වසරකට පෙර ප්‍රකාශයකට වැරදි අර්ථකතනයක් ලබාදෙමින් පළවූ නොමඟ යවන සුළු සටහනක්!

Update: 2020-09-07 17:00 GMT

මුස්ලිම් මව්ලවිවරයෙකු විසින් පැවසු සටහනක් යයි දක්වමින් පළවූ සටහනක් පසුගිය දා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබුනා.

“ජනාධිපතිට අගමැතිට ඕන විදියට සෙල්ලම් බෑ..ඉස්ලාමීය නීතිය ඊට ඉහළයි.. ලගදීම පාඩමක් උගන්වනවා..” යනුවෙන් ඉස්ලාමීය මව්ලවිවරු පවසා සිටි බවට පළවූ එවැනි එක් සටහනක් පහතින්.

LinkArchived Link

මෙම සටහන් සඳහා වෛරී ප්‍රතිචාර කිහිපයක් ලැබී තිබුණු අතර ඇතැම් අය විසින් මෙය සාවද්‍ය ප්‍රකාශයක් ලෙස පවසා ද තිබු බැවින් මේ පිලිබඳ විමර්ෂණයක් සිදු කිරීමට අදහස් කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳ පසුගිය දින කිහිපයේ පුවත් වාර්තා කිසිවක් දැකගැනීමට නොහැකි වූ බැවින් ඒ පිලිබඳ විමසා බැලීමට අප සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය සමඟ දුරකතනයෙන් සම්බන්ධ වූ අතර ඔවුන් එම ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව පවසා සිටියා.

කෙසේ නමුත් මේ පිළිබඳව තවදුරටත් කරුණු විමර්ශනය කිරීමේදී පසුගිය අගෝස්තු මාසයේදී “නිකාබය සම්බන්ධයෙන් මුස්ලිම් දේශපාලන හා ආගමික නායකයින් දැඩි ස්ථාවරයක” යන තේමාව යටතේම පළවූ පහත වීඩියෝව අපට දැකගන්නට ලැබුණි.

https://youtu.be/NSjJWKmuDgw

2019 අගෝස්තු මස මුස්ලිම් අයිතීන් සුරකීමේ සම්මේලනයකදී ලබාගෙන තිබු මෙම වීඩියෝවේ විශේෂයෙන්ම ආගමික අංගයක් ලෙස ඉස්ලාමීය කාන්තාවන්ට බුර්කාව පැළඳීමේ ඇති ඉඩකඩ ඇතුළු කරුණු පිලිබඳ සාකච්ඡා වී තිබු අතර එහිදී එවකට ජනපති හා අගමැති ගැන සඳහන් වුවද “ජනාධිපතිට අගමැතිට ඕන විදියට බෑ සෙල්ලම් කරන්න, ඉස්ලාමීය නිතිය ඉහළයි, පාඩමක් උගන්වනවා” යනුවෙන් සඳහන් වී තිබුනේද නැත. මෙහි ජනපති හා අගමැති යනුවෙන් සඳහන් වී තිබුනේ එවකට ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.

තවද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මෙම සටහන් සඳහා මීට වසරකට පෙර සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් එම අවධියේ පළවූ සටහනක් යොදාගෙන ඇති බව අපට දක්ගන්නටද ලැබුණා. එහි සඳහන් වන අපේම රටක් යන වෙබ් අඩවිය මේ වන විට සක්‍රීයව පවතින්නේ නොමැති බවත් අපට දැකගන්නට හැකි වූ අතර එහි පළවූ ලිපිය යොදාගනිමින් 2019 අගෝස්තු මස පළවූ පහත ෆේස්බුක් සටහන මේ සඳහා මුල් වී ඇති බව පෙනී ගියා.

Link 1 ArchivedLink 2Archived

හදිසි නීති තත්වය යටතේ බුර්කා සහ නිකාබ් තහනම පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමඟම ක්‍රියාවට නැංවුණු අතර 2019 සම්තැම්බර් මාසයේදී එය ඉවත්කරන ලදී.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “ජනාධිපතිට අගමැතිට ඕන විදියට සෙල්ලම් බෑ..ඉස්ලාමීය නීතිය ඊට ඉහළයි.. ලගදීම පාඩමක් උගන්වනවා..” යනුවෙන් ඉස්ලාමීය මව්ලවිවරු පවසා සිටි බවට පළවූ සටහන් සඳහා 2019 අගෝස්තු මස මුස්ලිම් අයිතීන් සුරකීමේ සම්මේලනයකදී පළවූ ප්‍රකාශයකට වැරදි අර්ථකතනයක් දෙමින් වර්තමානයේ ප්‍රකාශයක් ලෙස නොමඟ යවන සුළු කෝණයකින් යොදාගෙන ඇති බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:වසරකට පෙර ප්‍රකාශයකට වැරදි අර්ථකතනයක් ලබාදෙමින් පළවූ නොමඟ යවන සුළු සටහනක්!

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News