සජිත් සහ පාඨලී අතර මතභේදයක් පිළිබඳ පළවූ නොමඟ යවන සුළු පුවතක්!

Update: 2020-07-17 04:43 GMT

ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ආසන්න වෙත්ම, සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රතිවාදී දේශපාලන පක්ෂවල පවතින අභ්‍යන්තර ගැටුම්කාරී අවස්ථා යයි දක්වමින් පළවන ප්‍රකාශ වැඩිවීමේ ප්‍රවණතාවයක් දැකගන්නට ලැබී ඇත.

එවන් පසුබිමකචම්පිකට මනාප දෙන්ඩ එපා, සජිත් කෙලින්ම කියයි, ගැ‍ටුම උග්‍ර වෙයි සිරස්තලයෙන් පහත ඇති කථාංගය Lanka News App නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් ඉදිරිපත් ඉදිරිපත් කර තිබෙණු දක්නට ලදි.

සජිත්ගේ පක්ෂය කල්ලි කන්ඩායම් ගණනාවකට බෙදී ගොස් ඇති බව අප කීවේ මීට කාලයකට පෙරය. අළුයට ගිණි පුපුරු මෙන් පැවති එම ආරවුල් මනාප පොරයත් සමග එළියට පැමිණ ඇත.

සජිත්ගේ පක්ෂය තුල සජිත්ගේ පිලට වඩා චම්පිකගේ පිල බලවත්ය. ( හිස් ඔළුගෙඩි නොව පැසුනු ඔළුගෙඩි අනුව) ශිරාල්, මෛත්‍රී ගුණරත්න, නිෂාන්ත ශ්‍රී වර්ණසිංහ, සජිත්ගේ ලේකම් රවි ජයවර්ධන පමනක් නොව ජලනි ප්‍රේමදාස සිටින්නේ චම්පිකගේ පිල සමගය. ජලනි ප්‍රේමදාස මැතිවරණ වේදිකාවට පිවිසියේ සජිත් දිනවීමට නොව චම්පික දිනවීමට බව දන්නෝ දනිති” යනාදී වශයෙන් දීර්ඝ විස්තරයක් සහිතව පලවී තිබු ලිපියේ සජිත් ප්‍රේමදාස මහතා විසින් මුස්ලිම් සහ දෙමළ අපේක්ෂකයින් වැඩිපුර ඉදිරිපත් කිරීම පිලිබඳ චම්පික රාමනායක මහතා අප්‍රසාදය පළකර ඇති බවත් පවසා සිටින අතර සජිත් ප්‍රේමදාස පරාජය කිරීමට චම්පික රාමනායක මහතා කටයුතු කරන බවත් සඳහන්.

එසේම “චම්පිකගේ උපාය ඉවවැටී ඇති සජිත් සිය මුලු වෙර යොදා චම්පික පරාජය කිරීමට සැලසුම් කරමින් සිටියි. චම්පිකට වැටෙන මනාප වලක්වන ලෙස සජිත් කෙලින්ම ඉල්ලා ඇත. පලමු මනාපය තමන්ටද, දෙවන හා තුන්වන මනාප හර්ෂට සහ සුජීවට ලබා දෙන සජිත් ඉල්ලා සිටියි” යනුවෙන් ලිපිය අවසානයේ සඳහන්

LinkArchived Link

මෙම ප්‍රවෘත්තිය විවිධ මුහුණුවර වලින් ෆේස්බුක් පිටු කිහිපයක ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණි.

LinkArchived LinkLinkArchived Link

මැතිවරණ සමයක සමගි ජන බලවේගයේ නායක සහ ප්‍රබලයකු අතර මෙවැනි මතභේදයක් දැකගන්නට නොලැබුණු බැවින් මෙම ප්‍රවෘත්තිය පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිලිබඳ කරුණු විමර්ෂණය කරගැනීම පිණිස අප පාඨලී චම්පක රණවක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මෑතකදී ලබාගත් වීඩියෝ පට කිහිපයක් නිරීක්ෂණය කළෙමු. එහි කිසිඳු විටෙක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහි ප්‍රකාශයක් දැකගන්නට නොලැබුණු අතර බොහෝ අවස්ථාවල ඔහුගේ මනාප අංකය සමඟ සජිත් ප්‍රේමදාස මහතාගේ අංකයද (පිළිවෙලින් අංක 1 සහ 20) මැතිවරණ වේදිකාවේ පැහැදිලිව ප්‍රවර්ධනය කරමින් ඉදිරිපත් කර තිබූ අතර එයට ඡන්දය ලබා දෙන මෙන්ද ඉල්ලීමක් තිබුණි.

Link (July 13)Link (July 15)

එසේ පළවූ තවත් ප්‍රචාරක රැළියකදී එම අංක 2 ම ප්‍රවර්ධනය කර තිබුනේ මෙලෙසින්

සජිත් සිය අරමුණ වෙනුවෙන් කැපවී ක්‍රියාකරන නායකයෙක්යන තේමාව යටතේ පාඨලී චම්පික රණවක මහතා සිදුකල ප්‍රකාශයක් පහතින්.

https://www.facebook.com/PataliChampika/videos/569803310355534/

පාඨලී චම්පික රණවක මහතාට මනාප ඡන්ද දීමෙන් වළකින ලෙස සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් අපට කිසිඳු මාධ්‍යක් හරහා වාර්තා වී තිබෙනුද දැකගැනීමට නොහැකි විය.

මෙම ප්‍රවෘත්තිය පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප සමගි ජනබලවේගයේ මාධ්‍ය කමිටුවේ ප්‍රධාන නිලධාරියෙකු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. සිය ප්‍රතිවාදී පක්ෂ මෙන් නොව සමගි ජන බලවේගය තුළ සමගිය පවතින බවත්, කිසිදු අපේක්ෂකයකු මනාප පොරයක නියැලී නොමැති බවත්, මෙම නායකයින් දෙදෙනා පොදු අරමුණක් කරා පක්ෂය ඉතා සමඟියෙන් මෙහෙයවන බවත් සජිත් ප්‍රේමදාස මහතා විසින් පාඨලී චම්පික රණවක මහතාට කිසි විටෙකත් මනාප ඡන්ද දීමෙන් වළකින ලෙසත් පවසා නැති බව ඔහු ද අවධාරණය කළේය. 

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ පාඨලි චම්පික රණවක මහත්වරුන් අතර අමනාපයක් නොමැති බවත් මැතිවරණ වේදිකාවේ සජිත් ප්‍රේමදාස මහතාගේ මනාප අංකය, පාඨලී චම්පික මහතා විසින් නිරන්තරයෙන්ම ප්‍රවර්දනය කරන බවයි.

එබැවින් “චම්පිකට මනාප දෙන්ඩ එපා, සජිත් කෙලින්ම කියයි, ගැ‍ටුම උග්‍ර වෙයි”තේමාවෙන් සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ පාඨලි චම්පික රණවක මහත්වරුන අතර අමනාපයක් ඇති බවට  ඉදිරිපත්ව ඇති සියළුම ෆේස්බුක් සටහන් තහවුරු නොකරන ලද නොමඟ යවන සුළු සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සජිත් සහ පාඨලී අතර මතභේදයක් පිළිබඳ පළවූ නොමඟ යවන සුළු පුවතක්!

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News