Fact Check : ඉහල තලාවවැව ප්‍රතිසංස්කරණය මුවාවෙන් ගස් කපා දමා සිදුකල විනාශයක් යනුවෙන් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

Update: 2020-09-25 12:09 GMT

මහා පරිමාණයේ ගස් කැපීම් වැනි පරිසර විනාශයන් පසුගිය මාස කිහිපය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගිය බව ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා තුළින් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණි. මෙවන් පසුබිමක “ඉහල තලාවවැව ප්‍රතිසංස්කරණය මුවාවෙන් අවුරුදු සිය ගණනක් පැරණි ගස් කපා දමා ඇති අයුරු මේ..වැවේ තැනින් තැන හාරා දාල විතරයි..මොනාද බං මේ රටට වෙන්නේ මුන් ඔක්කොටම පිස්සු හැදිලා වගේ ගස් කපන්නේ” යනුවෙන් පළවූ සටහනක් බොහෝ පිරිසක් අතර හුවමාරු වී තිබු අයුරු නිරීක්ෂණය විය.

LinkArchived

“අවුරුදු සිය ගණනක් පැරණි ගස් කපා ප්‍රතිසංස්කරණය කළ ඉහළ තලාව වැව” සිරස්තලයෙන් Newsfirst.lk ප්‍රවෘත්ති වෙබ් අඩවිය ඉදිරිපත් කළ වීඩියෝ පටියක් සහිත ප්‍රවෘත්තියක් මේ සඳහා මුල්වී ඇති බව දැක ගන්නට ලැබුණි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තලාව නගරය අසල පිහිටි වැව ප්‍රතිසංස්කරනය කිරීමේදී වසර 100කට වඩා පැරණි ගස් විශාල ප්‍රමාණයක් කපා දමා තිබු බවට වාර්තා කර තිබු එම පුවත පහතින්

LinkArchived Link

මෙම ප්‍රවෘත්තිය යොදා ගනිමින් වෙනත් ෆේස්බක් පිටු කිහිපයකද සටහන් ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණි. තවද මෙම සිදුවීම මෑතකදි සිදුවූවක් නොවන බව පෙන්නුම් කරන සටහන් ද අපට දැකගනන්ට ලැබුණි.

LinkArchived Link

පරස්පර විරෝධී අදහස් දෙන මෙම සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන් දෙකෙහිම අන්තර්ගත කරුණු තහවුරු කර ගැනීම පිණිස අප මහවැලි අධිකාරියේ එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කාර්යාලය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. ව්‍යාපාර සහකාර කළමණාකාර (ඉංජිනේරු) අපට පවසා සිටියේ 2016 වසරේ වැව් බැම්ම කැඩුණු පසු යුද හමුදාව විසින් වැලිකොට්ට දමා තාවකාලිකව පීළිසකර කළ බවය. ප්‍රදේශවාසි ගොවි ප්‍රජාව මෙම වැව සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරනය කරන ලෙස ඉල්ලීමක් කළද, මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම නිසා එය කරගත නොහැකි වූ බව පැවසීය. 2017 ඇස්තමේන්තුවට අනුව රුපියල් මිලියන 40 ක පිරිවැයක් මේ සඳහා අවශ්‍යය තිබිණි. තත්වය මෙසේ තිබියදී ලෝක බැංකුවේ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට අවස්ථාවක් උදා වූ බවත්, ඒ අනුව පාරිසරික සාක්ෂාත් අධ්‍යයනයක් ඇතුළුව සියලුම ලෝක බැංකු බැංකුවේ කොන්දේසි පූර්ණ කළ පසු, 2019 වසරේ සැප්තැම්බර් මස නියමිත පටිපාටිය අනුගමනය කරමින් තෝරාගත් කොන්ත්‍රාත්කරු වෙත ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා භාර දෙන බවත් පවසා සිටියා.

