යාපනය විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරිය මියගිය බවට සාවද්‍ය පුවත් පෙළක්

Update: 2020-07-23 09:23 GMT

සංවර්ධන සහ වගා කටයුතු වලට කැලෑ එලි කිරීම සහ අවිධිමත් ලෙස ජනාවාස ඉදි කිරීම යනාදී හේතු නිසා අලි මිනිස් ගැටුම් පිළිබඳව නිරන්තරයෙන්ම වාර්තා වෙනු දක්නට ලැබේ.

මෙවන් පසුබිමක “Campus Set Eka/කැම්පස් අපේ පිටුව” නමැති ෆේස්බුක් පිටුවක “ඊයේ රාත්‍රියේ වන අලියෙකු පහර දීම හේතුවෙන් යාපනය ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන කැලණිමුල්ලෙ ප්‍රදේශයේ ගයත්‍රි දිල්රුක්ෂි නමැති තරුණිය අද ජීවිතයෙන් සමුගන්නා ලදි..

තුවාල ලැබූ කථිකාචාර්යවරිය කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව, වැඩි දුර ප්‍රතිකාර සඳහා මෙලෙස යාපනය ශික්‍ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබිණි.

කැලණිය ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි ඇය, යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චි මණ්ඩපයේ තාක්ෂණ අංශයේ කථිකාචාර්යවරියකි.

කිලිනොච්චිය, අරිවියල්නගර් ප්‍රදේශයේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය තාක්ෂණ පීඨය තුළ නවාතැන්ගෙන සිටි අදාළ කථිකාචාර්යවරිය සිය නේවාසිකාගාරයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මෙලෙස ඊයේ (19) වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව තිබේ. ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධිධාරිණියකි.” යන කථාංග අන්තර්ගතකර හදිසි අනතුරක් හේතුවෙන් අප අතරින් සමුගත් යාපනය විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්ය ගයාත්‍රි දිල්රුක්ෂි මෙනවිය ඔබට නිවන් සුව!යන වදන රෝපණය කර සේයාරුවක් සහිතව ඉදිරිපත් කර තිබූ සටහනක් ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වී තිබෙනු නිරීක්ෂණය විය. මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර අතර ඇය තවම මියගොස්නොමැති බැවින් මෙම සටහන නිවැරදි කරගන්නා ලෙස ඉල්ලමින් වූ ප්‍රතිචාර කිහිපයක් ද දක්නට ලැබුණි.

LinkArchived Link

මෙම ප්‍රවෘත්තිය ගොසිප් වෙබ් අඩවි කිහිපයක ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.

FB LinkArchived LinkArticle LinkArchived Link

LinkArchived Link

මෙම සටහන වෙනත් ෆේස්බුක් පිටුවල ද ඉදිරිපත් වී තිබුණු අතර, ට්විටර් ජාලයේද සංසරනය වෙමින් පැවතිණි.

LinkArchived Link

අප ඉදිරිපත් කළ මුල් සටහනට හිමි වූ ප්‍රතිචාර තුල ඇය තවමත් ජීවතුන් අතර සිටින බවට වූ ප්‍රතිචාර නිසා, මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අවධානය යොමු විය

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ප්‍රවෘත්තිය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස යාපනය ශික්ෂණ රෝහල සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. අප හා සම්බන්ධ වූ යාපනය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තුමා පැවසුවේ ඇය මියගොස් නැති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවනින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවූ බවයි. ඇය පිළිබඳව වැඩිදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප කොළඹ ජාතික රෝහල සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. අප හා සම්බන්ධවු රෝහල් ප්‍රකාශිකාව තහවුරු කළේ ඇය හදිසි අනතුරු අංශයේ ස්නායු ඒකකයේ ප්‍රතිකාර ලබන බවය.

Lecturer from Kilinochchi Campus critical after wild elephant attack within university premises (විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ වන අලි ප්‍රහාරයකට ලක්වූ පසු කිලිනොච්චි කථිකාචාර්යවරිය අසාධ්‍ය තත්ත්වයේ පසු වෙයි) සිරස්තලයෙන් Newswire සේවය ඉදිරිපත් කර තිබු වාර්තාවට පසු සටහනක් ඉදිරිපත් කර ඇති කර්‍තෘතුමා ජාතික රූපවාහිනයේ ප්‍රවෘත්තියක් උපුටා ගනිමින් ඇය මියගිය බවට පළවු වාර්තාව පිළිබඳ කමාව ඇයද සිටින සටහනක් නිරීක්ෂණය විය.

LinkArchived Link

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ කාථිකාචාරනියක් ලෙස සේවය කළ ගයාත්‍රි දිල්රුක්ෂි මෙනවිය වන අලි ප්‍රහාරයකට ලක්ව යාපනය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිට ඊයේ(22) දින කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා දැනට එහි ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

එබැවින් යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ කාථිකාචාරනියක් ලෙස සේවය  කළ ගයාත්‍රි දිල්රුක්ෂි මෙනවියමියගොස් ඇතිබවට සමාජ මාධ්‍ය ජාලයන්හි පලවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:යාපනය විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරිය මියගිය බවට සාවද්‍ය පුවත් පෙළක්

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News