ලංකා බැංකු සභාපති සුලු ව්‍යාපාරික සහන ණය වලින් අල්ලස් ලබාගත්තා ද?

Update: 2020-08-13 05:25 GMT

කොරොනා වෛරස් ආසාදනය ලංකාවේ ආර්ථිකයට මරු පහරක් එල්ල කළේය. රට වසා දැමු සමය තුල, ව්‍යාපාරික කටයුතු ඇණ සිටීම නිසා බොහෝ ව්‍යාපාර ආර්ථිකව පසුබෑමකට ලක්විය. මෙසෙ අපහසුතාවයට පත් ව්‍යාපාරික ප්‍රජාවට අත දෙනු පිණස රජය විසින් සහන පොලියක් මත ණය ලබා දීමට කටයුතු කළේය. වානිජ බැංකුවක් විසින් අනුමත කළ ණය අයදුම්පත ශ්‍රී ලංකා මහ බැංකුවට යොමු කර, ඔවුන්ගේ අනුමැතිය ලත් පසු වානිජ බැංකුව විසින් එම මුදල සේවාදායකයාට මුදා හැරීමට කටයුතු යොදා තිබිණි.

මෙවන් පසුබිමක “ලංකා බැංකු සභාපති සුලු ව්‍යාපාරික සහන ණය වලින් 10% ක්‌ අල්ලස් අරන්! දැනටම ලක්ෂ 70,000 නිකුත් කර අවසන්!” තේමාවෙන් Hope 2020 නමැති ෆේස්බුක් පිටුවක් පහත ඇති දීර්ඝ කථාංගය ඉදිරිපත් කර තිබු සටහනක් ප්‍රතිචාර රැසක් සමඟ ෆේස්බුක් පරිශීලනය කරන්නන් දහසකටත් අධික සංඛ්‍යාවක් අතර සංසරනය වී තිබෙණු නිරීක්ෂණය විය.

“මේ වන විට ලංකා බැංකු සභාපති කාංචන රත්වත්තේ නීතිමය සීමාවන් අමු අමුවේ උල්ලංගනය කරමින් ක්‍රියා කරමින් සිටීම එහි සේවකයින්ගේ දැඩි පිළිකුලට ලක්ව තිබේ. ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම තුළින් මෙරට ආර්ථිකයේ ජීවනාලිය බඳුවූ සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගාසිටුවීමට ප්‍රමුඛතාවය ලබාදී ඇත. මේ හේතුවෙන් රජයේ අරමුණ වන්නේ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබා දෙමින් රටේ නිෂ්පාදන ආර්ථිකය පණ ගැන්වීමයි.

මෙම කාලෝචිත වැඩ පිළිවෙල අඩපණ කිරීමේ මූලික අඩිතාලම දමමින් ලංකා බැංකු සභාපති කාංචන රත්වත්තේ මෙම ණය ලබා ගන්නා ව්‍යවසායකයන්ගෙන් 10%ක අල්ලසක් ලබා ගනිමින් සිටී. මේ කර්මාන්තකරුවන් කොරෝනා අර්බුදය මැද සිය නිෂ්පාදන කටයුතු කරන්නේ අනේක විද දුක් කම්කටොලු වලට මුහුණදෙමිනි. මෙවැනි රටට වැඩදායක මෙහෙවරක නිරත වන මෙම පිරිස් වලට රටක් වශයෙන් අප ණය ගැතිය. මේ වන විටත් රුපියල් මිලියන 7,000ක COVID සහන ණය ලංකා බැංකුව විසින් නිකුත් කර අවසන්ය.

මෙම මුදලෙන් කොපමණ ප්‍රමාණයක් කාංචන රත්වත්තේ යටි මඩි ගසාගෙන ඇත්ද??

මෙසේ රටට වැඩක් කරන ආර්ථිකය පණ ගැන්වීමට ණය ලබාගන්නා මොවුන් ගෙන් අල්ලස් ලබා ගැනීම කෙතරම් සාධාරණද? මෙලෙස ඉතාම නින්දිත අයුරින් ලබා ගන්නා කෝටි ගණනක අල්ලස් මුදල ඔහු විසින් තැන්පත් කරවා ගන්නෙ සිය නිවසේ සේවකයාගේ බැංකු ගිණුමේ බවද අල්ලස් උගුලට හසුවූ අයවලුන් පවසයි.

අතිගරු ජනාධිපතිතුමනි 69 ලක්ෂයක් ජනතාව චන්දය දුන්නේ මෙවැනි දුෂිතයන්ට රජයේ ඉහළ තනතුරු ලබා දෙන්නද??? ජනතාවගේ නිකැළැල් ප්‍රාර්ථනා අමු අමුවේ මිලින වන්නට ඉඩදීම කෙතරම් යුක්ති සහගතද???”

LinkArchived Link

ෆේස්බුක් පිටු කිහිපයක ඉදිරිපත්ව තිබු මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනයක් සිදුකරන ලෙසා අපට ඉල්ලීම් කිහිපයක්ම ලැබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ලංකා බැංකු සභාපති කාංචන රත්වත්තේ මහතාගේ මෙම ක්‍රියා කලාපය එහි සේවකයන්ගේ දැඩි අප්‍රසාදයට ලක්ව අති බව මෙම සටහනෙහි අන්තර්ගත කර තිබු බැවින්, මෙවැනි ප්‍රශ්නයක් පිලිබඳ සේවක සංගම් මඟින් පවත්වාගෙන යනු ලබන කිසිඳු හෝ ෆේස්බුක් පිටුවක පලවී ඇත්දැයි පරීක්ෂා කලද එවැන්නක් දක්නට නොලැබුණි. එසේම බැංකුව මඟින් පවත්වාගෙන යනු ලබන සේවකයින්ට පමණක් පිවිසීමේ අවසර තිබෙන සමුහ වල ද මෙවැනි කිසිඳු සිද්ධියක් වාර්තා වී නැති බව අප ලංකා බැංකු සේවකයෙකු හරහා තහවුරු කර ගත්තා.

