හොන්ඩා ආයතනය මගින් සාංවත්සරික දිනුම් ඇදීමකින් හොන්ඩා සිවික් රථ 10ක් නොමිලේ දෙන බවට ව්‍යාජ පුවතක්!

Update: 2020-07-30 12:22 GMT

කාලයෙන් කාලයට ලංකාවේ ඇතැම් ආයතන තමන්ගේ භාන්ඩ හා සේවා ප්‍රවර්ධනය වෙනුවෙන් විවිධ ආකාරයේ වැඩසටහන් වල නිරත වන බව අපට දැකගන්න පුලුවන්. ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගනිමින් විවිධ ආකාරයේ තෑගි පිරිනමන අවස්ථා අපට බොහෝ විට දැකගන්නට පුලුවන්. තම නිල ෆේස්බුක් පිටු උපයෝගී කරගනිමින් බොහොමයක් ආයතන මෙවැනි ප්‍රවර්ධන කටයුතු සිදු කරනු ලබනවා. මේ අතර නිල ආයතන ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ප්‍රවර්ධන ද සිදුවීමේ රැල්ලක්ද නිරීක්ෂණය වූ අතර BMW ආයතනයේ ප්‍රවර්ධන කටයුත්තක් සඳහා රථ පිරිනමන බවට පළවූ ව්‍යාජ සටහන් පසුගිය සතියේ අප අනාවරණය කළේ මෙලෙසින්.

එම තේමාව යටතේම හොන්ඩා ආයතනය මගින් ඔවුන්ගේ 65 වෙන සංවස්තරය වෙනුවෙන් හොන්ඩා සිවික් අගනා මෝටර් රථ 10ක් ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ ලබා දෙන බවට සටහන් කරමින් මුහුනු පොතට එක් කර තිබු සටහන් පෙළක් පිළිබඳව අපගේ අවධානය යොමු වුනා.

Honda civic International Sri Lanka Pvt Ltd නමින් හැඳින්වෙන ෆේස්බුක් පි‍ටුවක් විසින් පල කර තිබුනු මේ පුවතට අනුව එම පි‍ටුව වෙත ලයික් කර ඔබ කැමති සිවික් හොන්ඩා කාර් රථයේ වර්නය කමෙන්ට් කරමින් මෙම සටහන ශෙයාර් කරන ලෙස එහි වැඩිදුරටත් කරුනු දක්වා තිබුනා.

Original PostArchived Post

විශාල පිරිසක් මෙම පනිවිඩය හුවමාරු කරගෙන තිබු බවද දැකගන්නට ලැබුණා. මේ පුවත සාවද්‍ය පුවතක් බවත් ඒ පිලිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසත් පරිශීලකයෙකු අප වෙත දන්වා සිටි බැවින් මෙම පුවතේ සත්‍යතාවය පිලිබඳව වැඩිදුරටත් කරුණු සොයා බැලීමට අප කටයුතු කලා.

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

මුලින්ම හොන්ඩා ශ්‍රී ලංකා නමින් ඇති වෙබ් පි‍ටුවේ හෝ ෆේස්බුක් පිටුවේ මෙලෙස හොන්ඩා සිවික්  රථ පිරිනැමීමේ වැඩසටහනක් පිලිබඳ නිල නිවේදනයක් නිකුත් කර තිබේදැයි පරික්ශා කර බැලුවත් එවැනි යමක් දැකගන්නට හැකි වුනේ නෑ.