ඉහළ තලාව වැව් කණ්ඩියේ විශාල මාර ගස් ප්‍රමාණයක් තිබුණු අතර වියපත්වීම නිසා මෙම ගස් වර්ෂාව සමග එන සුළඟ නිසා ඉදිරි වැටී බිම වැටීමේ අවදානමක් පැවතුණි. මෙම මාර ගස් වසර ගණනාවක්ම පැරණි නිසා, එහි ශාක මුල් විශාල ප්‍රදේශයක විසිරී තිබුණු අතර ගසක් ඉදිරී බිම වැටෙන සෑම විටකම වැව් කණ්ඩියට බරපතළ හානි සිදු වන බව නිරීක්ෂණය වී තිබේ. එබැවින් මෙම ව්‍යාපෘතියේදී ගස් කපා ඉවත් කිරීම අනිවාර්ය වූ අතර ලෝක බැංකුව විසින් ඔවුන්ගේ අධ්‍යයනයෙන් පසු කැපීමට අවසර දී තිබුණේ ගස් 61ක් පමණි. මෙම මාරගස් වල වාණිජ වටිනාකම ඉතාම අවම බැවින් රාජ්‍ය දැව සංස්ථාවද මේ සඳහා ඉදිරිපත් වීමට මැලිකමක් දැක්වූවද අවසානයේදී ගස් කපා ඔවුන් විසින් ඉවත් කර ගන්නා ලදී. ඒ අනුව රාජ්‍ය දැව සංස්ථාව විසින් 2020 වසරේ ‍පෙබරවාරි පාරේ මාර ගස් නමින් හඳුන්වන ගස් 58ක්ද, කොහොඹ ගස් දෙකක්ද කෝන් ගසක්ද කපා කපා කඳන් ඉවත් කර ගත් අතර, දිරාපත්ව තිබූ බෝගසක් සහ ගොඩ කිරිල්ල ගසක් ද කපා දමන ලදි. දැව සංස්ථාව විසින් ගසේ මුල කොටස ඉවත් කර නොගෙන ඇත. වැවේ ඇති රොන්මඩ ඉවත් කිරීමට විශාල මුදලක්වැය වන අතර ඔවුන්ගේ ඇස්තමේන්තුවෙන් මේ සඳහා මිලියන තුනක ප්‍රතිපාදන සපයා තිබුණද, එහි ඇති රොන්මඩ ආයතනික ගාස්තුවක් අයකර ඉවත් කර ගැනිමට ප්‍රදේශවාසීන්ට අවසර ලබා දී ඇත. එමෙන්ම වැව් බැම්මේ තිබු යෝග්‍ය නොවන පස්ද ඉවත් කර දැනට වැවේ ඇති අතර එයද සාධාරණ මිළකට විකිණීමට කටයුතු කර ඇත. වැව් බැම්ම සෑදීමට අවශ්‍ය පස් වැව් පතු‍ලෙන්ම ලබා ගැනීමට කටයුතු කර ඇති බවත්, ව්‍යාපෘතිය දෙසැම්බර් මස අවසාන වනවිට වැවිපතුලේ පස්ගැනීමට කැණීම් කර ඇති වලවල් සමතලා කර වැව් පතුල සම මට්ටමකට ගෙන එ්මට කටයුතු කර සැළසුම් කර ඇත. මෙම රොන්මඩ ඉවත් කිරීමට සහ වැව් බැම්ම ප්‍රතිසංසකරනයට අවශ්‍ය පස් සඳහා වැව් පතුල කැණීමට භූ විිද්‍යා සහ පතල් කාර්‍යාංශයෙන් බලපත්‍ර පවා නිසි ආකාරයට ලබා ගෙන ඇති බවත් අපට දැනගනන්ට ලැබුණි.