Link 1 | Link 2

තවදුරටත් කරුණු තහවුරු කරගනු වස් අප ලංකා බැංකු සේවක සංගමයේ සභාපතිතුමා සමග දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. ලංකා බැංකු සභාපති කාංචන රත්වත්තේ මහතා කොමිස් ගැනීමේ ක්‍රියාවලියක නිරතවන බවට සාමාජිකයන්ගෙන් පැමිණිළි කිසිවක් නොමැති බව පැවසු ඔහු, එය සාවද්‍ය පුවතක් බව තහවුරු කළේය.

අනතුරුව අප ලංකා බැංකු ශාඛා කිහිපයක කළමණාකරුවන් අමතා සුලු ව්‍යාපාරික සහන ණය ඔවුන්ගේ සේවාදායකයන්ට ලබා දෙන අන්දම අධ්‍යයනය කළෙමු. සේවාදායකයකු මෙම සහන ණය අයදුම් කළවිට, එය විමර්ශනය කර, එහි ප්‍රමාණය අනුව බැංකු ශාඛාවෙන් හෝ ප්‍රදේශය භාර සහකාර සාමාන්‍යාධිකාරී වරයෙකු හරහා බොහෝදුරට අනුමැතිය ලබාගන්නා බව පවසා සිටියේ මෙසේ ලබාගන්නා ණය ප්‍රමාණය බොහොමයක් අවස්ථාවලදී විශාල අගයක් නොවන බැවිනි.

එසේම කොවිඩ් සහණ නය ක්‍රමය යටතේ යොමුකෙරෙන අයදුම්පත් ලංකා බැංකුවේ අදාළ ශාඛාව මඟින් එහි මුලස්ථානයේ ණය අංශයේ බලයලත් නිලධාරියා වෙත යොමු කරන බවත්, එම අනුමැතිය මත අදාළ අයදුම්පත ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබුණහොත්, මුදල් ලබා දීම පිණිස අදාල ශාඛාව වෙත යොමු කරන බවත්, දැනගන්නට ලැබුණි. මෙම සහණ ණය ප්‍රමාණය අඩු අගයක් ගන්න බැවින්, ඉතා කලාතුරකින් විශේෂ හේතුවක් මත හැර වෙනත් කිසිඳු අවස්ථාවක සභාපතිතුමාගේ අනුමැතිය නොපතන බවත්, අවම වශයෙන් අයදුම්පතක් පිළිබඳව ඔහු දැණුවත් නොවන බවත් අපගේ අධ්‍යයනයෙන් තහවුරු විය.

මේ පිලිබඳ තොරතුරු අප විසින් මහා බැංකුවේ බැංකු නියාමන අංශයෙන් විමසු විට මෙබඳු සිද්ධියක් ඔවුන් වෙත් වාර්තා වී නොමැති බව පැවසු අතර මහා බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පවසා සිටියේ ඔවුන් වෙත මෙම ණය සම්බන්ධයෙන් ඉදිරිපත්වන අයදුම්පතක් පැය 24ක් වැනි කාලයක් තුල නැවත අදාළ බැංකුව වෙත යැවීමට කටයුතු කරන අතර මෙම ණය ක්‍රමය යටතේ පිරිනැමෙන උපරිම අගය මිලියන 25ක් වැනි අගයක් බවයි. ඒ අනුව අප විසින් මීට පෙර ලංකා බැංකුවෙන් දැනගත් පරිදි එවැනි උපරිම අගයක් සහිත ණය අයදුම්පත් සඳහා සභාපතිතුමාගේ අනුමැතිය අවශ්‍ය නොවන අතර ඔහු දැනුවත් වන්නේද නැත.

නීතිඥ කාංචන රත්වත්තේ මහතා මෙම වසරේ මුල ලංකා බැංකුවේ සභාපති වශයෙන් වැඩ භාරගෙන ඇති බව වාර්තා වී ඇති අයුරු අපට දැකගන්නට හැකිවූ අතර අගෝස්තු මස 01 වැනිදා සිය සංවස්තරය සමරමින් සංවර්ධන ණය යෝජනා ක්‍රම ඔස්සේ ක්ෂේත්‍ර ගණනාවක් යටතේ අවම පොලී අනුපාත යටතේ ණය ලබාදෙන්නට සමත් වී ඇති බව ආයතනය මෙසේ වාර්තා කර තිබුණි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ලංකා බැංකුව විසින් සහන ණය පදනම යටතේ ලබා දෙන ණයවල අදාළ අයදුම්පත් පිළිබඳ විස්තර ලංකා බැංකුවේ සභාපතිවරයාට යොමුවන්නේද නැති බැවයි. මෙසේ අල්ලස් ගැනීමේ සිද්ධියක් පිළිබඳව ගැනුම්කරුවන් වාර්තා කල සිද්ධියක් ලංකා බැංකු සේවක සංගමයෙන් හෝ මහ බැංකු නියාමන අංශයෙන් වාර්තා වන්නේද නැත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලංකා බැංකු සභාපති සුලු ව්‍යාපාරික සහන ණය වලින් අල්ලස් ලබාගත්තා ද?

Fact Check By: Sahan Perera

Result: Explainer

Tags:    

Similar News