Cinnamon Grand හෝටලයෙන් මිලදී ගත් සමෝසාවේ තිබී ඇත්තේ චුවිංගම් බවට පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

Update: 2020-08-20 09:40 GMT

තම පාරිභෝගිකයන්ට සෞඛ්‍යාරක්ෂිත ආහාරයක් සැපයීම, ආහාර සපයන සෑම ආයතනයකම වගකීම වේ.“තරු පහේ හෝටලයකින් 'චුවින්ගම්' සමෝසා..!තරු පහේ හෝටලයකින් 'චුවින්ගම්' සමෝසා..!”සිරස්තලයෙන් Lankaenewsනමැති ෆේස්බුක් පිටුවක්, කෙටි වීඩියෝ පටයක් සහිතව ඉදිරිපත් කර තිබු ප්‍රවෘත්ති සටහනක්, ප්‍රතිචාර රැසක් හිමිකර ගෙන, ෆේස්බුක් පරිශීලනය කරන්නන් දහසකට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණු බව අපට මෙසේ දැකගන්නට ලැබුණා.

FB Link

Archived Video Link

මෙම ප්‍රවෘත්තියට පාදක වී තිබුණේ “THIS IS WHAT WE GET AT COFFEE STOP CINNAMON GRAND!!! THIS WAS EATEN BY MY DAUGHTER WHO FREAKED OUT SEEING A CHEWING UP IN THE VEGETABLE SAMOSA TODAY!!! (සිනමන් ග්‍රෑන්ඩ් COFFEE STOP වලින් අපට ලැබුණේ මෙයයි !!! මෙය අද දින මගේ දියණිය මිලට ගෙන, අනුභව කළ එළවළු සමෝසා හි තිබු චුවින්ගම් එකකි.)” තේමාවෙන් Deepani Dharmasiri නමැත්තියකගේ ෆේස්බුක් පිටුවෙහි ඉදිරිපත් කර තිබු කෙටි වීඩියෝ පටියක් සහිත සටහනකි. කෙසේ වෙතත් මේ අවස්ථාවේදි ඇය එම සටහන ඉවත්කර ඇති බවද නිරීක්ෂණය විය.

Archived FB Link

Archived Video Link

මෙම සටහන තවත් ෆේස්බුක් පිටු සහ

වෙබ් අඩවිවලද ඉදිරිපත්වී ‍තිබෙණු ද දක්නට ලැබුණි.

Link

Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ප්‍රවෘත්තියට

තුඩු දුන් සමෝසාව අලවි කළ බවට චෝදනා නැගී තිබුණේ Cinnamon Grand හෝටලයට අයත් අවන්හලකින් බැවින්, අප එ් පිළිබඳව

කරුණු තහවුරු කර ගැනීමට එම Cinnamon හෝටල් පද්ධතියේ සන්නාම අංශයට දුරකථන අංශයට

ඇමතුමක් ගත්තෙමු. අප හා සම්බන්ධවු සන්නාම අලෙවිකරණ අංශයේ ප්‍රධානියා පැවසුවේ ඔවුන්ගේ

සේවාදායිකාව සමාජ මාධ්‍යයට මුදාහැර තිබු වීඩියෝ පටය ගැන සැලවු විගස ඇය පිළිබඳ

තොරතුරු සොයා ගෙන, එම සමොසාව ඇය මගින්ම ආහාර පරීක්ෂා කරන රසායනාගාරයකට යැවු බවත්, එම

රසායනාගාර වාර්තාවට අනුව එහි ඇත්තේ චුවීන්ගම් නොව නොපිසුනු පිටි කොටසක් බවත්

පැවසීය. මෙම සිදුවීම පිළිබඳව පැහැදලි කිරීමක් Cinnamon Grand නිල ෆේස්බුක් පිටුවේ ඇති බව වැඩිදුරටත් පැවසීය.

Cinnamon Grand නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරිමේදි එහි සමාන්‍යාධිකාරි

විසින් “Statement General Manager,

Cinnamon Grand. Lab results reveal not chewing gum” තේමාවෙන් පහත ඇති සටහන ඉංග්‍රීසි බසින් ඉදිරිපත්

කර තිබෙණු නිරීක්ෂණය විය. එහි සිංහල පරිවර්තනය පහත පරිදිය.

“2020 අගෝස්තු 10 වන Coffee Stop වෙතින් පාරිභෝගිකයෙකු විසින් මිලදී ගත් සමෝසා එකක

චුවිංගම් පිළිබඳ පැමිණිල්ලක් විභාග කිරීමට Cinnamon Grand කළමනාකාරිත්වය කඩිනම් පියවර ගත්තේය.

පාරිභෝගිකයාගේ

සහයෝගය ඇතිව 2020

අගෝස්තු 11 වනදා,

අඟහරුවාදා, පරීක්ෂණාගාරයේදී සමෝසාවේ ඇති ද්‍රව්‍ය සඳහා පරීක්ෂණයක් කරන ලදී.

20202

අගෝස්තු 12 වනදා, බදාදා දහවල් නිකුත් කරන ලද පරීක්ෂණාගාර ප්‍රතිඵල වාර්තාවෙන්

හෙළි වන්නේ සමෝසා වල අඩංගු ද්‍රව්‍ය මඳක් පිසුණු පිටි කොටසක් බවත්, එය චුවිංගම් නොවන

බවත්ය.

