සාංවත්සරික දිනුම් ඇදීමකින් Toyota Lanka මඟින් මෝටර් රථ නොමිලේ ලබා දෙන බවට පළවූ සාවද්‍ය සටහන්!

Update: 2020-08-25 06:48 GMT

එසේම Toyota ආයතනයේ 60 වන සංවස්තරය වෙනුවෙන් වාහන 600ක් දිනුම් ඇදීමක් මඟින් ලබාදෙන බවට ව්‍යාජ සටහන් පෙළක් 2023 පෙබරවාරි මාසයේ දී ද හුවමාරු වී තිබු අතර එයද ව්‍යාජ සටහනක් බවට Toyota ලංකා ආයතනය මඟින් ද නිල නිවේදනයක් පාරිභෝගිකයින් වෙත නිකුත් කර තිබුනේ මෙලෙසින්. Archived

ඒ පිලිබඳ Factcrescendo ආයතනය පාඨකයින් දනුවන් කලේ මෙලෙසින්.

Full View

මෙවැනි සංවස්තරික දිනුම් ඇදීම් පිලිබඳ ව්‍යාජ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට හුවමාරු වන අතර එවැනි සටහනක් පිලිබඳ මීට වසර කිහිපයකට පෙර සිදුකළ කරුණු විමසීමක් ද පහතින්

ලංකාවේ ප්‍රධාන පෙලේ ආයතන කලින් කලට විවිධ වර්ගයේ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන අයුර අපට දැකගන්නට හැකියි.තමන්ගේ ගනුදෙනු කරුවන් සම්බන්ධ කරගනිමින් විවිධ වූ ක්‍රමයට ත්‍යාග ලෙස මෙසේ ඇතැම් ආයතන ප්‍රවර්ධන කටයුතු සිදු කරනු ලබයි.මේ අතර නිල ආයතන ලෙස ව්‍යාජ ෆේස්බුක් පි‍ටු මුහුනු පොතේ පවත්වාගෙන යන ප්‍රවණතාවයක්ද පෙන්නුම් කරන අතර මීට පෙර BMW, Honda වැනි ආයතන ලෙසද ව්‍යාජව පෙනී සිටිමින් වැරදි තොරතුරු සමාජ ගත කල අයුරු පිලිබඳව අප වාර්තා කළා.

මේ අයුරින්ම ටොයොටා ශ්‍රී ලංකා නමින් පවත්වාගෙන යන ෆේස්බුක් පි‍ටුවක් ද අපට නිරීක්ශනය වූ අතර "Toyota මොටර් රථ සමාගමේ 81 වන සැමරුම් සංවත්සරය වෙනුවෙන් පිරිනමන මෝටර් රථ 10ක් දිනා ගැනීමට දැන්ම එක්වන්න. " ලෙස සඳහන් කරමින් ඔවුන්ගේ එම Toyota Sri Lanka - Pvt,Ltd ෆේස්බුක් පි‍ටුව හරහා ප්‍රවර්ධන කටයුත්තක් සිදු වන බව අපට නිරීක්ශනය උනා. Toyota Harrier මෝටර් රථ දහහක් ලබා දීම වෙනුවෙන් මෙම සටහන එකතු කර තිබු අතර ඒ සඳහා අනුගමනය කල යුතු ක්‍රියා පිලිවෙල එහි දක්වා තිබුනා.

Original LinkArchived Link
Original LinkArchived Link

මේ ආකාරයටම Toyota KDH වැන් රථ දහයක්ද නොමිලේ පිරිනමන බවට එම ෆේස්බුක් පි‍ටුවෙයි සටහන්ව තිබුනා. බොහෝ දෙනෙක් මෙහි ඇති එම සටහන් වල ක්‍රියාපටිපාටීන් අනුගමනය කර ඇති බවක් දක්නට ලැබුනේ එහි නිල වෙබ් අවඩිය වශයෙන් Toyota.lk වෙබ් අඩවිය ද සඳහන් කර තිබු බැවින්. මේ පිලිබඳව සත්‍ය තොරතුරු විමසා බැලීමට අප තීරනය කලා.

