ඩලස් අලහප්පෙරුම මහතා විසින් සිදුකලා යයි පැවසෙන සාවද්‍ය පුවතක්!

Update: 2020-08-17 06:50 GMT

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු පත් වීම සහ අදාළ ලේකම්වරු පත් කිරීමෙන් අනතුරුව එම අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයන් තේරී පත් වේද නැතහොත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසු තේරී පත්වූ පිරිස් දිගටම එම තනතුරු වල රැඳී සිටීද යන්න පිළිබඳව බොහෝ දෙනා විමර්ශනය කර තිබුණි.

මෙවැනි පසුබිමක “පැරදුණු අපේක්ෂකයන් දුක් වෙන්න අවශ්‍ය නෑ. සංස්ථා අධ්‍යක්ෂකකම් ඇතුලු ඉහළ තනතුරු ලබාදෙන්න අගමැති දැනටමත් තීරණය කරලා ඉවරයි” යනුවෙන් ඩලස් අලහප්පෙරුම මහතා විසින් පැවසු බවට පළවූ සටහනක් බොහෝ දෙනෙකු හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ කිසිදු අපේක්ෂකයෙක් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට තේරී පත් නොවීමට කටයුතු කර තිබුණි. එසේම අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් සඳහා ඉන් පෙර පැවති ලේකම්වරුන් කිහිපදෙනෙකුම පත්කර තිබෙන බවක් ද දැකගන්නට ලැබුණි

එබැවින් පැරදුණු අපේක්ෂකයන් දුක් වෙන්න අවශ්‍ය නෑ. සංස්ථා අධ්‍යක්ෂකකම් ඇතුලු ඉහළ තනතුරු ලබාදෙන්න අගමැති දැනටමත් තීරණය කරලා ඉවරයියනුවෙන් ඩලස් අලහප්පෙරුම මහතා විසින් කිසියම් හෝ ප්‍රකාශයක් මාධ්‍ය වෙත සිදුකර ඇත්දැයි පරික්ෂා කිරීමේදී අපට එබඳු කිසිදු වාර්තාවක් දැක ගැනීමට ලැබුණේ නැත

මේ පිළිබඳව කරුණු දැනගැනීම සඳහා ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම් සමඟ සම්බන්ධ වූ අතර එහිදී පවසා සිටියේ මෙය සම්පූර්ණයෙන් ම සාවද්‍ය ප්‍රකාශයක් බවත් අමාත්‍යවරයා විසින් කිසි විටෙකත් එබඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් ය

තවද රජයේ සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථා මණ්ඩලය ඇතුළු ආයතන සඳහා පත්කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් දිගටම කටයුතු කරන බවත් ඔවුන්ගේ වෙනසක් සිදු කෙරෙන්නේ නම් ජනාධිපතිතුමා හරහා අවසරයක් ලබාගත යුතු බවත් පවසමින් සඳහන් කරමින් ලිපියක් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් පසුගියදා අදාල අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කළ බවට පුවත්පත් වාර්තා වී තිබුණේ මෙලෙසින්

Lankadeepa | Daily News

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා විදුලිබල අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව වැඩ බාර ගෙන තිබුනේ මෙලෙසින්

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පැරදුණු අපේක්ෂකයන් දුක් වෙන්න අවශ්‍ය නෑ. සංස්ථා අධ්‍යක්ෂකකම් ඇතුලු ඉහළ තනතුරු ලබාදෙන්න අගමැති දැනටමත් තීරණය කරලා ඉවරයියනුවෙන් ඩලස් අලහප්පෙරුම මහතා විසින් සිදුකලා යයි පැවසෙන ප්‍රකාශය සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඩලස් අලහප්පෙරුම මහතා විසින් සිදුකලා යයි පැවසෙන සාවද්‍ය පුවතක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News