කොරෝනා සුව කරන්න, ඉන්දියාව විසින් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාව ඉල්ලා සිටියාද?

Update: 2020-08-29 07:51 GMT

කොරෝන රෝගී තත්වය හමුවේ වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ නම විවිධ සාවද්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශ සඳහා යොදා ගෙන තිබෙන බව අපට මීට පෙර කිහිප අවස්ථාවන් කිහිපයකදීම ද දැකගනන්ට ලැබුණි.

“කොරෝනා සුව කරන්න ඉන්දියාව ඒලියන්ත වයිට් ඉල්ලයි, ගෙන යන්න වෙනම ගුවන් යානයක් එවයි” යන තේමාව යටතේ හුවමාරු වී තිබු එවැනිම පුවතක තවදුරටත් පහත කතාංගය ද දක්වා තිබුණි.

“ඉන්දියාවේ විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා ගේ දායකත්වයෙන් ගැනීම සඳහා එරට රජය විසින් තීරණය කර තිබේ.
ඒ අනුව ඒලියන්ත වයිට් මහතා ඉන්දියාවට කැඳවාගෙන යාම සඳහා විසබීජහරණය කරන ලද විශේෂ ගුවන් යානයක් ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඔවුන්ගේ අනුදැනුම මත ඉන්දියාවට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ඒලියන්ත වයිට් මහතා තීරණය කර ඇති බවද සඳහන්ය.

මේ සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන් සමඟ ද ඔහු සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇත.

ඒලියන්ත වයිට් මහතාට අවශ්‍ය කටයුතු සඳහා සිදු කිරීමේ පහසුව වෙනුවෙන් ඉන්දියාව මේ වන විටත් අදාල නීති රීති සකස් කරමින් පවතින බව කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් දැනගන්නට තිබේ.”

එම පුවතට අදාළ ෆේස්බුක් සටහන පහතින්

LinkArchived Link

එම පුවත තවත් ෆේස්බුක් පිටු සහ සමුහ හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

මෙම පුවත අලලා විවිධ යුටියුබ් වීඩියෝ ද මෙසේ නිර්මාණය වී තිබුණි. කෙසේ වෙතත් මීට පෙර එලියන්ත වයිට් මහතා අලලා පලවී තිබු පුවත් ද සාවද්‍ය බව පෙනී ගිය බැවින් මේ පිලිබඳ ව ද කෙටි විමර්ශනයක් සිදු කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත පුවත් පරික්ෂා කිරීමේදී මව්බිම පුවත්පතේ මේ පිළිබඳ පළ වූ දීර්ඝ වාර්තාවක් ද අපට දැක ගන්නට හැකිවූ අතර මෙම සටහන බොහෝ දුරට ඉහත සමාජ මාධ්‍ය ජාලා වල පලවූ සටහන් සඳහා පාදක වන්නට ඇති බව ද අනුමාන කළ හැක එම සටහන පහතින්

LinkArchived

එසේම ඉහත සටහන් සියල්ලේම සඳහන් වී ඇත්තේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් මේ පිළිබඳ දැන ගන්නට ලැබුණු බව බැවින් මෙබඳු කිසිදු හෝ තීරණයක් පිළිබඳ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය දැනුවත් ද යන්න පරීක්ෂා කර බැලීමට අප එහි මාධ්‍ය නිලධාරිනිය සමග සම්බන්ධ වූ අතර ඇය අපට තහවුරු කර සිටියේ එබඳු කිසිදු සාකච්ඡාවක් හෝ ගුවන් යානයක් පිළිබඳ තීරණයක් නොමැති බවත් මෙය සාවද්‍ය පුවතක් බවත්ය

කෙසේ වෙතත් ඉන්දියාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය මේ දිනවල ඉතා සීඝ්‍රයෙන් සිදුවන බව බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන අතර මේ වනවිට ලක්ෂ තිස් හතරකට වැඩි පිරිසක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබූ අතර ඉන් 76% පමණ පිරිසක් මේ වන විටත් සුවය ලබා තිබෙන බවත් හැට දහසකට වැඩි පිරිසක් මේ වන විට මරණයට පත්ව ඇති බවත් වාර්තා වෙනවා

වෛද්‍ය එලියන්ත වයිට් මහතා මීට පෙර ද කොරෝනා ආශ්‍රිත ප්‍රතිකාර සඳහා යොදා ගත් බවට පළවූ සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පිලිබඳ අප විසින් සිදුකරන ලද විමර්ශන පහතින්

Link 1 | Link 2

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “කොරෝනා සුව කරන්න ඉන්දියාව ඒලියන්ත වයිට් ඉල්ලයි, ගෙන යන්න වෙනම ගුවන් යානයක් එවයි” යන තේමාව යටතේ වෛද්‍ය එලියන්ත වයිට් මහතා කොරෝනා මර්දන කටයුතු සඳහා ඉන්දියාවට යැවීමට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් දැනගන්නට ලැබෙන බවට පළවන පුවත් සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කොරෝනා සුව කරන්න, ඉන්දියාව විසින් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාව ඉල්ලා සිටියාද?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News