එබැවින් මෙම කරුනේ සත්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා හොන්ඩා වර්ගයේ වාහන මෙරටට ගෙන්වා බෙදා හරින නිලලත් ආයතනය වන ස්ටැෆර්ඩ් මෝටර්ස් (Stafford Motor Co. (Pvt) Ltd) ආයතනේ අලෙවි අංශයේ උසස් නිලධාරියෙක් අප සම්බන්ධ කර ගත්තා. මෙම කාරණය සම්බන්ධව විමසීමේදි ඔහු ප්‍රකාශ කර සිටියේ, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන හොන්ඩා සිවික් රථ 10ක් නොමිලේ පිරිනෑමීමට කටයුතු කරන බව පැවසෙන පුවත සමුර්ණයෙන්ම අසත්‍යයක් බවයි.හොන්ඩා නාමයෙන් ඇති කිසිඳු වාහනයක් නොමිලේ ලබාදීමේ ප්‍රවර්ධන වැඩපිලිවෙලක් මේ මොහොතේ සිදු නොවන බව ඔහු තවදුරටත් තහවුරු කලා.එමෙන්ම හොන්ඩා නාමයෙන් සිදුවන ආයතනික කටයුතු නිල වශයෙන් දැනුම් දීමට Honda Sri Lanka නම් ෆේස්බුක් පි‍ටුව ඔවුන් යොදා ගන්නා බවත් සියලු ප්‍රවර්ධන තොරතුරු එහි පමණක් ඇතුලත් වන බවත් ස්ටැෆර්ඩ් මෝටර්ස් ආයතනයේ අලෙවිකරණ නිලධාරියා අපට ප්‍රකාශ කර සිටියා.

හොන්ඩා සිවික් මෝටර් රථ මෙරට ගෙන්වා අලෙවි කටයුතු කරන ස්ටැෆර්ඩ් මෝටර්ස් හි නිල ෆේස්බුක් පේජයේහිද දැනට ඔවුන් වෙලඳ පලට ඉදිරිපත් කර ඇති සිවික් රථ ගැන විස්තර දැක බලා ගත හැකි අතර එහි පල කර ඇති වාහන වෙනුවෙන් අදාල මිලද සටහන් කර තිබෙන බවක් දැක ගත හැකියි.එමෙන්ම කිසිඳු තැනක නොමිලේ බෙදා දෙන ප්‍රවර්ධන වැඩසටහනක් ගැන තොරතුරු වාර්තා කර නෑ.

එමෙන්ම අප Honda civic International Sri Lanka Pvt Ltd නමින් පිලිගත් ලියාපදිංචි ආයතනයක් ඇත්දැයිද වැඩිදුරටත් සොයා බැලුවා.මෙම නාමය පවත්වාගෙන යන ලියාපදිංචි ආයතනයක් ලංකාවේ නොමැති බවත් අපගේ විමර්ශන වලින් හෙලි කර ගැනීමට හැකියාවක් ලැබුනා.

Honda ආයතනය තම 70 වන සංවස්තරය සමරුවේ 2018 වසරේය, ඒ සඳහා පළවූ සටහනක් මෙලෙසින්. එසේම ඔවුන් 70 වන සංවස්තරයට සමගාමීව පළකර වීඩියෝවක් පහතින්

https://youtu.be/3h3egEvzqgI

ඒ අනුව මේ වසරේ ඔවුන් සමරන්නේ 72 වන සංවස්තරය වන අතර එය අලලා ඉන්දියාවේ ද ව්‍යාජ සටහන් පලවී තිබු අතර ඒ පිලිබඳ ඔවුන් කල විමර්ශනයක් මෙලෙසින්.

මීට පෙර හොන්ඩා DIO බයික් ප්‍රවර්ධනයක් පිලිබඳ පළවූ සාවද්‍ය සටහන් පිළිබඳ අප කරුණු අනාවරණය කළේ මෙලෙසින්

Conclusion (නිගමනය)

මේ අනුව සලකා බලන කල අපට පැහැදිලි වන්නේ HONDA Honda Civic රථ 10 ක් නොමිලෙ පිරිනැමීමට කටයුතු යොදා ඇති ලෙස දක්වමින් Honda civic International Sri Lanka Pvt Ltd නම් ෆේස්බුක් පි‍ටුවෙහි පල කර ඇති පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය, පාඨකයින් මුලා කරවන, හොන්ඩා ආයතනය ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටින ෆේස්බුක් පිටුවක් මඟින් පලකරන ලද පුවතක් බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:හොන්ඩා ආයතනය මගින් සාංවත්සරික දිනුම් ඇදීමකින් හොන්ඩා සිවික් රථ 10ක් නොමිලේ දෙන බවට ව්‍යාජ පුවතක්

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News