ඩී.එස්. සේනානායක මහතා මෙම ඡායාරූපයේ වඩාගෙන සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ද?

Update: 2020-08-11 04:55 GMT

ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයේ නියමුවා වශයෙන් හැඳින්වෙන, මෙරට පළමු අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ නායකත්වය යටතේ, ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයක් වශයෙන් බිහිවූ එක්සත් ජාතික පක්ෂය, ස්ථාපනය වන්නේ 1946 වසරේදීය. එතැන් සිට විවධ කාල ප්‍රච්ඡේද වලදී මෙරට ආණ්ඩු බලයට හිමිකම් කී දැවැන්ත පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය, වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පසුගිය දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී, ඉතිහාසයේ ලැබූ දැවැන්තම පරාජය ලබමින් ජාතික ලැයිස්තුව යටතේ එක් අසුනක් පමණක් සීමාවන තත්වයකට කඩාවැටීම, සෑමදෙනාගේම කතාබහට ලක්වූ කාරණයක් විය.

ඒ හා සමඟම පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්විය යුතු බව නව මුහුණුවරක් පක්ෂයට ලබාදිය යුතු බවට සටහන් රැසක් සමාජ මාධ්‍ය ජාල අතර හුවමාරු විය. මෙසේ හුවමාරු වූ එක් සටහනක මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා විසින් කුඩා දරුවකු වඩාගෙන සිටින ඡායාරුපයක් පෙන්වමින් සඳහන් කර තිබුනේ “අතේ ඉන්නේ රනිල්” එනම් කුඩා අවධියේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි. එහි තවදුරටත් සටහන් කර තිබුනේ “එක්සත් ජාතික පක්ෂයේ ආරම්භය හා අවසානය එක තැනක..” යනුවෙනි

LinkArchived Link

ඉංග්‍රීසි බසින්ද එම අරුතම සහිත සටහන් ෆේස්බුක් මෙන්ම WhatsApp වැනි පණිවුඩ හුවමාරු කර ගැනීමේ මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් හුවමාරු වී තිබුණි.

LinkArchived Link

මෙයට ප්‍රතිචාර වශයෙන් උපහාසාත්මක ප්‍රතිචාර මෙන්ම වත්මන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය හෙළා දකිමින් ප්‍රතිචාර ද නව මුහුන්වරකින් පක්ෂය ගොඩනැගීමේ අවශ්‍යතාවද දක්වා තිබුණි. මේ අතර ඇතැමුන් මෙසේ හුවමාරු වන සටහන් සාවද්‍ය බවද ප්‍රකාශ කර තිබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙහි ඇති ඡායාරූපය පලවී ඇති වෙනත් ස්ථාන පිලිබඳ පරීක්ෂා කිරීමේදී “වසර 68කට පසු බෝතලේ වලව්වේදී ‘ඩී එස්’ මුණගැසුණු දා...” යන තේමාව යටතේ 2018 වසරේ දී සිළුමිණ පුවත්පතේ පළවූ ලිපියක එය යොදාගෙන තිබු බව පෙනී ගියා. එම ලිපියේ දක්වා තිබුනේ එහි ඩී එස් සේනානායක මහතා වඩාගෙන සිටින්නේ ඔහුගේ මුණුබුරෙකු වූ රුක්මන් සේනානායක බවයි. එම ඡායාරුපය සහ සේනානායක පවුලේ තවත් ඡායාරුප පෙලක්ද එහි පළකර තිබුනේ මෙලෙසිනි.

Silumina Article | Archived

තවදුරටත් මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමට සේනානායක පවුල, බෝතලේ වලව්ව ඇතුළු ඉතිහාසගත තොරතුරු පිලිබඳ විශ්ලේෂණ රැසක් සිදුකර ඇති සෝමසිරි කස්තුරිආරච්චි මහතා ගෙන් ද විමර්ශනයක් සිදුකළ අතර එහිදී ඔහුද තහවුරු කර සිටියේ තමා කිහිප වරක්ම බෝතලේ වලව්වට ගොස් ඇති බවත් විශේෂයෙන්ම ඉහත සඳහන් ඡායාරූපයේ පිටපතක්ද ලබාගෙන ඇති බවත් එහි සිටින්නේ රුක්මන් සේනානායක සහ ට්‍රැක්ටරයේ වාඩිවී සිටින්නේ ඔහුගේ වැඩිමහල් සොයුරු වන දේවින්ද සේනානායක මහතා බවත්ය. එම තොරතුරු වත්මන් බෝතලේ වලව්ව සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු සිදුකරන දේවින්ද සේනානායක මහතාම තහවුරු කල බවද පැවසීය.

ඩඩ්ලි සේනානයක මතාගේ සොහොයුරෙකු වූ රොබට් සේනානායක මතාගේ පුතුන් දෙදෙනෙකු වශයෙන් දේවින්ද සහ රුක්මන් සේනානායක, සේනානායක පවුලේ වෘක්ෂයේ පෙන්වා දී තිබුනේ මෙලෙසිනි

Family Tree

පසුකාලීනව එක්සත් ජාතික පක්ෂය යටතේ දේශපාලන කටයුතු වල සම්බන්ධ වූ රුක්මන් සේනානායක මහතාගේ Wikipedia විස්තරෙයේ ඔහුගේ පවුල් තොරතුරු මෙසේ දක්වා තිබුණි. Rukman Senanayake

තවද රනිල් වික්‍රමසිංහ මහතා උපත ලබා තිබෙනේ 1949 වසරේද රුක්මන් සේනානායක මහතා ඉපදී ඇත්තේ 1948 වසරේද බවත් අපට දැකගන්නට ලැබුණු අතර ඩී. එස්. සේනානායක මහතා මියගොස් ඇත්තේ 1952 වසරේ ය. ඉහත ඡායාරුපය ලබාගෙන ඇත්තේ ඩී. එස්. සේනානායක මහතාගේ අවසන් කාලයේ බවත් අපට මේ අනුව පෙනී ගියා. රනිල් වික්‍රමසිංහ සහ රුක්මන් සේනානායක මහතාගේ වයස් පරතරය එක් අවුරුද්දක් පමණක් බැවින් බොහෝදුරට මෙසේ නොමඟ යවන සුළු සටහන් ඉදිරිපත් කිරීමට එම ඡායාරුපය යොදාගන්නට ඇති බවද අනුමාන කල හැක.

Wikipedia D.S. Senanyake | Wikipedia Ranil W | Ranil W

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා විසින් කුඩා දරුවකු වඩාගෙන සිටින ඡායාරුපයක් පෙන්වමින් එහි සිටින්නේ කුඩා අවධියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරුපයක් බවට හුවමාරු වන සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය සටහන් බවත් එහි ඇත්ත වශයෙන්ම සිටින්නේ ඩී එස් සේනානායක මහතාගේ මුණුබුරෙකු වූ රුක්මන් සේනානායක මහතා බවත්ය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඩී.එස්. සේනානායක මහතා මෙම ඡායාරූපයේ වඩාගෙන සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ද?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News