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

අප පලමුව toyota.lk නමින් ඇති ඔවුන්ගේ නිල වෙබ් පි‍ටුව පරීක්ශා කර බැලුවා.එහි සඳහන් පරිදි ලංකා නිල ලත් එකම ටොයොටා වාහන බෙදා හරින සමාගම ලෙස ටොයොටා ලංකා නමින් ඔවුන් ශ්‍රී ලංකාව තුල මෙහෙයුම් කටයුතු සිදු කරන බව එහි දක්වා තිබෙනවා.

එම web අඩවියේ ඔවුන්ගේ ෆේස්බුක් ගිනුම වෙත සබැඳියක් දක්වා තිබූ අතර ඔවුන් නිල වශයෙන් ෆේස්බුක් පි‍ටුව ලෙස පවත්වාගෙන යන්නේ එම නිල වශයෙන් සත්යාපිත වූ Toyota Lanka පේජයයි. මේ අනුව Toyota Sri Lanka - Pvt, Ltd නමින් පවත්වාගෙන යන්නේ ව්‍යාජ ෆේස්බුක් පි‍ටුවක් බවට පැහැදිලි වෙනවා.

නිල ටොයෝටා ලංකා ෆේස්බුක් පි‍ටුව

මීලඟට අප ටොයොටා ලංකා සමාගමෙන් මෙසේ වාහන නොමිලේ ලබාදීමේ ප්‍රවර්ධන වැඩපිලිවෙලක් තිබේ දැයි පරීක්ශා කර බැලුවා. නමුත් එසේ ටොයෝටා වාහන නොමිලයේ ලබා දෙන ප්‍රවර්ධන වැඩසටහනක් ඇති බවට අපට දැකගන්නට හැකි වුනේ නෑ.ඒ වෙනුවට ඇතැම් වාහන යම් මිල අඩු කිරීම් වලට ලක් කර ප්‍රවර්ධනය කිරීම් වැනි වැඩ කටයුතු අපට ඔවුන්ගේ ෆේස්බුක් පි‍ටුව තුලින් දැකගන්නට හැකි උනා.

එමෙන්ම ඔවුන්ගේ වෙබ් අඩවියේද ප්‍රවර්ධන කටයුතු පිලිබඳව කිසිඳු සටහනක් දැක් වෙන්නේ නෑ.

මෙම කරුණ තවදුරටත් තහවුරු කර ගැනීමට අප ටොයෝටා ලංකා ආයතනයේ උසස් නිලධාරියෙක් සම්බන්ධ කර ගත්තා.එහිදී ඔහු තහවුරු කලේ Toyota Sri Lanka - Pvt,Ltd ලෙස පවත්වාගෙන යන ෆේස්බුක් පි‍ටුව ව්‍යාජ එකක් බවයි.දැනට ටොයෝටා සමාගමේ 81 වන සැමරුම වෙනුවෙන් මෝටර් රත 10ක් ලබා දීමේ කිසිඳු වැඩ පිලිවෙලක් නැති බවත් එම ෆේස්බුක් පි‍ටුවේ පලව ඇති ප්‍රවර්ධන තොරතුරු ව්‍යාජ ඒවා බවත් ඔහු තහවුරු කලා.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහනේ දැක්වෙන පරිදි Instagram ගිණුමක් පවතින්නේ ද නැති අතර ටොයෝටා ලංකා සමාගමේ නිල Instagram ගිණුම මෙසේය

Conclusion (නිගමනය)

මේ අනුව සලකා බලන කල අපට පැහැදිලි වන්නේ Toyota Sri Lanka - Pvt,Ltd ලෙස පවත්වාගෙන යන නිල ටොයෝටා ලංකා ෆේස්බුක් පිටුව ලෙස පෙනී සිටින ව්‍යාජ ෆේස්බුක් පි‍ටුවක් මගින් සංවත්සර සැමරුමක් ලෙස මෝටර් රථ 10 ක් නොමිලෙ පිරිනැමීමට කටයුතු යොදා ඇති ලෙස දක්වමින් එම ෆේස්බුක් පි‍ටුවෙහි පල කර ඇති පුවත් සම්පුර්ණයෙන්ම අසත්‍ය, පාඨකයින් මුලා කරවන, ව්‍යාජ ඒවා බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සාංවත්සරික දිනුම් ඇදීමකින් Toyota Sri Lanka මඟින් මෝටර් රථ නොමිලේ ලබා දෙන බවට පළවූ සාවද්‍ය සටහන්

Fact Check By: Factcrescendo Team

Result: False

Tags:    

Similar News