වනාතවිල්ලුවේ හට ගත්තේ ලැව් ගින්නක් යනුවෙන් ආනන්ද සාගර හිමි පැවසු බවට පළවූ ව්‍යාජ සංස්කරණයක්!

Update: 2020-09-08 15:56 GMT

පරිසර විනාශයන් පිලිබඳව මේ දිනවල විශාල වශයෙන් කතාබහට ලක්වෙන අතර මේ හා සම්බන්ධ සත්‍ය මෙන්ම අසත්‍ය හා තහවුරු නොකරන ලද පුවත් සහ විවිධාකාරයේ මත සමාජ ජාලා අවකාශය තුල සැරිසරනු අපට දැකගත හැකියි. පසුගිය කාලයේ මෙවැනි ක්‍රියාකාරකම් සිදුවන අවස්ථා වලදී නොයෙකුත් පාරිසරික සංවිධානවල ක්‍රියාකාරීන් මේ සඳහා මැදිහත්වෙමින් හඬක් නඟන බවද දැකගන්නට ලැබුණා.

මෙම කටයුතු වලදී සක්‍රීයව දායක වූ සංවිධානයක් ලෙස සුරකිමු ලංකා සංවිධානය පෙන්වා දිය හැකි අතර එම සංවිධානය හරහා ආනන්ද සාගර හිමියන් හඬ අවදි කල බවක් අපට පසු ගිය කාලයේ දැකගන්නට ලැබුනා.මේ අතර පසුගිය දිනෙක වනාතවිල්ලුව නම් පරිසර පද්ධතිය මූලික කර ගනිමින් පරිසර විනාශයක් සිදුවන බවට මාධ්‍ය වාර්තා පලවුනු අතර ඒ පිලිබඳව ආනන්ද සාගර හිමියන් කලායැයි පවසන පුවතක් සමාජ ජාලා මාධ්‍ය වල බොහෝ ලෙස හුවමාරු වී තිබුනා.

එයින් කියවුනේ වනාතවිල්ලුවේ හටගත්තේ ලැව් ගින්නක් බවත් එමගින් කිසිඳු වන සංහාරයක් සිදුව නැති බවත් දැක්වෙන ප්‍රකාශයක්.පුවත්පතකින් කොටසක් ලෙස උපුටා දක්වා තිබූ මෙම ප්‍රකාශය Shanika Dissanayaka නම් අයෙකු විසින් පල කර තිබුනේ පහත අයුරීන්.

LinkArchived Link

බොහෝ දෙනෙක් මෙය හුවමාරු කරගෙන තිබූ අතර මෙම පුවතේ සත්‍යතාවය සොයා බැලිමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප මෙහි සත්‍ය අසත්‍යතාවය සෙවීමට පලමුව ආනන්ද සාගර හිමියන්ගේ මුහුනු පොත් ගිනුමට පිවිසුනා. මෙම ප්‍රකාශය පිලිබඳව උන් වහන්සේ විසින් දමා ඇති සටහනක් වෙත අපගේ අවධානය යොමු වුණා. එහි සඳහන් අන්දමට මෙවැනි ප්‍රකාශයක් ආනන්ද සාගර හිමියන් සිදු කර නැති බවට පැහැදිලිව සටහන් තබා තිබෙනවා..

මෙම ප්‍රකාශය බොරුවක් බවත් එහිමියන් පුවත් පතකට කල ප්‍රකාශයක් සහිත කොටසක් සංස්කරනයට ලක් කිරීමෙන් මෙම පුවත සකසා ඇති බවත් එහි සටහන් කර තිබෙනවා. එම සටහන පහතින්

https://www.facebook.com/anandasagarathero/posts/3168993569883735?__xts__%5B0%5D=68.ARDics4h1BZKKtKkai3PQN1k7FSB9n_m014qmIMVRoP9-NON29Y8_lB1KuxcPVZlfucrlncvBujzj6qqFX6UfQ5-Rwt3P44LOGIi0ak0VueWW1BtARTgbZE0cXnN1ttbKGTgdo00nv6UuvNLPX804YDGGqwi15u1fnD9-0T7_tNbolboUjxaPViX9xk1Nyx_aOKtbkARLHUSMgr17EavYm820dRz-tOAw73iIxraA1Vp7qtHG-xnJdIhfiSlAiHE5KGdG3NKruGAisYzc0gJSVln0Md4_tSEhuT0fua_uoau9v7V1528DvCjiXqkmV2GHHMtoWahHmx3i37khZlW8PhUhA&__tn__=-R

මෙම ප්‍රකාශයේ සත්‍යතාවය තහවුරු කර ගැනීමට අප ආනන්ද සාගර හිමියන් පසුගිය කාලයේ ප්‍රකාශ නිකුත් කල පුවත්පත් වාර්තා පිලිබඳව සොයා බැලුවා. 2019 මැයි මස 20 වන දින මව්බිම පුවත්පතට සිදු කල ප්‍රකාශයක් සහිත පුවත් පත් සටහනක් මෙසේ එඩිට් කර ඇති බවට අපට තහවුරු කර ගැනීමට අපට හැකියාව ලැබුනා. එම පුවත්පතේ 6 වැනි පිටුවේ පළවූ එම ලිපිය මෙසේය

මව්බිම පුවත්පතේ පළවූ ලිපි සිරස්තලව සහ සංස්කරණ කරන ලද ලිපි සිරස්තලයේ සංසන්දනයක් පහතින්.

මෙම සටහනට අනුව "ජනපතියි අගමැතියි රිශාඩ් බදියුදීන්ට බයද ?"යන පුවත් සිරස්තලයෙන් සටහනේ එම අකුරු සහිත කොටස ඉවත් කර වනාතවිල්ලුවේ හට ගත්තේ ලැව් ගින්නක්..මෙතන කිසිඳු වන සංහාරයක් වෙලා නැහැ. සමාජ මාධ්‍ය වල යන්නේ සාවද්‍ය ප්‍රචාර” යන ව්‍යාජ ප්‍රකාශය එම කොටසට එකතු කරමින් මේ සටහන් සංස්කරණය කර ඇති බව අපට තහවුරු කල හැකියි.

මෙම මව්බිම පුවත්පතේ පලවූ පුවත්පත් වාර්තාව 2019 මයි 20 වැනි දින සුරකිමු ශ්‍රී ලංකා ෆේස්බුක් පි‍ටුවේ ද නිවැරදි පුවත් පත් කොටස සහිතව පලවී තිබුනේ පහත අයුරින්.

https://www.facebook.com/ProtectLK/posts/2297646117156554

මේ සාවද්‍ය සටහන් පිලිබඳ ආනන්ද සාගර හිමියන් දැක්වූ අදහස් මෙසේය.

https://youtu.be/Y9YgIoNrhok?t=32

මේ පිලිබඳ ආනන්ද සාගර හිමියන් විසින් පලකළ මාධ්‍ය නිවේදනයක් පහතින්

Conclusion (නිගමනය)

ඉහත කරුනු සලකා බැලීමේදී අපට තහවුරු වන්නේ වනාතවිල්ලුවේ හට ගත්තේ ලැව් ගින්නක් ලෙස ප්‍රකාශයක් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති ආනන්ද සාගර හිමියන් විසින් සිදු කළා යයි පළවන සටහන් සම්පුර්ණයෙන්ම සාවද්‍ය, ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද සටහන් බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:වනාතවිල්ලුවේ හට ගත්තේ ලැව් ගින්නක් යනුවෙන් ආනන්ද සාගර හිමි පැවසු බවට පළවූ ව්‍යාජ සංස්කරණයක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News