පුවත සම්බන්දයෙන් අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගෙන් ජුලි මස 10 වැනිදා කල විමසීමකදී පැවසුවේ පසුගිය දිනවල අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකටම අධික වර්ෂාවක් ලැබුණු බවත්, අයිස් පතිතවීමක් සිදුව ඇති බවට ඒ වනවිට තොරතුරු ලැබී නොතිබුනත්, එවැනි අයිස් පතිතවීමක් සිදුව හැකි බවයි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ "අනුරාධපුර අයිස් වැස්ස ” යනුවෙන් සමාජ මාධ්ය තුල හුවමාරු වන ඡයාරූප 2019 වසරේ සිදුවූ අයිස් කැට වර්ෂාවක ඡයාරූප බවත් 2020 ජුලි 8 වනදා අනුරාධපුර දිස්ත්රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඇද හැලුනු වර්ෂාවත් සමඟ අයිස් පතිතවීමක් සිදුව ඇති බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ අයිස් පතිතවීමක් සිදුව ඇති බවට වාර්තා වී තිබුණද, අනුරාධපුර අයිස් වැස්ස යනුවෙන් පලවන ඡයාරූප සැබවින්ම ජුලි 8 වාර්තා වූ අයිස් කැට වර්ෂාවේ  ඡයාරූප නොව, 2019 වසරේ සිදුවූ අයිස් කැට වර්ෂාවක ඡයාරූප බවද තහවුරු විය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අනුරාධපුර අයිස් වැස්ස යනුවෙන් පලවන ඡයාරූප සැබවින්ම මෑතක වාර්තා වූ අයිස් කැට වර්ෂාවක ඡයාරූප ද ?

Fact Check By: Sahan Perera

Result: Partly False

Tags:    

Similar News