මෙසේ

නොපිසුනූ පිටි ප්‍රමාණයක් තිබීම නිදහසට

කරුණු නොවන අතර සිද්ධිය ගැන අපි කනගාටු වෙමු. Cinnamon Grand හි සාරධර්ම

පද්ධතියේ මුලික අංගයන් වූ පාරිභෝගික ආරක්ෂාව සහ සේවාවට අනුකූලව එය නැවත සිදු නොවීමට

පියවර ගනු ඇත.”

https://www.facebook.com/CinnamonGrandC/photos/a.224912030930715/3281793405242547/?type=3&__xts__%5B0%5D=68.ARCwqRDIP2vDyjiKKDLtv3qkwcaiWcgdICV_hzsVGmWvKLbrR-978gsWmL3oRiy6hQFI-ntNUq1GbkpmGpW13XKpHSTXOk5zk-Mk_eG9KszhZ3GuSi_brHsnCnFt6-vN_RH89vBzLQnXAMWeVDfzIX9N4yUaWlPW_UHW2dA12qTSym1i-L6t9_cYaE_2gk7NxTJHM68KLBf7LCp2qJYJURxlnr7rBQ_D67pGsgUymjSw37mE2pRj-qMTsP5A7EqVUom3ksOp0vw1Y20M5JaQmDqIlMtDShnWiFQ5zB7t9M0PQR5SVhLpWbvM8n-dTGaMPa3x2RKDwzx70JIWwtiuU-tYWw&__tn__=-R

Link

Archived Link

අප මේ

පිළිබඳව කරුණු තවදුරටත් තහවුරු කරගැනීම සඳහා අප Cinnamon හෝටල්

පද්ධතියේ කළමනාකාරිත්වයේ අවසර පරිදි ඉහත ඔවුන් විසින් සිදුකරන ලද රසායනාගාර

වාර්තාව ලබා ගෙන් අධ්‍යයනය කළෙමු. එම වාර්තාව සිදුකර තිබුණේ ලංකාවේ මෙන්ම ලොව පිළිගත්,

මෙවැනි පරීක්ෂන සිදුකරන පුද්ගලික රසායනාගාර ආයතනයකින් වූ අතර එම ප්‍රතිඵලය පිළිබඳව

අදාළ ආයතනයෙන්ද විමසීමක් සිදු කළා. එහිදී ඔවුන් පවසා සිටියේ මෙම සිද්ධියේ සමොසාව

තුළ චුවිංගම් තිබේද නැද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඔවුන් විසින් සිදුකරන ලද්දේ ELISA RIDASCREEN නමැති ග්ලුටෙන් (Gluten) පරීක්ෂාවක් බවයි. එම පරීක්ෂණයේ ප්‍රතිඵලය වශයෙන්

80mg/kg වැඩි

අගයක් ලැබී තිබු බැවින් එය පිටි ආශ්‍රිත ද්‍රව්‍යයක් බව තහවුරු වන බව පවසා සිටියා.

එසේම චුවිංගම් වල අන්තර්ගතයේ මෙවැනි පිටි ආශ්‍රිත ද්‍රව්‍ය නොමැති බැවින් එය චුවිංගම් නොවන බව පැවසිය හැකි බවද තවදුරටත්

අවධාරණය කර සිටියා

චුවිංගම්වල

අන්තර්ගත අමුද්‍රව්‍ය

සහ නිෂ්පාදන

ක්‍රියාවලිය සිදු වන අයුරු පරික්ෂා කිරීමෙන් අපට ද ඒ බව පෙනී ගියා.

තවදුරටත්

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය විසින් අපට පවසා සිටියේ මෙම සිද්ධියෙන් පසු ඉහත වීඩියෝ පළ

කරන ලද පාරිභෝගිකයාට සහ ඇගේ දියණිය තම හෝටලය වෙත පැමිණෙන ලෙස ආරාධනාවක් කළ බවත්

එහිදී ඔවුන්ට අදාළ රසායනාගාර වාර්තාව පෙන්වා පැහැදිලි කල අතර තම ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය

සියලු ප්‍රමිතීන්ට අනුකූලව, සෞඛ්‍යාරක්ෂිත්ව සිදු වන බවත් පෙන්වා දුන් බවයි.

ඉන්පසු පාරිභෝගියා විසින් අදාළ වීඩියෝ සටහන ඉවත්කරගෙන ඇති බවත් අපට නිරීක්ෂණය වුණා.

එසේම ආහාර සුරක්ෂිතතා කළමනාකරණය ඇතුළු අනෙකුත් ISO සහතික ලබාගත් ලංකාවේ පළමු හෝටලය Cinnamon Grand බව දක්වමින් පළවූ ලිපි ද අපට දැකගනන්ට ලැබුනා. Link

Conclusion (අවසාන නිගමනය)

අපගේවිමර්ශනයෙන්පැහැදිලිවන්නේ පාරිභෝගිකයෙකු විසින්Cinnamon Grand හෝටලයේ Coffee Stop වෙතින් මිලදී ගත් සමෝසා වේ තිබී ඇත්තේ චුවිංගම් නොව මඳ වශයෙන් පිසුණු පිටි කොටසක් බවය.

ඒ අනුව “තරු පහේ හෝටලයකින් 'චුවින්ගම්' සමෝසා..!තරු

පහේ හෝටලයකින් 'චුවින්ගම්' සමෝසා..!” යනාදී තේමාවලින් සමාජ මාධ්‍යයන්හි ඇති

සටහන් නොමඟ යවන සුළු අසත්‍ය සටහන් බවට නිගමනය කරමු

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:Cinnamon Grand හෝටලයෙන් මිලදී ගත් සමෝසාවේ තිබී ඇත්තේ චුවිංගම් බවට පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News