වසර තුනකට පෙර වන අලි ප්‍රහාරයකින් දැරියක මිය ගිය සිද්ධියක් මෑතකදී සිදුවූ බව දක්වමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්

Update: 2020-08-13 09:39 GMT

අලි මිනිස් ගැ‍ටුම හේතුවෙන් මේ වන විට බොහෝ මිනිස් ජීවිත මෙන්ම වන අලි බොහොමයක් මරනයට පත්ව ඇත.දිවයින තුළ මේ වනවිට විසඳුම් සෙවිය නොහැකි ගැටලුවක් තරමටම අලි මිනිස් ගර්‍ටුම වර්ධනය වී තිබෙන මොහොතක තවත් එක් ශෝකජනක පුවතක් පිලිබඳව ෆේස්බුක් පි‍ටු බොහොමයක් කරුනු දක්වා තිබුනා.ඒ කුඩා දැරිවියක් පසුගිය දිනෙක අලියෙකුගේ පහරකැමට ලක්ව මිය ගිය බව කියමින්.

මෙසේ පලවූ ෆේස්බුක් පුවතට අනුව වයස පහක් වූ මෙම දැරිය තම මිත්තනිය සමග පෙරපාසල් යමින් සිටියදී පලාගල නම් ප්‍රදේශයකදී මෙසේ වල් අලි ප්‍රහාරයකට ලක්ව තිබු බව මෙම පුවතින් කරුනු දක්වා තිබුනා

කවින්ද නම් පුද්ගලයෙකු මුහුනුපොතට එක් කල මෙම පෝස්‍ටුව 1200කට අදික පිරිසක් හුවමාරු කරගෙන තිබුනා. එහි දක්වා තිබුනේ “වල් අලි ප්‍රහාරයකින් මෙලොව හැරගියදුවේ නුබට නිවන් සුව..වයස අවුරුදු 5ක් වූ ලක්ෂානි දැරිය අද තම ආච්චි හා නැගණිය සමඟ පෙර පාසල් යමින් සිටියදී පලගමදී මහනයට පත්වී ඇත” යනුවෙනි

එමෙන්ම මෙම පුවත තවත් බොහෝ මුහුපොතේ ෆේස්බුක් පි‍ටු මගින් හුවමාරු කර තිබුනා

Original LinkArchived Link
Original LinkArchived Link
Original LinkArchived Link
Original LinkArchived Link
Original LinkArchived Link
Original LinkArchived Link

කෙසේ නමුත් මෙම පුවත පිලිබඳව සත්‍ය තත්වය පිලිබඳව කරුනු සොයා බලන ලෙස ලැබුනු පාඨක ඉල්ලීම් හේතුවෙන් මෙම කරුන පිලිබඳව වැඩි දුරටත් සොයා බැලීමට අප කටයුතු කලා.

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

මෙම සිදුවීම සිදු වූ පලාගල ප්‍රදේශය අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් දුෂ්කර ගමකි.ගල්කිරියාගම පොලිස් වසමට අයත් මෙම ප්‍රදේශයේ මෙවැනි සිදුවීමක් සිදුවී ඇත්දැයි අප එම ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගෙන් කරුනු විමසා සිටියා.එහිදී ඔහු පවසා සිටියේ පසුගිය මාසය තුල අලියෙකු පහරදීමෙන් දැරිවියක් මිය ගිය බවට කිසිඳු පුවතක් ඔවුන්ගේ පොලිස් බල ප්‍රදේශයේ වාර්තා නොවූ බවයි

මෙම පුවත පිලිබඳව වැඩිදුරටත් කරුනු සොයා බැලීමේදී අපට දැනගන්නට හැකි වූයේ මෙම සිදුවීම 2017 වසරේ මැයි මාසයේ සිදු වූ සිදුවීමක් බවයි. සිය මිත්තනිය සමග පෙර පාසල් යමින් සිටි පලාගල ගල්කිරියාගම ප්‍රදේශයේ දැරිවියක් වල් අලි ප්‍රහාරයකට ලක්ව මරනයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව අපට දැනගන්නට ලැබුනා.

එම පුවත 2017 වසරේ හිරු ගොසිප් නම් වෙබ් අඩවිය විසින් දක්වා තිබුනේ “ආච්චියි, චුටි නංගියි එක්ක පෙර පාසල් ගිය නිරුපමා සන්නද්ධයාගේ මාරු පහරින් දෙනෙත් පියා ගනී යනුවෙනි”එම ලිපිය පහතින්

LinkArchived

එම පුවතේ ඇති ඡායාරුප සහ සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිද්ධිය මෑතකදී සිදුවූ ආකාරයෙන් පලවන ඡායාරුප පෙළ එක හා සමාන බව අපට පෙනී ගිය බැවින් තහවුරු වන්නේ මෙම සිදුවීම 2017 වසරේ සිදුවූවක් බවත් එම දැරිය මිය යන විට වයස අවුරුදු 4ක නිරූපමා ලක්ෂානි නමැති කුඩා දැරිවියක් බව එහි වාර්තා කර තිබුණි.

මේ පිලිබඳව ස්වර්ණවාහිනී පුවත් සේවය “වන අලි පහරදීමකින් කුඩා දරුවෙකු ජිවිතක්ෂයට” යන තේමාවෙන් පළකර තිබු වීඩියෝවක් පහතින්. එහි මෙම කුඩා දැරියගේ වයස අවුරුදු 5ක් බව සඳහන් කර තිබිණි.

https://youtu.be/JiIgOblHwYw

මේ පිළිබඳව ඉංග්‍රීසි බසින් AFP විමර්ෂණ කණ්ඩායම මඟින් මීට පෙර විමර්ශනයක් ද සිදුකර තිබුණු අතර මෙම සටහන් වලට මුල්වී තිබු සිද්ධියක් 2017 වසරේදී ෆේස්බුක් පරිශීලකයෙකු විසින් සටහන් කර තිබුනේ මෙලෙසින්.

එබැවින් මීට වසර තුනකට පෙර සිදුවූ සිද්ධියක ඡායාරුප පෙළක් යොදාගනිමින් මෑතකදී සිදුවූ සිද්ධියක් ලෙස සමාජ මාධ්‍ය ජාලවල නොමඟ යවන සුළු ආකාරයෙන් පළකර ඇති සටහන් පෙළක් බව තහවුරු වූ වෙයි

නිගමනය

මෙම කරුනු අනුව සලකා බලන විට අපට පැහැදිලි වන්නේ "වල් අලි ප්‍රහාරයකින් මෙලොව හැරගිය දුවේ නුබට නිවන් සුව…” යන තේමාවෙන් මෑතකදී සිදුවූ සිද්ධියක් ලෙස හුවමාරු වන සටහන් වලට අදාළ සිද්ධිය මීට වසර තුනකට පෙර (2017 වසරේ) සිදුවී ඇති බව පැහැදිලිය

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:වසර තුනකට පෙර වන අලි ප්‍රහාරයකින් දැරියක මිය ගිය සිද්ධියක් මෑතකදී සිදුවූ බව දක්වමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News