Fact Check : පිලිකාවක් වැලදී ඇතැයි පවසමින් එම පුවත මුහුනුපොතේ හුවමාරු වන තරමට මුදල් ලැබෙන බවට අසත්‍ය සටහනක්

Update: 2020-09-23 11:40 GMT

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය හරහා යම් යම් රෝගී තත්වයන් වෙනුවෙන් ඇතැම් අය මුදල් එකතු කරන අවස්ථා අපට බොහෝ විට දැක ගන්නට පුලුවන්. පුද්ගල අවධානය යොමුවන පරිදි විස්තර සහිතව එකතු කරන මෙම සටහන් කෙරෙහි බොහෝ දෙනෙකු සංවේදී වන අතර රෝගී තත්වයන් සුව කර ගැනීම වෙනුවෙන් මුදල් එකතු කර ගැනිමට බොහෝ දෙනෙකු මෙසේ සමාජ මාධ්‍ය ජාලා හරහා කටයුතු කරන බවක් අපට දකින්නට පුලුවන්. මේ ඇතැම් තොරතුරු නිවැරදි නොවන අවස්තාද අපට නිරීක්ශනය වන අතර මෙසේ පලවන සටහන් පිලිබඳව නිසි පරිදි සොයා බලා කටයුතු කල යුතු වනවා. WhatsApp මඟින් දරුවෙකුගේ ඡායාරුපයක් හුවමාරු කර ගැනීමෙන් එම දරුවාට ආධාර ලැබෙන බවට පළවූ ව්‍යාජ සටහනක් අප පසුගියදා විමර්ශනය කලේ මෙලෙසින්

මෙවන් පසුබිමක තරුනියකගේ ඡායාරූපයක් පල කරමින් ඇයට පිලිකා රෝගය වැලදී ඇතැයි සටහන් කර එම පුවත මුහුනුපොතේ හුවමාරු කරන ලෙස ඉල්ලා සටහනක් “උපස්ථාන සේවා” නම් ෆේස්බුක් ගිනුමක් විසින් මුල් වරට පසුගිය වසරේ පළ කර තිබුනා.මෙම පනිවිඩය ශෙයාර් කරන වාරයක් පාසා ඇයට ශත දහයක මුදලක් ලැබෙන බව තවදුරටත් සඳහන්ව තිබු එම සටහන මේ වන විට තිස්දහසකට අධික පිරිසක් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්.

Original LinkArchived Link

මෙම පුවතට සමානවම එසේ හුවමාරු වූ තවත් සටහන් කිහිපයක් පහතින්.

Original LinkArchived Link
Original LinkArchived Link

කිහිපදෙනෙක්ම මෙය ව්‍යාජ සටහනක් ලෙස හෙලා දකිමින් ප්‍රතිචාර ලබාදී තිබුණද සංවේදී කෝණයකින් හුවමාරු කරගන්නා ලෙස ඉල්ලීමක් කර තිබු මෙවැනි සටහන් බොහෝ දෙනා මෙය හුවමාරු කරගෙන තිබු බැවින් මෙසේ ෆේස්බුක් හරහා හුවමාරු වන සටහනකට මුදල් ලබාදේ දැයි යන කරුණ පිලිබඳ සොයා බැලීමට අප තීරනය කලා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)

මෙම ඡායාරුපය ඇතුළු සටහන් ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ෆේස්බුක් හරහා බොහෝ සෙයින් හුවමාරු වූ පුවතක් බව අපට දක්නට ලැබුනා. මෙම ඡායාරූපයේ සිටින අය පිලිබඳව නිශ්චිත තොරතුරක් අපට සොයා ගැනීමට නොහැකි වූ නමුත් ෆේස්බුක් සටහනක් හුවමාරු වන ප්‍රමානයට මුදල් ලබා ගත හැකිද යන්න පිලිබඳව අප කරුනු සොයා බැලුවා.

මෙසේ ෆේස්බුක් මගින් හුවමාරු වන තරමට මුදල් ලබා දෙන පුවත සම්බන්දයෙන් ෆේස්බුක් වෙබ් අඩවියෙන් ප්‍රශ්න කර තිබුනු අවස්ථා ඇත්දැයි අප සොයා බැලුවා. මේ ආකාරයෙන් ෆේස්බුක් පරිශීලකයන් අසා තිබුනු ප්‍රශ්න වලට ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් පිලිතුරු සපයා ඇති බව අපට දැකගන්නට ලැබුනා.

"I have seen many people share photos and videos saying that you give money to someone in that photo or video for sharing it?"