ගස් කැපීම පිළිබඳව රාජ්‍ය දැව සංස්ථාවේ කලාප කළමණාකරතුමා සිරස ප්‍රවෘත්ති සේවයට කළ ප්‍රකාශයක් සැප්තැම්බර් මස 16 දින සවස ප්‍රවෘත්ති විකාශයේ දක්නට ලැබුණි. එහිදි ඔහු පවසා සිටියේ නිසි ටෙන්ඩර් පටිපාටිය අනුව යමින් මිළ ගණන් කඳවා, රාජ්‍ය දැව සංස්ථාවේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් ලවා ගස් මුලින් කපා ඉවත් කර එම ස්ථානයේදීම කඳන් සහ දර ලෙස ඉවත් කිරීමට කටයුතු කළ බවත් පැවසුවේය.

https://youtu.be/G_WMJnY5dVg?t=1406

අනුරාධපුර දැව සංස්ථා කාර්යාලයේ කළමනාකාරතුමා සමඟ ද දුරකතනයෙන් සම්බන්ධ වී වැඩිදුර විස්තර විමසා සිටීමේදී අපට අනාවරණය වුයේද නිසි ටෙන්ඩර් පටිපාටිය හරහා මෙම ගස්වල මුලට උඩ කොටස කපා ඉවත්කර විදිමත් ලෙස කොන්ත්‍රාත්කරු හරහා අලෙවි කිරීමද සිදුකර අවසන් බවයි. ඉතිරිවී ඇති කඳන් මුල් කොටස් ඉවත්කිරීමේ කටයුතු සිදුකරන්නේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරන කොන්ත්‍රාත්කරු මඟින් බවත් අපට දැනගනන්ට ලැබුණි. වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේදී මෙම මාර ගස් වල මුල් ද වැව් බැම්ම තුළට ගොස් බැම්මට හානි සිදුව ඇති බවද අපට දැනගන්නට ලැබුණි. බටහිරින් මෙරටට හඳුන්වාදුන් වෘක්ෂයක් ලෙස සැලකෙන මෙම පාර මාර ගස් ජල ආශ්‍රිතව මුල් හටගන්නා ශාක නොවන බැවින් මේවා වැව් ආශ්‍රිතව සිටුවීම මඟින් මෙම තත්වය හැරගෙන ඇති බව අපට දැනගන්නටද ලැබුනා. කුඹුක් හෝ මී ගස් මඟින් මෙම ප්‍රශ්නය මතු නොවන බවත් බැම්ම ආරක්ෂා කරන බවත් දැනගනන්ට ලැබුණි.

Also Read : අනුරාධපුර රුවන්වැලි මහා සෑය ඉදිරිපිට තිබු පැරණි මාර ගසක් කපාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පළවූ සටහන් පිළිබඳව අප මීට ටික කලකට පෙර සිදුකල විමර්ශනයක් මෙලෙසින්

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඉහළ තලාව වැවේ බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගස් 61 ඉවත් කිරීමට අවසර ගෙන එම ගස් රාජ්‍ය දැව සංස්ථාව විසින් කපා ඉවත් කර තිබුණේ ‍මීට මාස කිහිපයකට පෙර වන අතර, එය මෑතකදි සිදුවූවක් නොවන බවයි. එසේම මෙහි ඇතැම් ගස් වියපත්වීම නිසා වර්ෂාව සමග එන සුළඟ හේතුවෙන් ඉදිරි වැටී බිම වැටීමේ අවදානමක් මෙන්ම මුල් වැව් බැම්ම තුළට ගොස් බැම්මට හානි වීමේ අවදානමක්ද පවතියි

ඒ අනුව “ඉහල තලාවවැව ප්‍රතිසංස්කරණය මුවාවෙන් අවුරුදු සිය ගණනක් පැරණි ගස් කපා දමා ඇති අයුරු මේ..වැවේ තැනින් තැන හාරා දාල විතරයි..මොනාද බං මේ රටට වෙන්නේ මුන් ඔක්කොටම පිස්සු හැදිලා වගේ ගස් කපන්නේ” යන තේමාව යටතේ හුවමාරු වන සටහන් නොමඟ යවන සුළු සටහන් බව පෙනී යයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඉහල තලාවවැව ප්‍රතිසංස්කරණය මුවාවෙන් ගස් කපා දමා සිදුකල විනාශයක් යනුවෙන් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News