මෙසේ මුහුනුපොතේ ඡායාරූප සහ වීඩියෝ පට හුවමාරු වන ප්‍රමාණයට මුදල් ගෙවනවාද ලෙසින් ඇසූ ප්‍රශ්නයට පිලිතුරු ලෙස ෆේස්බුක් නියෝජිතයකු පවසා ඇත්තේ කිසිම විටෙක ඔවුන් ෆේස්බුක් සටහන් හුවමාරු වන තරමට ගෙවීම් සිදු නොකරන බවයි.එමෙන්ම එවැනි සටහනක් හුවමාරු කර මුදල් එකතු කරන බව දැක්වෙන සටහන් ඔවුන් වෙත වාර්තා (රිපෝට්) කරන ලෙසටත් ඔවුන් දක්වා තිබෙනවා

Link

මේ තවත් එවැනිම ෆේස්බුක් පරිශීලකයෙකු අසා තිබුනු පැනයකට ෆේස්බුක් නියෝජිතයෙකු දක්වා තිබුනු පිලිතුරක්.

Link

මෙම පැහැදිලි කිරීම් වලට අනුව මෙම පුවත අසත්‍ය එකක් බව පැහැදිලිය.

මේ පිලිබඳව වැඩි දුරටත් කරනු සොයා බැලීමේදී මෙසේ ෆේස්බුක් හරහා ඡායාරූප හුවමාරු කරන තරමට මුදල් හිමිවනවාද යන්න පිළිබඳව විදේශ වෙබ් අඩවි විසින් කරුනු වාර්තා කර තිබුනේ පහත අයුරින්,එම වෙබ් අඩවි ද වාර්තා කර තිබුනේ මෙසේ ෆේස්බුක් හි ඡායාරූප හුවමාරු කරන ප්‍රමාණයට මුදල් ලැබෙන ක්‍රමයක් නොමැති බවයි.

Link
Link

වැරදි ලෙස හුවමාරු වන තොරතුරු වල සත්‍යතාවය පිලිබඳව සොයා බලන ඉන්දීය කරුණු විමර්ශන කණ්ඩායමක් වන Factly විසින් ඔවුන්ගේ යූටූබ් නාලිකාවෙන්ද මුහුනුපොතේ හුවමාරු වන තරමට මුදල් ලබා දෙන බවට පැවසෙන පුවත නිවැරදි නොවන බවට වීඩියෝ පටයක් මගින් පසුගිය වසරේ පැහැදිලි කර තිබෙනු අපට දැකගන්නට ලැබුනා.

Link

එම වීඩියෝ පටයේ මෙම පිලිකාව වැලඳුනා යැයි ඡයාරූපයේ දක්වා ඇති සටහනද භාවිතා කරමින් එසේ ෆේස්බුක් හි හුවමාරු වන තරමට මුදල් ලබා දෙන තොරතුර වැරදි එකක් බවට දීර්ග ලෙස විස්තර කර තිබෙනු අපට දැකගන්නට ලැබුනා.

ෆේස්බුක් සමගම විසින් මෙවැනි රෝගී තත්වයන් ඇතුළු විවිධ අවස්ථා සඳහා අරමුදල් සපයා ගැනීම සඳහා අරමුදල් සම්පාදනය කරගැනීමේ ක්‍රමයක් (Fundraiser) හඳුන්වා දී ඇත. ඒ පිළිබද විස්තර මෙතනින් . Facebook Social Good හරහා ද මෙවැනි කාර්යයන් සඳහා ආධාර එකතු කිරීමේ කටයුතු සිදුකරනු ලබයි

Also Read: Fact Check: පිටරටක නෙවෙයි… පාස්කු ප්‍රහාරයේ බෝම්බ අත්දැකීමට මුහුණ දුන් දරුවෙක්

Conclusion (නිගමනය)

මේ අනුව සලකා බලන කල අපට තහවුරු වන්නේ ෆේස්බුක් සමාජ ජාලයේ ඡායාරුපයක් හුවමාරු වන තරමට මුදල් ලබා දෙන ක්‍රමයක් නොමැති බවයි.ඒබැවින් පිලිකා රෝගී තත්වයක් හේතුවෙන් රෝගී තත්වයකට පත්ව ඇතැයි පවසා එය හුවමාරු වන තරමට මුදල් ලැබෙන බවට උපස්ථාන සේවා නම් ෆේස්බුක් පි‍ටුව වාර්තා කර ඇති සටහනේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව අපට තහවුරු කල හැකියි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:Fact Check : පිලිකාවක් වැලදී ඇතැයි පවසමින් එම පුවත මුහුනුපොතේ හුවමාරු වන තරමට මුදල් ලැබෙන බවට අසත්‍ය සටහනක්

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News